WATCH Live CRICKET Select A Channel

09 May 2014

09-05-2014 |මහනුවර හා ගාල්ල නගර වලටත් ලෝක බැංකු බැල්ම වැටෙයි

මහනුවර හා ගාල්ල නගර වලටත් ලෝක බැංකු බැල්ම වැටෙයිමහනුවර සහ ගාල්ල නගර අලංකරණය කරමින් මූලික නගර සේවා පුනරුත්ථානපනය කිරීම සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 147 ක ණය මුදලක් අනුමත කර ඇත. මෙම ව්‍යාපෘති දෙක මගින් එම ප්‍රදේශවල ජනතාවට සමතුලිත ආර්ථික අවස්ථාවන් ඇති කිරීම සඳහා ඉලක්ක කර තිබෙන අතර මහනුවර හා ගාල්ල නගරවල තිබෙන රථ වාහන තදබදය අඩු කිරීම සඳහා වැඩ කටයුතු සිදුකරන බවද සඳහන්ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සහ මාදවයින සම්බන්ධයෙන් පත්කර තිබෙන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ, ෆ්‍රැන්කොයිස් ක්ලොට්ස් පවසා තිබෙන්නේ දුප්පත්කම අඩුකරමින් ආර්ථිකය වර්ධනය කිරීම සඳහා මනා සම්බන්ධතාවයකින් යුතු යටිතල පහසුකම් පද්ධති වලින් සම්බන්ධ වන නගර අවශ්‍ය වන බවයි.මෙම ව්‍යාපෘතිය යටතේ මහනුවර සහ ගාල්ල නගරවල තෝරා ගන්නා පොදු ස්ථාන සහ නගර සේවා සංවර්ධනය කරන අතර වැඩි වැදගත් කමක් ලබාදෙන්නේ අබලන්ව ඇති නාගරික යටිතල පහසුකම් පුනරුත්ථාපනය කිරීම සඳහායි. මේ යටතට, මහනුවර නගරයේ   රථ වාහන තදබදය කළමනාකරණය, පොදු ප්‍රවාහන සේවාව, ජල සම්පාදන පද්ධතිය දියුණු කිරීම අයත් වනබව සඳහන්ය. ගාල්ල නගරයේ ගංවතුර පාලනය කිරීමටත්, මහජනයාට රැඳී සිටීමට තිබෙන ස්ථාන වැඩි කිරීමටත් මෙම ව්‍යාපෘතිය යටතේ බලාපොරොත්තු වේ.
මෙම ව්‍යපෘතිය සිදුකරනු ලබන්නේ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසිනි. මේ වනවිටත්, ලෝක බැංකුවේ ණය අධාර මත කොළඹ නගරය සංවර්ධනය කිරීමේ වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK