ලෝකයේ විවිධ රටවල විවිධාකාරයේ නායකයෝ සිටිති. ඇතැම්හු අගමැතිවරුන් වන අතර තවත් අය ජනාධිපතිවරු වෙති. මේ අතර කොන්සල්වරු ද සිටිති. අපට සිටින්නේ ද ජනාධිපතිවරයකු බැවින් අප වැඩිපුර දන්නේ එවැනි නායකයන් ගැනය. අප රටේ බොහෝ දෙනකු අප රටේ ජනාධිපතිවරයා හැරුණු විට වෙනත් දන්නා එවැන්නෙකු ගැන ඇසුවොත් බොහෝ දෙනකු නිසැකවම දෙන පිළිතුර නම්, “ඇයි ඇමෙරිකානු ජනාධිපති”? යන්නය.
ඇමෙරිකාවේ ද විවිධාකාර ජනාධිපතිවරු අතීතයේ සිටම සිටියහ. ඒ අතරින් බොහෝ දෙනකු පිළිබඳ විවිධ කටකතා ද අපි අසා ඇත්තෙමු. මෑත ඉතිහාසයේ අප ඇසූ හොඳම කතාව සම්බන්ධ වන්නේ බිල් ක්ලින්ටන්ටය. ඒ ගෑනු හුටපටයක් පිළිබඳවය. නමුත් වර්තමාන ඇමෙරිකානු ජනාධිපතිවරයා වන බැරක් ඔබාමා පාලනය බාරගන්නා විට ඔහු ‘ලකුණු දමාගත්තේ’ සිය යහපත් පවුල් ජීවිතය ද ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කරගනිමිනි. ඔහු සහ ඔහුගේ පවුල පිළිබඳ ලොව පුරා පුවත්පත් සහ සඟරා බොහෝ කතා කරන්නට ඇත. කෙසේ නමුත් පැණි වරකා ගසටත් හෙණ ගසනවා යැයි අපි අසා ඇත්තෙමු. බැරක් ඔමාබාගේ පවුල් ජීවිතය නමැති පැණි වරකා ගසටත් හෙණ ගසාගෙන එන්නේ දැයි සිතෙන තරම් කතා දැන් දැන් ආරංචි වේ. නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුල මොහොතේ ඔහු සිය බිරිඳ වූ මිචෙල් ඔබාමා පසෙක සිටියදී ඔබාමා ඩෙන්මාර්ක් අගමැතිවරිය වූ හෙලේ තෝර්නින්ග් සමග අමුතු ආකාරයේ කතාබහක යෙදී සිටින ආකාරයත්, මිචෙල් ඔබාමා පැත්තකට වී පිපිරෙමින් සිටින ආකාරයත් දැක්වෙන ඡායාරූප අන්තර්ජාලය පුරා පැතිර ගියේය. දැන් ලැබෙන ආරංචිවලට අනුව තත්ත්වය තවත් දරුණු වී ඇති බැව් පෙනෙන්නට තිබේ. අනෙක් අතට තමා දික්කසාද වන්නට සැරසෙන බවට පැතිර යන කටකතා සමග සටනක් කරන්නට ද ජනපති ඔබාමාට දැන් සිදුව තිබේ. මෙය මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිර යන උණුසුම්ම පුවත බවට පත්වී ඇත. මිචෙල් ඔබාමා රහසේම දික්කසාදවීමක් සම්බන්ධව නීති උපදෙස් ලබාගෙන ඇති බව ද දැනගන්නට ලැබි තිබේ. ඇය දික්කසාද නඩුවෙන් බැරක් ඔබාමාගේ දේපළවලින් අඩක් ද ඉල්ලා සිටින්නට සැරසෙන බව පැවැසේ.
ජනපති ඔබාමාගේ ධුර කාලයෙන් අනතුරුව ඔහු හැදී වැඩුණු හවායි කරා යාමට නියමිත බැව් පැවැසේ. මිචෙල් ඔබාමා සහ දියණියන් දෙදෙනා වොෂිංටන් ඩී.සී. හි නතර වනු ඇත. ඔබාමා දික්කසාදවන්නට සැරසෙන බවට කටකතාවක් පැතිර ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවේ. නමුත් මෙවර එය තරමක් දරුණු ආකාරයක් ගෙන ඇති බැව් පෙනේ.
බැරක් ඔබාමා නත්තල් උත්සවය සඳහා හවායි කරා ගිය අවස්ථාවේදී ඔහුගේ අනියම් සම්බන්ධයක් පිළිබඳව යමෙක් මිචෙල්ට පවසා ඇත. ඔබාමා එක්තරා කාන්තාවක සමග හිඳ මිචෙල්ගේ අතටම අසු වූ පුවතක් ද වාර්තාවන අතර එය සියලු මාධ්‍යවලින් වසන් කරන්නට ජනපතිවරයාගේ රහස් සේවාව කටයුතු යොදා ඇත. මේ සම්බන්ධයෙන් ජනපතිවරයා හා බිරිඳ අතර ගැටුමක් ද හටගෙන ඇති බැව් වාර්තා වේ.
මේ ගැටුමෙන් පසුව මිචෙල්, සිය දියණියන් සහ ජනපතිවරයා සමග එක ගුවන් යානයේ වොෂිංටන් කරා පැමිණීම ද ප්‍රතික්ෂේප කොට ඇත. නමුත්
ධවල මන්දිරයෙන් ලැබෙන දූෂමාන ආරංචිවලට අනුව නම් ජනපති යුවළ දැනටමත් දික්කසාද වී හමාරය. නමුත් ජනපති ධුරය අවසන්වන තෙක් ලෝකයාට පෙනෙන සේ ඔවුහු තවමත් ‘පවුල් කන’ බව ප්‍රදර්ශනය කරති. අනෙක මිචෙල්, බැරක් ඔබාමා සමග එක කුටියේ සැතපීමෙන් ද වැළකී වෙනම කාමරයක පදිංචි වී සිටින බැව් ද පැවැසේ. එමෙන්ම චිකාගෝ හි ඇති ඔවුනට ඇති නිවහනේ වූ බැරක් ඔබාමාට අයත් බඩු බාහිරාදිය ඉවත් කරන්නට ද මිචෙල් ක්‍රියාමාර්ග ගෙන ඇති බැව් පැවැසේ. කෙසේ හෝ මේවා හුදෙක් කටකතා පමණක් නොවන බව අපට ද හැඟී යන්නේ ගින්නක් නැතිව දුමක් නොනගී යන අපේ පිරුළ සිහියට නැංවෙන විටය.