WATCH Live CRICKET Select A Channel

02 May 2014

තහනම් කරන ලද ඇලිගේටර් ශාකය නැවතත් වෙළඳපොලට 

මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි මීට කලකට පෙර තහනම් කරන ලද ඇලිගේටර් ශාකය නැවතත් බහුල වශයෙන් බුත්තල සහ වැල්ලවාය සතිපොළයන්හී අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.
මුකුණුවැන්න ශාකයට සමාන ලක්ෂණයකින් යුත් මෙම ශාකය, මිනිස් සිරුරට අහිතකර බැවින් සෞඛ්‍ය අංශ විසින් තහනම් කරන ලද

ශාකයක් වේ.
මෙම ශාකය මුකුණුවැන්න ශාකය සමඟ මිශ්‍ර කර වෙළඳපොලේ අලෙවිය සඳහා තබා ඇති බව පාරිභෝගිකයේ පවසති.
අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඇසු කළ එම අමාත්‍යංශය පවසා සිටියේ මේ සම්බන්ධයෙන් යම් පියවර ගත හැක්කේ කෘෂිකර්ම අමාත්‍යංශයට බවය.
එසේම කෘෂිකර්ම අමාත්‍යංශය කියා සිටියේ තහනම් කරන ලද ශාකයක් අලෙවිය සඳහා නැවතත් පවතින්නේ නම්, මේ පිළිබඳ නිතීමය පියවර ගැනීම පොලීසියේ කටයුත්තක් වන බවයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK