WATCH Live CRICKET Select A Channel

13 May 2014

13-05-2014 |වික්ටෝරියා දුෂණය කැර ඇත්තේ ඇය සිහිසුන්ව සිටියදී

victoria

ස්ත්‍රී දූෂණය වික්ටෝරියා සිහිසුන්ව සිටිය දී සිදුවූවක් බැවින් ඒ පිළිබඳව ඇයට අමතක විය හැකි තත්ත්වයක් තිබිය හැකි බව වෛද්‍ය කරුණු මත අවධාරණය කළ හැකි යැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර වෛද්‍යඅධිකාරි වෛද්‍ය දම්මි ලුවිස්හේවා මහත්මිය සඳුදා (12) බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේයික් ඝාතන නඩුවේදී පැවසුවාය.
කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ පැවැති නඩු විභාගයේ දී වෛද්‍ය දම්මි මහත්මිය කියා සිටියේ වික්ටෝරියාගේ පියයුරුවල තිබූ ද්වේශ සහගත මිනිස් සපාකෑම් තුවාලවලින්ද මෙම අතවරය පිළිබඳ කරුණු අනාවරණය වන බවයි. රුසියන් ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මහත්මියගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ හා කලවා ප්‍රදේශයේ තිබූ සීරීම්, තැලීම් හා ඉරීම් තුවාල හේතුවෙන් ඇය ලිංගික අතවරයකට ලක් වී තිබෙන බවත් ලුවිස් හේවා මහත්මිය මෙහිදී පැවසුවාය.
එසේම වික‍්ටෝරියාගේ හිසේ මාරාන්තික තුවාලයක් තිබූ බැවින් ඇය ක්ෂණික ශල්‍යකර්මයකට භාජනය කළ බවද සාක්ෂි දුන්නාය.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK