WATCH Live CRICKET Select A Channel

09 May 2014

09-05-2014 |කොම්පඤ්ඤවීදියේ ෆාමසියේ ලිංගික උත්තේජන


Medicin


කොම්පඤ්ඤවීදියේ නීති විරෝධී අන්දමින් පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානයක් හා ෆාමසියක් වටලා ලක්ෂ දෙකකට ආසන්න ඖෂධ තොගයක් අත්අඩංගුවට ගැනීමට ජාතික ඖෂධ අධිකාරිය ක්‍රියා කැර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැට ලීම කළ බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්තබෙනරගම මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් ඖෂධ අතර ලිංගික උත්තේජනයන් ලබා දෙන ඖෂධ හා ප්‍රතිජීවක ඖෂධ විශාල සංඛ්‍යාවක් අත් අඩංගුවට ගත් ඖෂධ අතර තිබු බව හෙතෙම පැවසීය. සෙන්ටිග්‍රේට් අංශක 2ත්8ත් අතර උෂ්ණත්ව පරාසයක තැබිය යුතු ඉන්සියුලින් එන්තත් තොගයක් සෙන්ටිග්‍රේට් අංශක 13ක උෂ්ණත්ව පරාසයක ගබඩා කරතිබූ බව මෙම වැටලීමේදී සොයා ගෙන ඇත.
තවද කල් ඉකුත් වු ඖෂධ හොඳ ඖෂධ සමඟ ගබඩාකර තිබු බවත් එම කල් ඉකුත් වු ඖෂධ සියල්ල අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද වෛද්‍ය බෙනරගම මහතා පැවසීය. වෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව ඖෂධ අලෙවි කිරීමටද මෙම ෆාමසියේ සිටි පුද්ගලයා කටයුතු කර ඇති අතරම වායු සමීකරණය කර නොතිබුණ බවද පැවසේ.
මේ අතර මෙම ස්ථානයේ චැනලින් සේවාවක් පවත්වාගෙන ගිය අතර එහි වෛද්‍යවරයෙන් ලෙස පෙනී සිටි පුද්ගලයා වැටලීම සිදුකරන මොහොතේ පැන ගොස් අතැයිද වෛද්‍ය බෙනරගම මහතා පැවසීය.
මෙහි තවත් වෛද්‍යවරු 12 දෙනෙකු චැනලින් සේවාවට පැමිණෙන බවට තොරතුරු ලැබි ඇති බැවින් ඒ පුද්ගලයින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචිව සිටින්නේද යන්න සොයා බැලීම දැනටමත් ආරම්භ කර ඇත. මෙම වෛද්‍ය මධ්‍යස්ථානය හා ෆාමසිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවද අධිකාරියේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK