WATCH Live CRICKET Select A Channel

21 May 2014

ගීතයක කතාව - සඳකඩ පහණක කැටයම් ඔපලා

Photo: සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී...

ගායක සුනිල් එදිරිසිංහයන්ගේත් රචක වොලීනානායක්කාරයන්ගේත් සංගීත අධ්‍යක්ෂක වික්ටර් රත්නයකයන්ගේත් කුළුඳුල් නිර්මාණ දායකත්වයෙන් පන ලබන සඳකඩ පහණක ගීතය ඇතුලත්ව තිබුනේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ “මාතර ආච්චි” චිත්‍රපටයෙයි.
ගීතයේ අර්ථය සොයා යාමේදී පද වලට විවිධ අර්ථකතන ලබා දීමට ශ්‍රාවකයින් හා විචාරකයන් උත්සුක වී ඇති බව පැහැදිලි වේ.
විටෙක ඇතැමෙක් පැවසුවේ මෙය අරුත් සුන් ගීයක් යනුවෙනි. පද වල සම්බන්දතාවක් හරි හැටි අඳුනා ගත නොහැකි වීමම ගීතයේ පද කෙරෙහි මහා අරුත්බර පෞර්ෂයක් ගෙන දුන්නා යැයි තවකෙකුට කිව හැකිය.

කෙසේ වෙතත් ගීතයේ පද පිළිබඳව එළඹිය හැකි පොදු නිගමනය වන්නේ එය අතිශය පෞද්ගලික ගේය පද රචනයක් බවයි. සාමාන්ය  රසිකයා පමණක් නොව ඇතැම් ගීත විචාරකයින් පවා සඳකඩ පහනක ගීතයට විවිධ අර්ථකතන ලබා දී ඇත්තේ එබැවිනි.......
ගීතයක් ලෙස ඇති සාර්ථකත්වයක් ලැබූ සඳකඩ පහණක ගීතයෙහි අර්ථ රසය පිලිබඳ බොහෝ දෙනා තුල  පැනයක් පැවතුනද මාතර ආච්චි චිත්ර පටය නැරඹීම හා එහි ගීතයට අදාළ සිනමා රූප පෙළ ඈඳා ගැනීම තුලින් පද වල අරුත්බර බවක් මතු කර ගත හැකිය.

චිත්ර පටයට අනුව එහි පෙම්වතාට වැඩි දුර අධ්යාරපනය සඳහා විදේශ ගත වීමට සිදු වෙයි.පෙම් වතියට නිවසෙන් විවාහ යෝජනා පැමිණෙයි.එම බල කිරීම් නිසාම ඇය විවාහ පත්වන අතර නැවත මව්බිමට පැමිණෙන පෙම්වතාගේ සිතුවිලි මෙම ගීතයෙන් විදහා දැක්වීමක් සිදු කෙරෙයි.

සඳකඩපහණක කැටයම් ඔපලා 
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක් 
අකුරු වැලක් දෙහදක ලියැවේ..

සඳකඩ පහනක තිබෙන කලාත්මක කැටයම් ඔප් නංවමින් අ මත වර්ණවත් දේදුන්නක් ලැගුම් ගන්නාක් මෙන් පවතී පෙම හදිසියේ බිඳ දමමින් නික්ම යන්නට සිදු වීම හේතුවෙන් අන් කෙනෙකු සමග විවාහපත් වීමට පෙම්වතියට සිදු වෙයි.
යුගයෙන් යුගයට නොමියෙන දහමක 
දිවියක පදනම මතුවෙද්දී 
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී 
කාලයාගේ අවෑමෙන් නොමියෙන ලෙස ප්රේනමය ස්ථාවර කර ගැනීමට හැකි අයුරින් ජීවිතය තුල ස්ථාවර බවක් පෙම්වතා තුලින් ඇති වෙත්ම පෙම්වතියගේ අකමත්තෙන්ම ඇයව යලි හිමි කර ගත නොහැකි තරම් දුරක (විවාහයක) ගෙනගොස් ඇත..
දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු 
ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
පොපියන දෙතොළක් එහි කැන්දූ

අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු 
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

මී මැස්සෙකු මල් ගණනාවකින් රොන් ගෙන සදන්නාවූ මේ වදය තැන්පත් කරන්නේ ඉතා ඉහල ස්ථානයකය. ඒ අන් කිසිවක් නිසා නොව ආරක්ෂාව සඳහාම වෙයි. නමුදු අහස කළු කර අද හැලෙන එක වැස්සකට එම මී වදය සේදී යන්නාක් මෙන් සිදු වීමකට දැන් ඔවුන් මුහුණ පා සිටී. මේ වන විට නටඹුන් වී හමාර ඔවුන්ගේ  ප්‍රේමය තුලින්ම තව කෙනෙක් ඈ වෙත ඔහුගේ සිත පුදා හමාරය.

හදවිල ඉපදුණු කැකුලක් නොකලක 
නටුවෙන් ගලවා දුරක යවා 
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක් 
සත්සමුදුරකට මුසුවගියා 
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද 
එක්ටැම් මැදුරක කවුළු අරා 
රුවන් විමානෙට පියඹා 
පොපියන හදවත සිටී බලා

ප්‍රේමයේ මල් දරන්නට පෙරම දෙදෙනාට වෙන්නට වීමෙන් කඳුළු කොතෙකුත් පොළොවට වැටුනද දන් ඒ දුක පහ වී ගොස් ඇත්තේ කඳුලක් සාගරයට එක් වූ විට ඒ කඳුල සොයා ගැනීමටවත් නොහැකි වන්නාක් මෙනි.. 
පෙම්වතිය සිය කැමැත්තෙන් තොරව යුග දිවියට එළඹුනද, ඇය නැවත ඒවි යැයි පෙම්වතාගේ හදවත තවමත් බලාපොරොත්තු දල්වා බලා සිටි.....

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - වොලී නානායක්කාර
සංගීතය - වික්ටර් රත්නායක 

ගීතයට සවන්දෙන්න 
http://topbadu.net/sinhala_mp3/Sunil_Edirisinghe_Sadakada_Pahanaka.mp3

සඳකඩ පහණක කැටයම් ඔපලා

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK