WATCH Live CRICKET Select A Channel

06 May 2014

06-05-2014 |පියයුරු ලැබීමට හේතුව පහදා කිරි දෙන උද්ගෝෂණයක්

කාන්තාවන්ට ස්වභාවධර්මයෙන් පියයුරු ලබාදී ඇත්තේ දරුවන්ට කිරිදීමට යැයි පවසන එංගලන්ත මව්වරු පිරිසක් නොටින්හැම් ප්‍රාන්තයේ වෙළෙඳ සංකීර්ණයක් වටලමින් දරුවන්ට කිරිදෙමින් විරෝධතාවයක යෙදී තිබෙනවා. ඒ එම වෙළෙඳ සංකීර්ණයේ පිහිටි Sport Direct  ඇඳුම් සාප්පුවේදී තුන්මස වියැති දරුවෙකුට මව්කිරි ලබාදුන් කෝමර් නැමැති 25 හැවිරිදි මවක සාප්පුවෙන් ඉවත් කිරීමට විරෝධය දැක්වීමටයි.



පසුගිය ජනවාරි මස තම සැමියා සමඟ ඇඳුම් මිලදී ගැනීමට ගොස් සිටියදී මෙලෙස සාප්පු සංකීර්ණය තුළ දරුවාට මව්කිරි දීම ආයතනික නීති රීති වලට පටහැනි බව පවසා තමාට සාප්පුවෙන් ඉවතට යන ලෙස වෙළෙඳ සැල් කාර්යය මණ්ඩලය බලපෑම් කළ බවට චෝදනා කරමින් කෝමර් සාප්පු සංකීරණයේ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කර ඇත. කෙසේ නමුත් මේ වනතුරු Sport Direct සාප්පු සංකීර්ණයේ නිලධාරීන් කෝමර්ගෙන් සමාව ගෙන නොතිබීම නිසා කුපිතවූ මව්වරු පිරිසක් අද (30දා) දින සාප්පු සංකීර්ණය ඉදිරිපිටත්, අභ්‍යන්තරයේත් තම දරුවන්ට මව්කිරි දෙමින් විරෝධය දක්වා තිබේ.


මෙම විරෝධයට එක්වෙමින් විරෝධතාව සංවිධානය කළ ලෙයා ගිබ්සන් පවසන්නේ කුසගින්නෙන් හඬන තම දරුවාට මව්කිරි පෙවීම අපරාධයක් සිදුකරනවා වැනි හැඟීමකින් සිදුකිරීමට වර්තමාන මව්වරුන්නට සිදුවී ඇති බවයි.
එසේම ඇය පවසන්නේ කාන්තාවකගේ පියයුරු පිහිටා ඇත්තේ දරුවන්ට කිරිදීමට බව විශ්වාස කරන පිරිමින් ප්‍රතිශතය ශීඝ්‍රයෙන් අඩුවී ඇති බවටත්, කාන්තාවකගේ පියයුරු පිරිමින් ආකර්ෂණය කරගැනීමට පිහිටි අවයවයක් ලෙස සිතා පිරිමින් කටයුතු කරන නිසා මෙවන් අවාසනාවන්ත තත්ත්වයකට කාන්තාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවත්ය.
කෙසේ නමුත් එංගලන්තයේ ජනාකීර්ණ ස්ථාන රැසක දරුවන්ට ප්‍රසිද්ධියේ මව්කිරි ලබාදීම තහනම් කටයුත්තක් වෙයි. මේ නිසාම එංගලන්තයේ Baby Milk Action සංවිධානයේ සභාපතිනිය පවසන්නේ ප්‍රසිද්ධ ස්ථානවලදී දරුවන්ට මව්කිරි දීමේ අයිතිය නීතියෙන් තහවුරු කරන තෙක් කාන්තාවන් අඛණ්ඩව අරගල කළයුතු බවයි.




Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK