WATCH Live CRICKET Select A Channel

07 May 2014

07-05-2014 |ශ්‍රී ලංකාව අපට පූජනීය භූමියක් ඔබේ රටටත් පූජනීයත්වයෙන් සලකන්න - ලෝක තරුණ සමුළුවේ දී ජනපති කියයි -

අප ශ්‍රී ලංකාව පූජනීය භූමියක් සේ සලකන්නා සේම ඔබත් ඔබ ජීවත් වන රට පූජනීය භූමියක් සේ සලකන ලෙස ලෝක තරුණ සමුළුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.  හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ ආරම්භ වූ ලෝක තරුණ සමුළුවට සහභාගි වූ නියෝජිතයන් අමතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසීය.

තමන්ගේ රට වෙන කිසිදෙයකට දෙවැනි වෙන්න බැහැ. ඒ වගේම මොන දේ රටට දෙනවා කිව්වා ඒ වෙනුවෙන් තමන්ගේ රට කැප කරන්න බැහැ. තමන් තුළ රට ගැන ඇති ආදරයට බාධා කරන්න බාහිර බලවේගයන් ඇති වෙන්න
පුළුවන්.

රටවල්වලට එන බලවේග නැති කරල තමයි ලෝකය වඩා හොඳ ලෝකයක් බවට පත්කරන්න පුළුවන් වෙන්නේ. අපට ආවේණික සංස්කෘතීන් සිරිත් විරිත් සම්ප්‍රදායන් රැක ගනිමින් තමයි සියලු දේ අප කළ යුත්තේ යැයි ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
15 වැනි ලෝක තරුණ සමුළුව ඊයේ හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝන් විලියම් ඈෂ්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ වි‍ශේෂ දූතයා වන අහමඩ් අල්හෙන්දාවි, රටවල් 148 ක නියෝජිතයන් 750ක් ඇතුළු 1500ක පමණ පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

මේ පිරිස අතර රටවල් 29ක තරුණ කටයුතු පිළිබඳ ඇමැතිවරුන් සහභාගි වී සිටියහ.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK