WATCH Live CRICKET Select A Channel

02 May 2014

උසස් පෙළ ප්‍රතිඵල වලින් 22 වෙනියා වූ සිසුවිය නැවත සමීක්ෂණ වලින් 02 වෙනියා වේ 02-05-2014

ලාංකීය දේශපාලනයට ගිය කල අද වන විට භහුතරයක් දේස පාලුවන් අධ්‍යාපන අංශය වෙතද ගෙන එමින් සිටී.දරුවකු විභාගයකට ඉදිරිපත් වන්නේ දැඩි බලාපොරොත්තු රාශියක් ඇතුවය.නමුදු අද වන විට එම දරුවන් කෙතරම් දක්ෂ ආකාරයට විභාග පරීක්ෂන වෙත මුහුණ දුන්නද ලැබෙන ප්‍රතිපල ගැන කිසදු විස්වාසයක් තැබිය නොහැක. මන්ද දැන් අධ්‍යාපන අංශයේ සිදුවන අකර්මන්‍යතා එමටය.මෙසේ සිදුවූ (නිවැරදි කළද,) නිවැරදි කල නොහැකි වරදක් ගැන අපට තොරතුරු ලැබී ඇත.

එනම් පසුගිය අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය ගැනය.එහි විසි දෙවැනි ස්ථානය ලබා ගත් සිසුවිය නැවත පරීක්ෂණ ප්‍රථිපල වලින් පසුව දෙවැනි ස්ථානයට පත්ව ඇත.ඇය දෙවැනි තැනට පත් වෙද්දී තවත් දරුවන් 21 දෙනෙකුගේ ස්ථානයන් මාරු වේ.ලංකාවේ අධාපනයට අත්වී ඇති කළදසාව මෙයින් අවබෝධ කරගත හැක.

පොදු විෂය ධාරාව යටතේ පසුගිය උසස්‌ පෙළ විභාගයට පෙනී සිට දිවයිනෙන්ම විසි දෙවැනියා (22) බවට පත්වූ කොළඹ මියුසියස්‌ විදුහලේ නිලැසි නිසිතා ලියනගේ ශිෂ්‍යාව නැවත සමීක්‍ෂණ ප්‍රතිඵලවලින් පසුව දෙවැනි ස්‌ථානයට (2) පත්ව සිටියි.

ඉංග්‍රීසි සාහිත්‍ය සහ ඉතිහාසය යන විෂයයන්වලට ~~ඒ~~ සාමාර්ථයන් ද භූගෝල විද්‍යාව සඳහා ~~සී~~ සාමාර්ථයද ලබමින් ඇය විසි දෙවැනි ස්‌ථානයට පත්වූයේ ඉසඩ් ලකුණු 2.2900 ක්‌ ලබමිනි. භූගෝල විද්‍යාව උත්තරපත්‍ර්‍ර නැවත සමීක්‍ෂණය සඳහා අයෑදුම් කිරීමෙන් පසුව ~~සී~~ සාමාර්ථය වෙනස්‌වී එම විෂයය සඳහා ද ~~ඒ~~ සාමාර්ථයක්‌ ලැබී එම විෂය ධාරාව යටතේ දෙවැනි ස්‌ථානයට පත්වීමට හැකිවී ඇත. ඉසඩ් ලකුණද 2.7311 ක්‌ දක්‌වා වැඩිවී තිබේ.

නැවත සමීක්‍ෂණ ප්‍රතිඵලවලට පෙර දිවයින තරාව (ඍ්බන) 22 වූ අතර කොළඹ තරාව 9 ලෙස ලැබී තිබිණි.

මෙම විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිටියේ දෙදහසකට ආසන්න අයෑදුම්කරුවන් පිරිසකි. ගණිත, විද්‍යා, වාණිජ හා කලා යන විෂය ධාරා යටතේ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට සාපේක්‍ෂව මෙම විෂයධාරාව යටතේ පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව ඉතාමත් අවම මට්‌ටමක සිටින හෙයින් හොඳම ප්‍රතිඵල ලබන අයදුම්කරුවන්ගේ නාමලේඛනයක්‌ විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකරයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK