WATCH Live CRICKET Select A Channel

15 May 2014

ගැබ් ගැනීමට සුදානම් වන ඔබගේ පවුලේ සබදතාවය

before prengnancy

දරු සුරතල් බැලීම යනු විශාල බලාපොරොත්තුවක් සැබෑ වීමක් වගේම සුවිසල් අභියෝගයක් සහ වගකීමක් ඔබේ ජීවිතයට ගෙන එන්නක්. මෙම වෙනස්කම් සමග ඔබේ පවුල තුල මනා සබදතාවය පවත්වා ගැනීම සදහා ඔබට මේ පිළිබද සාකච්චා කොට අදහස් හුවමාරු කර ගැනීම ඔබට මහත් සේ උපකාරී වේවි. එහිදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබද අපි අද ඔබව දැනුවත් කරන්නෙමු.

* ඔබේ සහකරු සමග හොඳ සබඳතාවයක් පවත්වා ගන්න

ඔබට සහ ඔබේ සැමියාට දරුවන් වෙනුවෙන් ලබා දිය හැකි හොදම දෙය වන්නේ ආදරණිය විවාහ දිවියක් ගත කිරීමයි. මක් නිසාද යත්, ඔබේ ශක්තිමත් බැදීම ඔබේ පවුලේ අඩිතාලම වනවා සේම ඔබ, ඔබේ දරුවගෙන් අනාගතයේ බලාපොරොත්තු වූ දෙයට ආදර්ශයක් ලෙස ක්‍රිය කරයි. ඔබ සහ ඔබේ සැමියා එකිනෙකාට සමීප වීම පිළිබද සැලකිල්ලට ගන්න. ඔබේ සැමියා සමග කතා බහ කිරීමට කාලය ලබා ගන්න. ඔහුගේ හැසිරීම, දරුවන්ගේ වර්ධනය සහ ඔබේ බලාපොරොත්තු පිලිබදව ඔහු සමග සාකච්චා කරන්න. සාර්ථක අදහස් හුවමාරු කර ගැනීමක් ශක්තිමත් සබදතාවයකට පමණක් නොව, දරුවාට අවශ්‍ය සාමකාමී සහ ධනාත්මක පවුල් පරිසරයක් ගොඩ නගයි.

* ඔබේ ජිවන රටාව ඔබේ සාමාන්‍ය ජිවන රටාව කෙබදු එකක්ද?

සැම දෙමාපියෙක්ම තම දරුවාට පෝෂදයි අහර වේලක් ලබා ගැනීම, නිවැරදි ව්‍යායාම ලබා ගැනීම ආදිය කිරීම මගින් හොඳ ආදර්ශයක් දෙන අතර මත් ද්‍රව්‍ය දුම් වැටි බාවිතා කිරීම නරක ආදර්ශයක් නිසා එයින් වැලකී සිටීම ඉතා වැදගත් වේ. ඔබේ දරුවා හොද පුරුදු ඉගෙන ගන්නා ස්ථානය ඔබේ නිවසයි. එම නිසා ඔබේ තේරීම් පිළිබද සැලකිලිමත් වන්න. ඔබ ගැබ් ගෙන ඇති බව තහවුරු වී ඇත්නම්, මේ පිළිබද ඔබේ සහකරු සමග සාකච්චා කරන්න. විශේෂයෙන්ම ඔබේ ජිවන රටාවේ ලොකු වෙනසක් සිදු විය යුතුනම් ඒ සදහා ඔහුට ඔබට උදවු කල හැකි ආකාරය පිළිබද සාකච්චා කරන්න. ඔබ තවමත් ගැබ් ගෙන නැතත්, ඒ සදහා බලාපොරොත්තුවකින් පසු වන්නේ නම්, මේ පිලිබද සිතන්න. අවසාන මොහොතේ තීරණ ගැනීමක් මගින් අලුත් දරුවෙකු පවුලට එකතු වීම ආතතියක් කර ගන්න එපා. විශේෂ අවධානය යොමු කල යුතු කරුණු පිළිබද කල් වේලා සහිතව විශේෂ අවධානය ලබා දෙන්න.

* බලාපොරොත්තු රහිත පිළිසිද ගැනීම්

දරුවෙකු අනවශ්‍ය වෙලාවක පිළිසිද ගැනීම පිළිබද සිතීම පහසු කටයුත්තක් නොවේ. මෙම තත්වය ඔබට ඔබ පිලිබදව සංවේගයක් ඇති කල හැක. හදිසි ගැබ් ගැනීමක් ඔබව කලබලයට පත් කරවන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී ඔබ වෙනුවෙන් කාලය ලබා දී ඒ සදහා සුදානම් වන්න. මෙහිදී ඔබේ සැමියා ඒ පිළිබද දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. ඔහු සමග අදහස් හුවමාරු කර ගන්න. ඔහුගේ සහය ලබා ගනිමින් එම අවස්ථාවට මුහුණ දෙන්න.

* දැනුවත් වන්න

ඔබ දන්නවද? ඔබ වයස 20-29ත් අතර හොද සෞඛ්‍ය තත්වයෙන් පසු වේනම්, ඔබ ගැබ් ගැනීමේ ප්‍රතිශතය ඔබගේ වයස 30 ට වැඩි අවස්ථාවකට වඩා වැඩි මට්ටමක වේ. මෙම කරුණු පිළිබද අවධානයෙන් සිටීම මෙන්ම මාසයේ ගැබ් ගැනීම සදහා සුදුසු කාලය පිළිබද අවධානයෙන් සිටීම ඔබේ ආතතිය අඩු කර, ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු කාලය පිළිබද අදහසක් ලබා දේ.

* ඔබේ විවාහ දිවිය සමබරව පවත්වා ගෙන යන්න

ඔබ ස්වභාවික ගැබ් ගැනීමක් අපේක්ෂා කරනවා නම් හෝ සාඑල්‍යතාව සදහා ප්‍රතිකාර ලබා ගන්නේ නම් දෙදෙනාම එකම බලාපොරොත්තුවකින් පසු වීම සුදුසු වේ. ප්‍රයෝගිකව ඔබ මේ පිළිබද නිතර කතා බහ කල යුතු වේ. දෙදෙනාම එකම අරමුණකින් ගමන් කිරීම සබදතා වර්ධනයට උපකාරී වේ. මෙම ගැටලුව විසඳීමට කාලය ලබා දීම අනෙක් පියවරයි. දිනපතා මේ පිළිබද සාකච්චා කිරීමට කාලය වෙන් කර ගත යුතු වේ. සවස් කාලයේ විනාඩි 10ක් හෝ 20ක් එසේ නැතිනම් ඇවිදිමින් හෝ රාත්‍රී කමෙන් පසු කාලය වෙන් කොට මේ පිළිබද සාකච්චා කිරීම සුදුසු වේ. අද සමාජයේ එකිනෙකා වෙනුවෙන් කාලය ගත කිරීම, අදහස් හුවමාරු කර ගැනීම විවිධාකාර හේතු නිසා මඟ හැරී යාම සිදුවන බව දැකිය හැක. ගැබ් ගැනීමට පෙරත්, ගර්භණී සමයේත්, ඔබ දෙමාපියන් බවට පත් වුවටත් පසු ඔබ දෙදෙනා අතර නිතරම අදහස් හුවමාරු කරගැනීම, සුහද කතා බහක යෙදීම ආදිය ඔබේ කායික සහ මානසික සුවය ලබා ගැනීමට උදවු වනු ඇත. 




මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "FACEBOOK SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK