WATCH Live CRICKET Select A Channel

09 May 2014

09-05-2014 |කොළඹ දන්සැල් 200ක් ලියාපදිංචියි


dansalවෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත දන්සැල් 200ක හිමිකරුවන් මේ වන විටත් කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තුවේ ලියා පදිංචි වී ඇතැයි එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා සඳහන් කරයි. මෙම දන්සැල් පැවැත්වෙන ස්ථාන පිළිබඳව පරික්ෂා කිරීමේ කටයුතු
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැනටමත් ආරම්භ කර ඇතැයි හෙතෙම පැවසීය. 

පානීය ජල පහසුකම්, කැළි කසළ බැහැර කළ හැකි ක්‍රමවේදයන් නිසි පරිදි තිබෙන්නේද,ඉඩකඩ පහසුකම්,ආහාර පිසින භාජන ක්‍රමවත්ම පිරිසිදු කළ හැකි ස්ථානයක් හා පිසින ලද ආහාර සුරක්ෂිතව තැබිය හැකි ස්ථාන තිබේද යන්න පිළිබඳව මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විශේෂ සොයා බැලීමක් කරනු ලබයි. එම යටිතල පහසුකම් සියල්ල සපුරා ඇත්නම් පමණක් දන්සැල පැවැත්වීමට අවසර ලබා දෙන බවද කාරියවසම් මහතා පැවසීය.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK