මැණික් කොල්ලයේ රහස් ආරක්ෂක කැමරාවලින් අසුවේ 02-05-2014
මෝටර්
රථය කුළියට ලබාගෙන ඇත්තේ ගොඩකවෙල ප්‍රදේහයේ පුද්ගලයකුගෙනි. ඔහුගේ නිවසේ
දින තුනක් තිස්සේ රැඳී සිටි පොලිස් නිලධාරින් කුලියට ගත් එම මෝටර් රථය
නැවත භාර දීමට පැමිණී අවස්ථාවේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
එක්
සැකකරුවෙකුට අයත් ඇඹිලිපිටියේ පිහිටි නිවසේ තිබී කොල්ලකන ලද මැණික් ගල්
08ක් සොයාගත් පොලිසිය කොල්ලකන ලද අනෙක් මැණීක්ගල හොරණ ප්‍රදේශයේ
පුද්ගලයෙකුට අලෙවිකර තිබියදී සොයාගෙන ඇත. මිලියන ගණනක් වටිනා එම මැණික් ගල
විකුණා තිබි ඇත්තේ රුපියල් අනූ දහසකට බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මෙම
කොල්ලයට සම්බන්ධ අරාබි ජාතික ඇඳුමින් සිටි ෂේක්වරයෙක් බව කී පුද්ගලයා ගැන
මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත. මෙම කොල්ලයට සැකපිට මෙයට පෙර ප‍්‍රභූ
ආරක්‍ෂක අංශයක සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුද අත්අඩංගුවට ගත්තේය.