මහේලට සහ සංගාට විනය පරීක්ෂණ
සිදු කිරීමට යාම තකතීරු තීරණයක් - තිලංග සුමතිපාල කියයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් මෙරට ජනතාව ඈත් කරන වැඩ පිළිවෙළක් කලක සිටක්‍රියාත්මක වූ බවත්, විවිධ අවස්ථාවන්හිදී ක්‍රීඩකයින් විසින් තරඟ පාවා දුන්බවට චෝදනා එල්ල කිරීම්, පදනම් විරහිත විනය චෝදනා මතුකිරීම්, ලෝක කුසලානයපරාජයට පත්වූ අවස්ථාවේදී එයද ක්‍රිකට් ක්‍රීඩකයින් හිතාමතා කළ දෙයක් බවටඉස්මතු කිරීමට ක්‍රිකට් බලධාරීන් උත්සාහ කිරීම් කළ බවත් මන්ත්‍රීවරයා සිහිපත්කළේය.
ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳ කතා කිරීම පුස්සක් බවත්, එය ඉතා හිරිකිත බවත්, ක්‍රිකට් සභාපතිවරයා යනු පිටුපස දොරෙන් පැමිණ හොරෙන් වාඩි වූවෙකු බවත්සුමතිපාල මහතා කියා සිටියේය.
මෙවැනි අකාරුණික පසුබිමක් යටතේ ක්‍රිකට් කණ්ඩායම විසින් අත්පත්කර ගන්නා ජයග්‍රහණවල නිසි ගෞරවය ක්‍රිකට් පාලක මණ්ඩලයට නොලැබේ.ඒ නි
ආසියානු ශූරයන් බවට පත්වෙමින් ජගත් කීර්තියක් අත්පත් කරදීමට මුල් වුණු මහේලජයවර්ධන හා කුමාර සංගක්කාර වැනි ක්‍රීඩකයන්ට මෙවැනි විනය පරීක්ෂණ යෝජනාකිරීම තුළින් රටක් ලෙස ලැබූ ජයග්‍රහණය හෑල්ලුවට ලක්වන බවත්, මෙවැනි තකතීරුතීරණ ගනු ලබන ක්‍රිකට් පරිපාලකයින් එකී තනතුරුවලට සුදුසුද යන්න වර්තමානය විසින් වහා තීරණය කළයුතුව ඇති බවත් සුමතිපාල මහතා සඳහන් කළේය.
ආසියානු කුසලානය දිනා ගැනීමත් සමග කෝටි ගණන් මුදල් සමග ඇදී එනඅනුග්‍රාහකයන් පිළිබඳ මෙහිදී රටක් ලෙස සිතිය යුතුව තිබේ.තමන්අනුග්‍රහය දක්වන්නේ විනයක් නොමැති කණ්ඩායමකට බැව් ඔවුන් කල්පනා කළහොත් ක්‍රිකට්ක්‍රීඩාවේ උන්නතිය සඳහා රටට ඇදි එන ප්‍රතිලාභ නොලැබී යන බවත්, ඒ නිසාම මෙවැනිප්‍රශ්නයකදී රටක් ලෙස සලකා තීන්දු තීරණ ගත යුතුව ඇති බවත් මන්ත්‍රීවරයාපෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් 20/20 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමදිවයිනට පැමිණි අවස්ථාවේදී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විනය කමිටුවේ අදහස් විමසා සිටීමට ශ්‍රී ලංකා කි‍්‍රකට්
ශ්‍රී ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී (21) පැවැති විධායක කමිටුරැස්වීමේදී මෙම තීරණය ගනු ලැබ ඇති අතර ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේවිනය කමිටුවජනාධිපති නීතීඥ පාලිත කුමාරසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුවකි‍්‍රයාත්මකය.
විස්සයි 20 අන්තර්ජාතික කි‍්‍රකට් තරගවලින් සමුගැනීම සම්බන්ධයෙන් තමන්ගෙන්නොවිමසා මාධ්‍යයට අදහස් දැක්වූයේ යැයි මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරදෙදෙනා පසුගිය 8 වැනිදා දිවයිනට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා කි‍්‍රකට්ආයතනයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුට චෝදනා කරන ලදී.
පසුව ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහේල සහසංගක්කාර විසින් නගන ලද චෝදනා ප්‍රතික්ෂේප කළා සේම ඒ පිළිබඳ ඉදිරික්‍රියා මාර්ග නොගන්නා බවද පවසා තිබිණි.
කෙසේ වුවද මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ක්‍රීඩකයින් දෙපළට එරෙහිවවිනය පරීක්ෂණයක් සඳහා පසුබිම සකස් කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.