WATCH Live CRICKET Select A Channel

10 May 2014

10-05-2014 |පිට කොටුවේ අපි SALE වෙයි උම්මා...

වෙනදාට වඩා කොළඹ නගරය සවස් යාමයේදී මගී ජනයාගෙන් පිරී යන්නේ සිකුරාදා දිනයක් නිසා. රැකියාවන් සඳහා කොළඹ පැමිණ සිටින බොහෝ දෙනා සති අන්තයේ නැවත නිවෙස් බලා යන්නේ නගරයේ තදබදය වැඩි කරවමිනි.

සියලු දේ වේගවත් ය. ලහි ලහියේ තම නිවෙස් බලා යෑමට උනන්දුවන මිනිස්සු අතර නිසොල්මන්ව සිට කිසියම් දෙයකට ඉව අල්ලමින් සිටින එක්තරා තරුණියක් වෙත හදිසියේ මගෙ නෙත ගැටුණා. මා තරුණිය දෙස විමසිල්ලෙන් බලා සිටියේ ඇය කරන්නට යන දේ පිළිබඳවයි.කීයක් ඕනද? තරුණයෙකු විත් ඇයගෙන් විමසනවා ඇසිණි. රූම් එකටත් එක්කම එක්දහස් අටසියයක් ඕන.

ඇය එසේ කීමෙන් පසු මට සියලු දේ වැටහුණි. ඇය ජංගම ගණිකාවකි. එවැනි ආකාරයේ ගණිකා කතුන් රාත්‍රි කාලයේදී කොළඹ නගරය තුළ ඕනෑ තරම් දැක ගන්නට පුළුවනි. මෙසේ තමන්ගේ ශරීරයට ලංසු තබන්නේ ජීවත්වීමට ඇති අපහසුතාව නිසාද නොමැතිනම් වෙනත් කරුණක් නිසාදැයි කීම අසීරුය.

මාංශ කතුන් ගැන තව තවත් විස්තර දැනගැනීමට මට තිබුණේ යාන්තමින් වාගේ කුතුහලයකි. අහම්ඛෙන් වගේ මිත්‍රයකු මට මුණගැසුණේ එවැනි ස්ථානයකට යෑමට කිසියම් ඉඟියක් ලබා දෙන්නාක් ලෙසටය.

මචං මං දන්න නියම පොට් එකක් තියෙනවා. බලන්න ඕන නම් යන්න පුළුවන් මගේ මිතුරා එසේ කීමෙන් සිත තුළ පැවැති කුතුහලය තවත් වැඩිවිය. නිවසට යෑමට පැමිණි කාර්යය පසුවට දමා ගණිකාවෝ ගැන විස්තරය සෙවීමට එතැන් සිට අප සූදානම් වීමු.

තැනින් තැන දැල්වෙන විදුලි ආලෝක මධ්‍යයේ මහ පාරදිගේ ශරීරයට ලංසු තබන ගණිකාවන්ගෙන් ටිකක් ඔබ්බට ගොස් හොර රහසේ ක්‍රියාත්මක කරන ගණිකා පොට් එකකට ගොඩවීමට අප සූදානම් වීමු.
අපි ත්‍රිරෝද රථයකින් එවැනි කතුන් සිටින ස්ථානයක් කරා ගියෙමු. ත්‍රිරෝද රථයෙන් බසිනවාත් සමඟ පැමිණියේ එක්තරා මුස්ලිම් මිනිසෙකි. ඔහු එහි තැරැව්කරුවෙක් වන්නට ඇත. අලුත් අවුරුද්දට එන ඥාති පිරිසක් පිළිගන්නවා සේ ඔහු අපව පිළිගත් බවක් පෙනිණි.

එන්න මහත්තයෝ මහත්තයලට කොහොම කෙනෙක්ද ඕන? ඔහු ඇසීය. අපිට ඉන්න කට්ටියව බලන්න ඕන.

මිතුරා එසේ කීමෙන් පසු තැරැව්කරු අපිව ඇතුළට එක්කාගෙන ගියේය. ඇතුල්වෙන තැන පුටුවක් දමාගෙන එක් අයකු වාඩි වී සිටිනු දැකගන්නට ලැබිණි. බොහෝ විට ඒ මෙම ස්ථානයේ ඉදිරිපෙළ ආරක්‍ෂකයා විය යුතුය.
තැරැව්කරුවා අපිව එක් කාමරයකට කැඳවාගෙන ගියේ ඉන් අනතුරුවය. එහි සිටියේ විවිධ ජාතිවලින් යුත් රුවැත්තියන් කීපදෙනෙකි. මහත්තයලට කැමැති කට්ටිය මෙතැන ඉන්නවා. මෙයා නම් සිංහල, මෙයා දෙමළ, මෙයා මුස්ලිම් ආදී වශයෙන් එක් එක් කතුන් ගැන අපට විස්තර කළේය.

අපි දෙමළ වුණාට සිංහල හොඳට කතා කරන්න පුළුවන්. එක් දෙමළ තරුණියක් අප දෙස රාගික බැල්මක් හෙළමින් එසේ කිව්වාය.

මෙයාලගෙ වයස එහෙම කොහොමද? මගේ මිතුරා තැරැව්කරුගෙන් අසන්නට විය.

අයියෝ හලෝ... වයස බලන්නේ මොනාටද අරගෙන බලන්නකො අපේ වැඩ. එක් කටකාර තරුණියක් සිනහවක් පාමින් එසේ කිව්වේ තමා මේ කටයුත්තට ගැළපෙනම කෙනා බවට ඒත්තු ගන්වමිනි. පසුව තවත් කාමරයක් වෙත තැරැව්කරු අපව කැඳවාගෙන ගියේය. එහි සිටියේ යාන්තමින් තරුණ වියට පා තැබූ රුවැත්තියන් කිහිපදෙනෙකි.

‘හුරුබුහුටි කෙල්ලො ටික මහත්තයෝ. ඒ වුණාට වැඩ සුපර්. අරගෙන බලන්නකො මං කියනවාට.’

ගාන කීයද?

හාරදහස් පන්සීයක් ඕන. රූම් එකටත් එක්කමයි. නියම කෙල්ලො ටික මහත්තයෝ.

අපෝ ගාන වැඩියිනේ. මිත්‍රයා තැරැව්කරුට කීය. වැඩි නෑ මහත්තයෝ. මං කියනවට මෙන්න මෙයාව අරගෙන බලන්නකො පොඩි කෙල්ල. අද තමා ගෙනාවෙ.

මේ කට්ටිය ගැළපෙන් නැති බව පවසා අප තවත් කාමරයක් වෙත ගියෙමු. තැරැව්කරු විසින් එම කාමරයේ ‍දොරට තට්ටු කළේ පාතිමා.... වශයෙන් තරුණියකට කතා කරමිනි. සුළු මොහොතකින් තරුණිය ‍දොර යාන්තමට විවෘත කර මුහුණ පමණක් එළියට දැමුවාය. තවත් බිස්නස් එකක්ද? දැනුයි එකක් ඉවර වුණේ පාතිමා තැරැව්කරුට කීය. ඔව්. පොඩ්ඩක් එළියට එන්න. මේ මහත්තයලට ඔයාව බලන්න ඕනෙලු. තැරැව්කරු තරුණියට කතා කළේය. කෙටි වේලාවකින් අඩ නිරුවතින් සැරසුණ ඇඳුමකින් තරුණිය එළියට ආවාය. ඇය අප දෙස බලා හිසෙන් පැමිණෙන්න යනුවෙන් ආරාධනාවක් කළා සේ අපට දැකගන්නට ලැබිණි.

මෙයාගෙ ගාන කීයද?

මෙයාටත් හාරදහස් පන්සීයක් ඕන. මුස්ලිම් කෙල්ල. තව අය ඉන්නවද? බොහෝ වෙලා නිහඬව සිටි මිතුරා තැරැව්කරුගෙන් ඇසීය. ඉන්නවා හැබැයි ගාන වැඩියි. තැරැව්කරු අපව එක්කාගෙන ගියේ තවත් එක් කාමරයක් වෙතය. කාමරයේ ‍දොරට තට්ටු කිරීමෙන් පසුව ‍දොර විවෘත විය. එක් තරුණියක් ඇඳේ වැතිරී සිටියාය. අනෙක් තරුණිය දුරකතනයෙන් කාටද කතා කරමින් සිටියාය. බොහෝ විට ඇය කතා කරමින් සිටියේ ඇයගේ ප්‍රේමවන්තයා සමඟ බව ඇය කතා කළ ඉරියව්වෙන් මට සිතිණි. ‘කොල්ලට දෙයියන්ගේ පිහිටයි’ කියා මට ඉබේටම හිතුණේ තරුණියගේ වැඩ ගැන ප්‍රේමවන්තයා නොදනින බව හිතපු නිසාය.

මේ තමා මෙතන ඉන්න ලස්සනම කෙල්ලො දෙන්නා. මෙයා සිංහල, මෙයා මුස්ලිම්. තැරැව්කරු නැවතත් තරුණියන් ගැන ගුණ වර්ණනා කළේය.

දුරකතනයෙන් කාවද අමතමින් සිටි තරුණිය මා දෙස බලා ඇසක් ගසා ඉඟි කළේ ඇයගේ සුහද ආරාධනාව පිළිගන්වමිනි. වයස කීයද? මිතුරා ඇසුවේ මුස්ලිම් තරුණියගෙනි. මට දාඅටයි. මෙයාට විස්සයි. තරුණිය කීය.
අප පැමිණියේ කොළඹ සිටින මාංශ කතුන් ගැන විස්තර දැනගැනීමට මිස වෙනත් කටයුත්තකට නොවන බැවින් මෙතැනින් ඉවත්වීමේ අවශ්‍යතාව තිබිණි. නමුත් තැරැව්කරු කෙසේ හෝ ගනුදෙනුවකට මාට්ටු කිරීමට නොගත් උත්සාහයක් නැත. ඕනනම් අපේ තව ලොජ් එකක් එහා පැත්තෙ තියෙනවා. එහෙ මීටත් වඩා හොඳ කෑලි ඉන්නවා ඕන නම් බලන්න පුළුවන්. අපි ඒමට සූදානම් වන අවස්ථාවේ පසුපසින් විත් තැරැව්කරු එසේ කීය.
එතැනින් නික්මුණේ තවත් එවැනි පොට් එකකට යෑමේ අපේක්‍ෂාවෙනි. බොහෝ විට ගණිකා ව්‍යාපාර ක්‍රියාත්මක වන්නේ ත්‍රිරෝද රථ රියැදුරන් මාර්ගයෙන් නිසා එවැනි රියැදුරකු අපේ වැඩේට උපයෝගි කර ගැනීමට අපි ක්‍රියා කළෙමු. රාත්‍රියේදී මාවතක් දිගේ අප පයින් ඇවිද එන විට එක්තරා ත්‍රිරෝද රථ රියැදුරෙක් අපට මුණ ගැසිණි.

මල්ලිලා පොට් එකක්ද හොයන්නේ? යනව නම් නියම තැනක් තියෙනවා. ත්‍රිරෝද රථ රියැදුරා අපට කීය.

අනතුරුව එම රියැදුරා සමඟ රියැදුරු කී කතුන්ගේ පොට් එකට යන්නට සූදානම් වීමු.

මල්ලිලාට ඕන නිදහසේ විඳින්න පුළුවන් තැනක්ද? මං දන්න නියම පොට් වගයක් තියෙනවා.

කතුන්ගේ පොට් සෙවීමට යන අතරේදී ත්‍රිරෝද රථ රියැදුරා සමඟ මා පොඩි කතාවකට මුල පිරීය.

කොහේද අයියෙ මෙහෙ හොඳ පොට් තියෙන්නේ? ත්‍රිරෝද රථ රියැදුරා කොළඹ නගරයේ ඇති ගණිකා පොට් ගැන එකින් එකට අපට පැහැදිලි කරන්නට විය.

‘දැන් ඉස්සර තරම්ම පොට් නෑ. ටිකක් අඩුයි. දැන් මෙතැන හිටියා නියම කෑලි දෙකක්. අපරාදෙ මල්ලිලා පරක්කුයිනේ. කෙල්ලො දෙන්නා දැක්කම ඇඟ හිරිවැටෙනවා` උන් දෙන්නා මේ දැන් ගියේ. අපරාදේ..... වයස කීයක් විතරද? අපි එසේ කිව්වේ කතුන් ගියාට පොඩි හිතේ අප්සට් එකක් තියාගෙනය. අවුරුදු විස්සේ කෙල්ලො දෙන්නෙක්. නියම කෑලි දෙක.

මල්ලිලාට ඕන ආතල් එක නිදහසේ විඳින්න පුළුවන් තැනක්ද? එහෙම නැත්නම් ෆොරින් කෑලි වගයකුත් ඉන්නවා. ඕනනම්. එහෙනම් ෆොරින් කෑලි ටික බලන්න යමු. මා එසේ කිව්වේ කලින් පොට් එකේ අපේ රටේ කෙල්ලන් දැකපු නිසාය.

හැබැයි මල්ලි ගාන ටිකක් සැරැයි. පැයට රුපියල් අටදාහක්වත් යනවා. ඒ වුණාට නියම කෑලි ටික. සාමාන්‍යයෙන් උන් යන්නේ හොඳ වාහනවලින් එන සල්ලිකාරයො එක්ක විතරයි. ප්‍රශ්නයක් නෑ. මම වැඩේ කතාකරලා දෙන්නම්කෝ.

ත්‍රීවීල් රියැදුරා එසේ කීමෙන් අපගේ හිත දිනාගන්නා ආකාරය ඔහු අපේක්‍ෂා කළේය. ෆොරින් කෑලි බැලීමට යන අතර තුරදී රියැදුරා තව තවත් ගණිකා කතුන් ගැන අපට විස්තර කළේය.

පාරේ ඉන්න කෙල්ලො නම් මෙලෝ වැඩක් නෑ මල්ලි. තව මේ ළඟ තියෙනවා ඒ වගේ ඕන තරම් පොට්. ඒවයේ ඉන්නේ කුඩු ගහන උන් වගයක්. රුපියල් 500ට 1000ට වුණත් කතා කරලා දෙන්න පුළුවන්. ඒත් එවුන් වැඩක් නෑ. මං ගෙනියන තැන බලන්නකො. නියම නිදහස් පොට් එකක්.

නියම නිදහස් පොට් එකේ විස්තර දැනගැනීමට තිබූ කුතුහලය තවත් වැඩිවුණේ ත්‍රීවීල් රථ රියැදුරාගේ එම කතාවෙනි. ෆොරින් කෑලි බැලීමට ප්‍රථමයෙන් රියැදුරා අපව තවත් ස්ථානයකට ගෙන ගොස් රථය නතර කළේය.
රියැදුරා රථයෙන් බැස සුළු වේලාවකින් පසු තව අයෙක් සමඟ අප කරා ආවේය. මල්ලි නියම කෑලි වගයක් ඉන්නවා. දහඅටේ කෙල්ලො දෙන්නෙක්. ත්‍රීවීල් රථ රියැදුරා එසේ කිව්වේ තරුණියක් ගැන පොඩි වර්ණනාවක්ද පාමිනි.

ගාන කීයක් වෙනවද? මා ඇසීමි.

එක්කෙනෙකුට නවදාහයි. දැන් මෙතෙන්ට වාහනයක් එයි. මල්ලිලාට ඕන නම් ඒකෙම නැඟලා යන්න පුළුවන්. කෆල් එකක් වගේ තමා රූම් එකට දාන්නේ. හුරුබුහුටි පොඩි කෙල්ලො දෙන්නෙක්. අනික පොලිසියට කියලා බය වෙන්න හේතුවකුත් නෑ.

ඒ මොකද? මගේ මිත්‍රයා ඔහුගෙන් ඇසීය.

රූම් එකට කෆල් එකක් විදියටනේ දාන්නේ. අනික මේ වැඩේ කරන කෙනා හොඳ වැඩ්ඩෙක් තමා. ඒක නිසා පොලිසියෙන් කිසිම කේස් එකක් නෑ.

අපිට බලන්න පුළුවන්ද? බලන්න දෙයක් නෑ මල්ලි. බලනවානම් අනිවාර්යෙන් ගන්නත් වෙනවා. දැන් කාර් එකක් එයි. ඒකෙම එහෙමම නැඟලා යන්න. මුදල් නොමැති බව පවසා එතැනින්ද අප ගැලවුණේ මහත් ආයාසයක් දරමිනි. නැවතත් ත්‍රිරෝද රථ රියැදුරා අප සමඟ කතාවට මුලපිරුවේ ඉන් අනතුරුවය.

අපරාදෙ මල්ලි. නියම කෑලි දෙක. වයස දහඅටේ පොඩි කෙල්ලො දෙන්නෙක්. රුපියල් නවදාහකට පාඩු නෑ. අයියට ෂුවර්ද පොලිසියෙන් පනින් නැහැ කියලා...? පිස්සුද මල්ලි. මේකෙ ගතමන්ට් එක පොලිසියටත් යනවා. අනික හොඳ ලොක්කෙක් මේ වැඩේ කරන්නේ. රියැදුරා සිදුවූ දේ ගැන පසුතැවුණා සේ කතාකළා පෙනෙන්නට තිබිණි. බොහෝ විට එම ගනුදෙනුව සිදුවූවා නම් රුපියල් දෙතුන් දහසක ගතමන්ට් එකක් ලබාගැනීමට ඔහුට ඉඩ තිඛෙන්නට ඇත. ත්‍රිරෝද රථ රියැදුරාට ලාභය අහිමිවීමේ සුළු වේදනාවත් සමඟ අපව එක්තරා ස්ථානයකට ගෙන ගියේය.

මේක චයිනීස් රෙස්ටුරන්ට් එකක්. ඇතුළෙ ඉන්නේ චයිනීස් කෙල්ලො වගයක්. හැමෝටම ඇතුළට යන්න දෙන්නෙ නෑ. ඉස්සෙල්ල බිල පේ කරන්න ඕන.

අපට බලන්න විදියක් ඇත්තෙම නැද්ද? අප රියැදුරාගෙන් විමසීමු. බිල පේ කරන්නෙ නැතුව ඇතුළට යන්න දෙන්න බෑ. චුට්ටක් ඉන්න බලන්න යනුවෙන් රියැදුරා පවසා එක් අයකු සමඟ දුරකතනයෙන් කතා කළේය.
අනතුරුව මා පමණක් එක්කාගෙන ගොස් යාන්තමට ඉදිරිපස ‍දොර විවෘත කරමින් ඇතුළ පෙන්වීය. සැබැවින්ම එහි සිටියේ සුපිරි පැලැන්තියේ සල්ලිකාරයන් සමඟ යන්නට සැරසුණ සුරූපී තරුණියන් පිරිසකි. ඔවුන් ඒ මොහොතේදීත් කිසියම් මත්පැන් වර්ගයක් පානය කරමින් සිටිනවා දැකගන්නට ලැබිණි.

මෙයාලගෙ ගාණ කීයක් වෙනවද?

පැයට නවදාහයි. රූම් එකේ ගාන ගෙවන්න ඕන. අනික මෙයාලා හැමෝම එක්ක එන්නෙ නෑ. ඕන නම් මට සෙට් කරලා දෙන්න පුළුවන්. සුළු වේලාවකින් එම ස්ථානයේ අයිතිකරු හා තවත් කාන්තාවක පැමිණියාය. මා එම තරුණිය දෙස බැලුවේ තවත් මාංශ කතක් බව සිතාගෙනය. ඒ මල්ලි අර ගියපු අයිතිකාර මහත්තයාගේ නෝනා` රියැදුරා මා දෙස බලා කිව්වේ මා සිතූ දෙය ඔහුට තේරුණ බව නිසාය.

මෙතැන ඉන්න චයිනීස් කෙල්ලො නිකන් කට්ටිය එක්ක යන්නෑ. මෙයාලව ගෙනියන්නෙ ගොඩක් ක්ලබ්වලට. කැසිනෝ කාරයෝ තමා වැඩි හරියක් අරගෙන යන්නෙ. එතැනදී දෙන්නම බීලා පොඩි ෆන් එකක් ගන්නවා. එතැනින් තමා කෙල්ල ඕන දේකට ෆිට් වෙන්නේ.

ටික වේලාවකින් අර කියපු චීන තරුණියෝ කිහිපදෙනෙක් එළියට විත් වාහනයකට ගොඩවනවා දැක ගන්නට ලැබිණි. අපි යමු. ත්‍රිරෝද රථ රියැදුරාට එසේ කිව්වේ ළඟ තිඛෙන මුදල් ප්‍රමාණවත් නොවන බව අඟවමිනි. මාව චාටර් කරපු එකටයි, ගියපු තෙල් එකටයි හයර් එක රුපියල් අටසීයක්වත් ඕන.


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK