WATCH Live CRICKET Select A Channel

23 April 2014

ඉන්න තැන කියන්න බෑ - ඇමැති බදූර්දීනුත් කතා කළා

- වටරැක හිමි කියති
Watareka-Vijitha-Theroබොදු බලසේනා සංවිධානයෙන් තමන්ට ජිවිත තර්ජන එල්ල වී ඇති බැවින් මහා නාහිමිවරුන් මැදිහත් වී ගැටළුව විසඳිය යුතු බව පූජ්‍ය වටරැක විජිත හිමියන් පවසති. එසේ නොවුණහොත් එය සමස්ථ බුද්ධ ශාසනයටම කැළලක් වනු ඇති බවද ඒ හිමි කියති. ඉදිරියට ඉක්මනින්ම මං හිතන විදිහට
මහනායක හාමුදුරුවන් වහන්සේලා මැදිහත් වෙයි කියලා හිතනවා. මොකද? බුද්ධ ශාසනයටත් අභියෝග වන තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඉක්මනින්ම මහා නායක හාමුදුරුවන් වහන්සේලා මැදිහත් වෙලා මේ ප‍්‍රශ්නය විසඳනවා නම් හොඳයි කියලා රටේ ජනතාවත් බලාගෙන ඉන්නවා.”යැයි උන්වහන්සේ පවසති. තමන් වහන්සේට මහියංගණය ප‍්‍රදේශයේ ජීවත් විමට තමන්ට ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් නොමැති නිසා පොලිස් රැකවල් යටතේ ඊයේ (22) රාත‍්‍රීයේ තමන් කොළඹට වැඩිය බවත්දැන් රැඳි සිටින ස්ථානය ප‍්‍රකාශ කළ නොහැකි බවත් විජිත හිමි කියති.
මං දැන් ඉන්න තැන නම් කියන්න බෑ. ඒ තරමටම මා පසුපස ලුහු බඳිනවා. කොතැනකදි හරි ඔවුන් මුණ ගැහුණොත් ඉන්න තැන දැන ගත්තොත් ඒකාන්තයෙන්ම මා පෙති ගහලා කපලා දාන බව කියනවා. ඒ නිසා ඉන්න තැන කියන්න බෑ. සමාවෙන්න ඕනි. රිෂාඞ් බදියුදීන් ඇමැතිතුමත් මන්නාරමේ ඉන්නවා කියලා තමයි එතුමා දුරකතනයෙන් කතා කරද්දි කිව්වේ.” යැයි පවසන විජිත හිමි අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා දුරකථනයෙන් තමන් අමතා සුවදුක් විමසු බවද උන්වහන්සේ විද්‍යූත් මාධ්‍යයට පැවසූහ.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK