WATCH Live CRICKET Select A Channel

10 May 2014

10-05-2014 |මන්ත්‍රිනීගේ ගෙදර පොලිස්‌ බොඩිගාඩ්ලා වළං සෝදති.. කෑම පිසිති.. හරක්‌ බලති.. කොස්‌ කඩති



ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලද මන්ත‍්‍රීවරියකගේ ආරක්ෂාවට ලබා දී ඇති ඇමති ආරක්‍ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇයගේ නිවසේ හා වතුපිටිවල සේවය සඳහා ‘මෙහෙකාර සේවයේ’ යොදවා ගන්නේ යයි ඔවුන් උසස් පොලිස් නිළධාරියකුට ලිඛිතව පැමිණිල්ලක් කර තිබේ.මන්ත‍්‍රීවරියගේ නිවස හා වත්ත සුද්ධ කිරීම, වත්තේ වැටෙන පොල් ඇහිලීම, ආහාර පාන සකස් කිරීම, මල් පැළවලට වතුර දැමීම, හරක් බැලීම, ඇයට අයත් කුඹුරුවල වැඩ කිරීම
සහ බඩු මුට්ටු ගෙන ඒමට වෙළඳසැල් වලට යෑම වැනි වැඩපොළ රැසක් කිරීමට නිතිපතා සිදු වී තිඛෙන බව මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කර ඇති පැමිණිල්ලේ සඳහන්ය.

ඇයගේ නිවසේ ‘මෙහෙකාර සේවයේ’ නිරත වීමට සිදු වී තිඛෙන නිසා තමන් බලවත් අපහසුතාවන්ට පත්ව සිටින බවත් මන්ත‍්‍රීවරිය හමු වීමට ඇයගේ නිවසට පැමිණෙන විට පවා වැඩපොළවල යෙදීමට සිදු වී ඇති නිසා තමන් දැඩි මානසික ව්‍යාකූලතාවකට ලක් වන බවද පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ පැමිණිලිවල සඳහන්ව ඇත.

තමාට වාහනයේ යෑමට පොලිස්කාරයන් අවශ්‍ය නොවන බව කියමින් ඒ නිසා ගෙදර දොරේ වැඩපළ කරන ලෙසත් ඇය නියෝග කරන බවත් මෙම කොස්තාපල්වරුන් දෙදෙනා තවදුරටත් තම දුක්ගැනවිල්ල උසස් පොලිස් නිළධාරියාට පැමිණිලි කරමින් සඳහන් කර තිබේ.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK