WATCH Live CRICKET Select A Channel

15 May 2014

‘සිද්ධාර්ථ චරිතය නිසා සාමාන්‍ය ජීවිතයේදී කෙළිලොල් වෙන්නත් මට බය හිතුණා 15-05-2014

ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍යයේ සිදුහත් කුමරා හිමන්සු සෝනි

Sri-siddartha1ශ්‍රී ගෞතම සම්බුද්ධ’ එහෙමත් නැත්නම් බුදුන් වහන්සේගේ චරිතය ප්‍රතිනිර්මාණය කළ ටෙලි නාට්‍යය මේ දිනවල බොහෝ දෙනෙක් අතර ජනප්‍රියයි. බුද්ධ චරිතය ටෙලි නාට්‍යයක් ලෙසින් සිංහල බසින් හඬ කවා  විකාශනය වන මුල්ම අවස්ථාව මෙය වන්නටත් පුළුවන්. බුදුන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන වෛශාඛ්‍ය මංගල්‍යය මේ මාසයේ යෙදී ඇතිනිසාද ඇතැම් අය මෙය නරඹන්නට පෙළඹී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. කෙසේ වෙතත් කෙටියෙන් කිවහොත් ශ්‍රී ගෞතම සම්බුද්ධ කියන්නේ මේ දිනවල කවුරුත් කතාබහ කරන ටෙලි නාට්‍යයක්. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය තමයි අපි කවුරුත් දන්න සිදුහත් කුමාරයා. සිදුහත් කුමාරයාගේ පුංචි කාලයේ චරිතය නිරූපනය කළේ වේදන්ත් දත්තානි නම් ළමා රංගන ශිල්පියායි. දැන් ඔබ දකින සිදුහත් කුමරු තමයි කතාව අවසන් වන තෙක්ම පෙනී සිටින්නේ. මේ චරිතයට පණ දෙන්නේ ඉන්දීය නවක රංගන ශිල්පියකු වන හිමන්සු සෝනි. අද අපි ඔහු ගැනයි කතා කරන්න සැරසෙන්නේ.
1989 වර්ෂයේ ජායිපූර් හි වදෝදාර්වල උපන් හිමන්සු රංගන ශිල්පියකු වීමේ බලා‍පොරොත්තුවෙන් 2011 වසරේදී මුම්බායි කරා පැමිණියා. ඔහු මීට පෙර ‘ද්වර්කදීෂ්’,‘රාමායන්’, ‘ත්‍රයිම් පැට්‍රල්’ ‘අදාලත්’ සහ ‘පාර්වරිෂ්’යන නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. ඒ වගේම ඉන්දියානු මාලා නාටකයක් වූ ‘යේ සින්දගි හායි ගුල්ෂාන්’ හි ප්‍රධාන චරිතයක්ද නිරූපනය කළා. ඒත් හිමන්සු ගැන කවුරුවත් කතා කළේ නැහැ. මෙහෙම ඉන්න කොට තමයි ඕභඤඤඩච නමින් ඉංග්‍රීසි බසින් හඳුන්වන, අපි ‘ශ්‍රී ගෞතම සම්බුද්ධ’කියල දැන් නරඹන ටෙලි නාට්‍යයේ ප්‍රධානම චරිතයට පණ දෙන්න ඔහුට අවස්ථාවක් ආවේ.ඔහුට මේ චරිතය සඳහා සුදුසුකම් ලබන්න සෑහෙන කැපවීමක්, වෙහෙසක් ගන්න වුණා කියල තමයි කියන්නේ. හිමන්සු සිද්ධාර්ථ කුමරුගේ චරිතය දක්වා ආපු හැටි මෙන්න මෙහෙමයි කියන්නේ. 
“ඉගෙනගෙන ඉවුර වුණාට පස්සේ මගේ තාත්තාගේ බලා‍පොරොත්තුව වුණේ මම යම්කිසි ස්ථිර රැකියාවක් කරනවා දකින්නයි. නළුවෙක් වෙන්න ඕන කියලා මම කිව්වාම අම්මාවත්, තාත්තාවත් එයට විරුද්ධ වුණේ නැහැ. ටෙලි නාට්‍ය කිහිපයකම විවිධ චරිත නිරූපණය කරලා ඉන්න අතරේ තමයි බි.කේ. මෝඩි මහත්තයගේ නිර්මාණයක් සඳහා මට කතා කළේ. ඇත්තටම මට මේ සඳහා කතා කළ එකත් පුදුමයක් වගේ හිතෙනවා. මගේ පවු‍ලේ අයත් මේ ගැන සතුටු වුණා.
මේ නාට්‍යය සිය ජීවිතයේ තීරණාත්මක මංසන්ධියක් වන බව හිමන්සුට අවබෝධ වුණා. 
“මට මේ චරිතය ලැබුණාට පස්සේ තේරුම් ගියා මේක ආවාට ගියාට කරන්න පුළුවන් චරිතයක් ‍නෙවෙයි කියලා. මම සිද්ධාර්ථ චරිතය. බුදුන් වහන්සේගේ චරිතය, භාවනා ක්‍රම ගැන ලියවුණු ‍පොත් කියවන්න පටන් ගත්තා. මේ චරිතයට තවත රංගන ශිල්පියෙක් ගැනත් නිෂ්පාදක කණ්ඩායම බලා‍පොරොත්තු තියාගෙන ඉන්න බව හදිසියේ මට ආරංචි වුණා. ඉතින් අවසන් තෝරාගැනීමේදී මම මට හැකි උපරිම දක්ෂතාවය පෙන්වන්නයි ඕනෑ කළේ. කොහොම හරි අවසාන පරීක්ෂණයෙන් පස්සේ සිද්ධාර්ථ චරිතය සඳහා මාව තෝරාගත්තා. රූපගත කිරීම් පටන් ගත්තා.”
“මේ චරිතය සඳහා මට කඩු සටන්. ‍පොලු සටන් පුරුදු වෙන්න වුණා. මම ‍පෝලෝ ක්‍රීඩාව කරන නිසා අශ්වයන්ගේ පිටේ යන එක අමුතුවෙන් පුරුදුවෙන්න වුවමනා වුණේ නැහැ”
Sri-siddartha2“කොහොම වුණත් මට මේ චරිතයේ රූපගත කිරීම්වලට පෙර සෑහෙන පුහුණුවීම්වලට සහභාගී වෙන්න සිද්ධ වුණා. රංගන ශිල්පීන් විදියට අපි ‘නව නාට්‍ය රසය’ කියන එක ගැන විශ්වාස කරනවා. ඒ ගැන උනන්දු වෙනවා. ඒත් බොහෝ වෙලාවට අපට එක් චරිතයකින් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ මේ රස නවයෙන් කිහිපයක් පමණයි. සමහර ඒවායෙන් එක රසයයි. නමුත් සියලුම නාට්‍ය රසයත් ඉදිරිපත් කරන්න පුළුවන් විදිහේ චරිතයක් රංගන ශිල්පියෙක් විදියට ගමන ආරම්භ කරන කොටම ලැබුණු එක මගේ වාසනාවක්”
උපතින්ම හින්දු භක්තිකයෙක් වුණත් හිමන්සු මේ චරිතය නිරූපණය කරන්නට තෝරාගත් දිනයේ සිට බුදු දහම ගැන දක්වන්නේ බලවත් උනන්දුවක්. ඔහු පවසන්නේ සිදුහත් කුමරුගේ හා බුදුන් වහන්සේගේ චරිතයට පණ දුන්නු කෙනා විදියට තමන් මිනිසුන් අතරේ ජනප්‍රිය වනවාට කැමති බවයි. එමෙන්ම මේ චරිතයෙන් පසුව බොහෝ දෙනෙක් ඔහුගෙන් ද එවැනි අධ්‍යාත්මික ගුණයක් දකින්නට කැමති වුණු බවයි ඔහු පවසන්නේ. 
“මගේ ක්ෂේත්‍රයේ ඉන්න ඕන කෙනෙක් දන්නවා මේක මගේ ජීවිතයේ එක් චරිතයක් විතරයි කියලා. මට මේ චරිතය මගේ ජීවිතයේ සුවිශේෂී එකක් බව ඇත්ත. ඒත් මගේ රසිකයෝ දැන් මගෙන් බලා‍පොරොත්තු වෙන්නේ අධ්‍යාත්මික ස්වභාවයක්. මම සෑහෙන කාලයක් ගතවෙන තුරු සාද, උත්සව අවස්ථා සෑහෙන ගණනක් මගහැරියා. සාමාන්‍ය තරුණයෙක් හැටියට ඒ වගේ තැන්වලට ගියාම අපි නිදහසේ කෙළිලොල් විදියට හැසිරෙන්න කැමතියි නමුත්, මට බයක් දැනුණා මගේ ප්‍රතිරූපය බිඳී යයි කියලා. ඒ නිසා එහෙම වුණොත් එක් මගේ ඉදිරි ගමනට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්”.
මේ චරිතය ඔස්සේ බුදු දහම ගැන උනන්දුවක් දක්වපු හිමන්සුට දලයි ලාමාතුමා හමුවන්නට දැඩි ඕනෑකමක් ඇතිවුණා. 
“බුදු දහම ගැන උනන්දුව ඇති වුණු මම තීරණය කළා එතුමා හමුවන්න ඕනෑ කියලා. මට දැනුණෙ මේක හීනයක් හැබෑ කරගන්න කරන උත්සාහයක් විදියටයි. එතුමා හමුවුණු මොහොතේ මට දැනුණේ එතුමාගේ සිරුරෙන් රැස් විහිදෙනවා වාගෙයි. මට එහෙම අත්දැකීමක් මීට පෙර ලැබි නැහැ. සිද්ධාර්ථ කුමාරයාගේ සිට බුදුන් වහන්සේ දක්වා මගේ චරිතය වෙනස් වෙමින් පැවතිය කාලයේ තමයි මම දලයි ලාමා තුමාව හමුවන්න ගියේ. මට මේ අවස්ථාව සලසා දුන්නෙ මෝඩි මහත්තයා. එතුමා හින්දු භක්තිකයෙක් වුණත් බුදු දහමේ හා දලයි ලාමාතුමාගේ අනුගාමිකයෙක් දලයි ලාමාතුමාගෙන් මගේ ජීවිතයට ආශිර්වාදයක් ලැබුණා.”

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK