WATCH Live CRICKET Select A Channel

07 May 2014

මද සරු පුද්ගලයින්ට හොද ආරංචියක්

ප්‍රවේණිගත දෝශ හේතුවෙන් නිසරු බව ලැබූ පුරුෂයන්ගේ සමෙන් මුල් අවධියේ ශුක්‍ර සෛල  නිර්මානය කළ හැකි බව පර්යේෂකයෝ පිරිසක් කියති. නිසරු පුරුෂයන් යනු ස්වභාවික තත්ත්වයන් යටතේ  ස්ත්‍රියක් ගැබ් ගැන්වීම සඳහා අවශ්‍ය තරම් හැකියාවක් නොමැති පුද්ගලයන්ය. විද්‍යාඥයන් පවසන්නේ ඔවුන්ගේ ශුක්‍රාණුවල ජීවී බව අඩු බවයි.
පර්යේෂකයන් පවසන්නේ ඉදිරි අනාගතයේදී මෙම තාක්ෂණය හේතුවෙන් ශුක්‍රානු ජනනය කිරීමට නොහැකි පුරුෂයන්ට
අලුත් බලාපොරොත්තු ගෙනෙන බවයි.

මේ පිලිබඳව ප්‍රධාන පර්යේෂකවන  ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ ස්කන්ධ සෛල ජීව විද්‍යා සහ පුනර්ජනක වෛද්‍ය ඒකකයේ ආචාර්ය රෙයිජෝ පේරා පවසන්නේ ඔවුන්ගේ මෙම ප්‍රතිඵල පළමුව පරික්ෂණාත්මක ආදර්ශයන් ලෙස පවත්වාගෙන යාමට ශුක්‍රානු වර්ධනය සම්බන්ධ අධ්‍යනයන්ට ලබාදෙන බවයි.

සමේ සෛල උපයෝගී කරගෙන තත්ත්වයෙන් උසස් මුල් අවධියේ ශුක්‍රාණු සෛල විශාල ප්‍රමාණයක් තැටියක ජනනය කිරීම මෙහිදී සිදුකැරේ. ඉන් අනතුරුව නිසරු පුද්ගලයන්ගේ වෘෂණයන්ට කෙලින්ම බද්ධ කිරීමේ හැකියාව ඇති බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.

දැනට සිදුකැර ඇති පරීක්ෂණ අනුව ලෝක ජනගහණයෙන් සියයට 10ත් 15ත් අතර පිරිසක් නිසරු තත්ත්වයේ බලපෑමට නතුව ඇත. ඒ අතරින් ප්‍රවේණිගත ගැටළු වැඩිම ප්‍රමාණයකට මුහුණ දෙන්නේ පිරිමි පක්ෂයයි.  මේ නව සොයා ගැනීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK