WATCH Live CRICKET Select A Channel

11 May 2014

11-05-2014 |අවංක ලාංකික සිසුවාට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

මෙල්බන් නුවර හොම්ස්ලන්ඩ් සරසවියේ සිසුවෙකු වු චමිදු අමරසිංහ තම ඉගෙනුම් කටයුතු කරගෙන යෑම සදහා කෙටිකාලින රැකියාවක් කෙළේය. 2011 වර්ෂයේ අගොස්තු මස එක්තරා දිනක ඩොක්ලෑන්ඩ් හි චෑනල් 9 රුපවාහිනි නාලිකා ගොඩනෑගිල්ලේ සේවය කරමින් සිටියදී වෑසිකිළියක් මත තිබි ඔස්ට්‍රෙලියානු ඩොලර් ලක්ෂයක් හමුවිය. එම මුදල්වල හිමිකරුවකු නොසිටි නිසා  ඔහු එම  මුදල් පොලිසියට බාරදිමට ක්‍රියා කෙළේය. මේ අතර  පරිගණක තාක්ෂණය පිළිබඳ වෑඩිදුර අධ්‍යාපනය ලෑබිම සදහා චමිදු අමරසිංහ නවසිලන්තය බලා පිටත්ව ගියේය.
එම මුදල්වල හිමිකරුවා සොයා ගැනීමට වසර තුනක් යනතුරුත් ඔස්ට්‍රේලියානු පොලිසිය නොහැකි විය. අවසානයේදි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මුදල්වලට හිමිකම් කියන්නෙකු සොයාගත නොහැකි බවයි. ඔස්ට්‍රේලියානු අධිකරණ තිරණය කළේ අවංකත්වයට ගරු කිරිමක් වශයෙන් චමිදු අමරසිංහට එම මුදලින් ඩොලර් 81,540ක් ලබා දිය යුතු බවයි. ඔහුට ලැබුණු මුදල බර්වින්ඩ් බෞද්ධ විහාරයට පරිත්‍යා කරන බවත්.ඉන් ආබාධිත අයට උදව් කරන්න බලා පොරොත්තු වන බවත් චමිදු පවසයි.
ශ්‍රි ලාංකික තරුණයාගේ මෙම අවංක ක්‍රියාව ඔස්ට්‍රේලියානු මාධ්‍යයට රස පුවතක් විය.
ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදී ඈන්ගන් තොම්සන් තම පුවත්පතට ඔහු ගැන ලිපියක් ලියා ඇත. මේ සිසුවාගේ අවංකත්වය අදහාගත නොහැකි බවත් ඉතා අපහසු ආර්ථික මට්ටමක සිට ඔහු තම අධ්‍යපනය කරගෙන යන බව එම ලිපියේ සඳහන් වේ.  මෙම අවංක තරුණයාට ඔස්ට්‍රේලියානු රජය  හොද වටිනාකමක් ලබා වදී ඇත්තේ එරට පුරවැසි බව පිරිනමමිනි. ඔහු දැන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවෙකි.
(විශෙෂ ස්තුතිය, මෙල්බර්න්ඩ් හි හොම්ස්ලන්ඩ් සරසවියේ සිසුවියක වු දෑනට ඉතාලියේ පාදොවා නුවර පදිංචි රදිකා කවිත්‍රිට)

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK