WATCH Live CRICKET Select A Channel

07 May 2014

07-05-2014 |බිරිඳට පහර දී යෝනියට මිරිස් කුඩුත් දාලා

දෙදරු මවක්‌ වූ සිය බිරිඳට අතින් පයින් පහරදී ඇයගේ ලිංගික ප්‍රදේශයට මිරිස්‌ කුඩු තැවරූ සැමියකුට රුපියල් 25,000 ක ශරීර ඇපමත මුදහරින ලෙසද මෙම නඩුව සමථ මණ්‌ඩලයට යොමු කරන ලෙසද කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා නියෝග කළේය.

මෙහි සැකකරු වූයේ කළුතර උතුර මල්වත්ත පාර පදිංචි මහගෙදර ගමගේ රුවන් ප්‍රසන්න නමැත්තෙකි.සිද්ධිය වූ දින බීමත්ව නිවසට පැමිණි සැමියා අමානුෂික ලෙස පහරදී කුස්‌සියට ගොස්‌ මිරිස්‌ කුඩු බෝතලය ගෙන බිම පෙරළා සිය ස්‌ත්‍රී යෝනියට මිරිස්‌ කුඩු දැමූ බව ඇය පොලිසියට කළ ප්‍රකාශයේ දැක්‌වෙන බව කළුතර උතුර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රශාන්ත සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

වසර 14 කට පෙර මෙම යුවළ විවාහවී ඇතැයිද ඔවුන්ට වසර අටක, වසර 1 1/2 ක දරුවන් දෙදෙනකු සිටින බවද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK