WATCH Live CRICKET Select A Channel

21 May 2014

ගීතයක කතාව - ළඳුනේ.


Photo: ළඳුනේ..ළඳුනේ...
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ.. 

අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬින් ගැයුන ළඳුනේ ගී පද පේලි රසික හද දිනා ගනිද්දී ගීතයේ අර්ථය පිළිබඳවද යම් තාක් දුරකට රසික අවධානය නිරායාසයෙන්ම යොමු උනා කීවොත් නිවැරදියි.. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් අතින් ලියවුනු ගීතය සංගීතවත් වුනේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අව්‍යාජ සංගීතයෙන්.. ගීතයක වචන වලට, හැගීම් වලට පන දෙන්න කේමදාසයන් තරම් තවත් විශිෂ්ටයෙක් සිටි නැති තරම්.. විටෙක එතුමා මේ ගීතය පිලිබඳ පවසන්නේ මානව දයාවෙහි උපරිම තලය ස්පර්ශ කරන ගීතයක් ලෙසයි. ඔබද මේ ගීතයෙන් කියවෙන්නේ කුමන ආකාරයේ ළඳක් පිලිබඳවදැයි දන්නවාට නිසැකයි.. සරලවම කිවහොත් ගීතයෙන් කියවෙන්නේ සමාජය තුල නොයෙක් අයුරින් ගැරහුමට ලක්වෙන ගණිකා වෘත්තියේ නියැලෙ සිටින කාන්තාවක් ගැනයි. ගීතයේ සරල අර්ථය එසේ වෙද්දී ගීතය පිටුපස තිබෙන අනුභූතිය යම් සිද්ධි දාමයක් හරහා බැඳුනක්. 
ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරෙකු මුහුණ දුන් සැබෑ සිද්ධියක් තමයි ගීතයට නිමිත්ත සපයා තිබෙන්නේ. එම මිතුරා එවකට මහනුවර අලුතින් නවාතැන් ගන්නට ලැබුනේ බෝඩිමක. එහි සගයන් පුරුද්දක් ලෙස සිදු කල දෙයක් තමයි සිය වැටුප ලැබුන දිනයට ආසන්න දිනයක ගණිකාවක් බෝඩිමට ගෙන ඒම. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට මෙය තරමක් නුහුරු අත්දැකීමක් වුනා. තම අන් සගයන්ට වඩා තරමක් වෙනස් කෙනෙකු වූ ඔහු මෙම ක්‍රියාව ප්‍රතික්ෂේප කළා. සුපුරුදු ලෙසම රාත්‍රියේ බෝඩිමේ සගයන් පිරිස අභිසරුලියක් සමග ලැගුම් ගන්නට යෙදුනා. එම දිනට පසුවදා යෙදී තිබුනේ පෝය දිනයක් නිසා පසුදා සවස දළදා වඳින්නටත් පිරිස පිටත් වෙනවා. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට එක්වරම පෙර දින රාත්‍රියේ ඔහුගේ බෝඩිමේ සගයන් සමග පැමිණි කාන්තාව ඇස ගැටෙනවා. මිතුරන්ටද ඇයව හඳුනා ගැනීමට එතරම් අපහසු නොවුනත් කිසිවෙක් නාදුනනා සේ සිටිද්දී ඇයද ඔවුන්ව මග හැර යනවා. මිත්‍රයාට එය තරමක් සිතේ කම්පනයක් ඇති කල කරුණක් බවට පත් වෙනවා. පෙර දින ඇයව ඇසුරු කල මිතුරන්ද ඇයව දැන් ප්‍රතික්ෂේප කරන්නේ ඉතා පිළිකුල් සහගතවයි. මේ සිද්ධිය කන වැකෙන රන්බණ්ඩා මහතා මේ දෙස බලන්නේ වෙනත්ම කෝණයකින් සැබවින්ම වැරදි කව්රුද, මෙම කාන්තාවට සමාජය ඉදිරියේ ඇති තත්වය කුමන ආකාරයේ එකක්ද යැයි නිසැකයෙන්ම ඔහුට සිතෙන්නට ඇති.. “ළඳුනේ..ළඳුනේ..” යන යෙදුම භාවිතා කරමින් ඉතා දයාබර ලෙස ඇයව ආමන්ත්‍රණය කරන්නේද ඒ හේතුවම නිසා වන්නට ඇති....

ළඳුනේ..ළඳුනේ..
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ.. 
දෙනෝදහක් අතගත්තද
සැමියකු නැති ළඳුනේ..... 
ඇය කොතරම් පිරිමින් ඇසුරු කරන්නට ඇතිද.. නමුත් ඇයට තවම ස්වාමියෙකු නැත. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් සමාජයේ බහුතරය මෙන් ඇය හට දොස් පැවරීම බැහැර කොට ඇයව විග්‍රහ කර ගැනීමට උත්සහ දැරීමක් සිදු කරනවා...

නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ....
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබද පටාචාරවකි 
ඔබද කිසා ගෝතමියකි...

ජීවිතය යන්තමින් හෝ අමුණා ගැනීමට මුදල් සොයා ගැනීමට ඇයට සිදුව ඇත්තේ වීදි වල සරි සරීමටයි. නෑදෑයෙකුවත් නොමැති ඇයට ඇති එකම පිහිට බුදුන් සරණයි..
බුද්ධ කාලයේදීද අසරණ වූ කාන්තාවන් නිවනට යොමු වූ ලෙස ඇයද බුදුන් සරණ පතයි. එනිසාම ඇය බුදුන් කල පටාචාරාවක්.! කිසා ගොතමියක්.!

පිරිමින්ගේ පාප කන්දට
දෝස විඳින ළඳුනේ 
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ....
ළැම පමනක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ...

ඇයට හිමිව ඇති සමාජ තත්වය උදෙසා සැබවින්ම වග කිව යුත්තේ ඇය පමණක්ම නොවෙයි. ඇය සියලු ගැරහුම් ලබන්නේ ඈ වෙත පැමිණෙන පිරිමින් නිසාවෙනි. රාත්‍රියේ ඇගේ පහස ලබන්නන් සමාජය ඉදිරියේ කිසිඳු පවක් නොකරන්නාක් මෙන් ඇයව හෙලා දකියි.

සමාජය සම විටම දකින්නේ අයගේ මතුපිට ස්වරූපය පමණකි. ඇය මෙම තත්වයට ඇද දැමීමට හේතු වූ කරුණ කුමක්ද, කොතරම් දුකක් ඇගේ සිතේ ඇතිද යන්න රචකයා ශ්‍රාවකයාගෙන් සියුම් ලෙස ප්‍රශ්න කරනවා.. අවසානයේ ඇය දෙස යතාර්තවාදීව නිගමනයකට එළඹෙනවානම් ඇය කිසිවෙකුට කල වරදක් නොමැත. නමුත් සමාජය ඉදිරියේ ඉබේම වැරදි කාරියක් බවට පත් වී තිබේ..

"ළඳුනේ.." ගීතය ගැන තවත් කිව යුතුම දෙයක් ඇත.ඒ මේ ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාව යොදා ගැනීම අහම්බෙන් සිදු වූ බවයි. ගීත පටිගත කිරීමට සියලු කටයුතු සුදානම් කොට තියෙද්දිත් පෙර මෙම ගීතය ගායනය කිරීමට දායක වීමට සිටි ගායකයා පැමිණියේ නැත. එවිට කේමදාසයන්ට සිහි වුවේ සිය වාදය වෘන්දයේ එවකට වයලීනය වාදනය කරන අමරසිරි පීරිස් මහතාවයි.. එසේ මෙම ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාට වරම් ලැබුණු අතරම ඔහුගේ හඬ ගීතයට ගැලපෙන අයුරු ඉවෙන් මෙන් කේමදාසයන් දැන ගැනීමෙන් ඇති විශිෂ්ට නිර්මාණයක් සමග ඇති විශිෂ්ට ගායන ශිල්පියෙක් රටට දායාද විය ...

ගායනය : අමරසිරි පීරිස් 
පද : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ප්‍රේමසිරි කේමදාස 

ගීතයට සවන්දෙන්න
http://www.topbadu.net/sinhala_mp3/Amarasiri_Peries_Landune.mp3

ළඳුනේ..ළඳුනේ...
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ.. 

අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬින් ගැයුන ළඳුනේ ගී පද පේලි රසික හද දිනා ගනිද්දී ගීතයේ අර්ථය පිළිබඳවද යම් තාක් දුරකට රසික අවධානය නිරායාසයෙන්ම යොමු උනා කීවොත් නිවැරදියි.. රන්බණ්ඩා සෙනෙවිරත
්නයන් අතින් ලියවුනු ගීතය සංගීතවත් වුනේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අව්‍යාජ සංගීතයෙන්.. ගීතයක වචන වලට, හැගීම් වලට පන දෙන්න කේමදාසයන් තරම් තවත් විශිෂ්ටයෙක් සිටි නැති තරම්.. විටෙක එතුමා මේ ගීතය පිලිබඳ පවසන්නේ මානව දයාවෙහි උපරිම තලය ස්පර්ශ කරන ගීතයක් ලෙසයි. ඔබද මේ ගීතයෙන් කියවෙන්නේ කුමන ආකාරයේ ළඳක් පිලිබඳවදැයි දන්නවාට නිසැකයි.. සරලවම කිවහොත් ගීතයෙන් කියවෙන්නේ සමාජය තුල නොයෙක් අයුරින් ගැරහුමට ලක්වෙන ගණිකා වෘත්තියේ නියැලෙ සිටින කාන්තාවක් ගැනයි. ගීතයේ සරල අර්ථය එසේ වෙද්දී ගීතය පිටුපස තිබෙන අනුභූතිය යම් සිද්ධි දාමයක් හරහා බැඳුනක්.
ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරෙකු මුහුණ දුන් සැබෑ සිද්ධියක් තමයි ගීතයට නිමිත්ත සපයා තිබෙන්නේ. එම මිතුරා එවකට මහනුවර අලුතින් නවාතැන් ගන්නට ලැබුනේ බෝඩිමක. එහි සගයන් පුරුද්දක් ලෙස සිදු කල දෙයක් තමයි සිය වැටුප ලැබුන දිනයට ආසන්න දිනයක ගණිකාවක් බෝඩිමට ගෙන ඒම. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට මෙය තරමක් නුහුරු අත්දැකීමක් වුනා. තම අන් සගයන්ට වඩා තරමක් වෙනස් කෙනෙකු වූ ඔහු මෙම ක්‍රියාව ප්‍රතික්ෂේප කළා. සුපුරුදු ලෙසම රාත්‍රියේ බෝඩිමේ සගයන් පිරිස අභිසරුලියක් සමග ලැගුම් ගන්නට යෙදුනා. එම දිනට පසුවදා යෙදී තිබුනේ පෝය දිනයක් නිසා පසුදා සවස දළදා වඳින්නටත් පිරිස පිටත් වෙනවා. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට එක්වරම පෙර දින රාත්‍රියේ ඔහුගේ බෝඩිමේ සගයන් සමග පැමිණි කාන්තාව ඇස ගැටෙනවා. මිතුරන්ටද ඇයව හඳුනා ගැනීමට එතරම් අපහසු නොවුනත් කිසිවෙක් නාදුනනා සේ සිටිද්දී ඇයද ඔවුන්ව මග හැර යනවා. මිත්‍රයාට එය තරමක් සිතේ කම්පනයක් ඇති කල කරුණක් බවට පත් වෙනවා. පෙර දින ඇයව ඇසුරු කල මිතුරන්ද ඇයව දැන් ප්‍රතික්ෂේප කරන්නේ ඉතා පිළිකුල් සහගතවයි. මේ සිද්ධිය කන වැකෙන රන්බණ්ඩා මහතා මේ දෙස බලන්නේ වෙනත්ම කෝණයකින් සැබවින්ම වැරදි කව්රුද, මෙම කාන්තාවට සමාජය ඉදිරියේ ඇති තත්වය කුමන ආකාරයේ එකක්ද යැයි නිසැකයෙන්ම ඔහුට සිතෙන්නට ඇති.. “ළඳුනේ..ළඳුනේ..” යන යෙදුම භාවිතා කරමින් ඉතා දයාබර ලෙස ඇයව ආමන්ත්‍රණය කරන්නේද ඒ හේතුවම නිසා වන්නට ඇති....

ළඳුනේ..ළඳුනේ..
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ..
දෙනෝදහක් අතගත්තද
සැමියකු නැති ළඳුනේ.....
ඇය කොතරම් පිරිමින් ඇසුරු කරන්නට ඇතිද.. නමුත් ඇයට තවම ස්වාමියෙකු නැත. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් සමාජයේ බහුතරය මෙන් ඇය හට දොස් පැවරීම බැහැර කොට ඇයව විග්‍රහ කර ගැනීමට උත්සහ දැරීමක් සිදු කරනවා...

නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ....
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියකි...

ජීවිතය යන්තමින් හෝ අමුණා ගැනීමට මුදල් සොයා ගැනීමට ඇයට සිදුව ඇත්තේ වීදි වල සරි සරීමටයි. නෑදෑයෙකුවත් නොමැති ඇයට ඇති එකම පිහිට බුදුන් සරණයි..
බුද්ධ කාලයේදීද අසරණ වූ කාන්තාවන් නිවනට යොමු වූ ලෙස ඇයද බුදුන් සරණ පතයි. එනිසාම ඇය බුදුන් කල පටාචාරාවක්.! කිසා ගොතමියක්.!

පිරිමින්ගේ පාප කන්දට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ....
ළැම පමනක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ...

ඇයට හිමිව ඇති සමාජ තත්වය උදෙසා සැබවින්ම වග කිව යුත්තේ ඇය පමණක්ම නොවෙයි. ඇය සියලු ගැරහුම් ලබන්නේ ඈ වෙත පැමිණෙන පිරිමින් නිසාවෙනි. රාත්‍රියේ ඇගේ පහස ලබන්නන් සමාජය ඉදිරියේ කිසිඳු පවක් නොකරන්නාක් මෙන් ඇයව හෙලා දකියි.

සමාජය සම විටම දකින්නේ අයගේ මතුපිට ස්වරූපය පමණකි. ඇය මෙම තත්වයට ඇද දැමීමට හේතු වූ කරුණ කුමක්ද, කොතරම් දුකක් ඇගේ සිතේ ඇතිද යන්න රචකයා ශ්‍රාවකයාගෙන් සියුම් ලෙස ප්‍රශ්න කරනවා.. අවසානයේ ඇය දෙස යතාර්තවාදීව නිගමනයකට එළඹෙනවානම් ඇය කිසිවෙකුට කල වරදක් නොමැත. නමුත් සමාජය ඉදිරියේ ඉබේම වැරදි කාරියක් බවට පත් වී තිබේ..

"ළඳුනේ.." ගීතය ගැන තවත් කිව යුතුම දෙයක් ඇත.ඒ මේ ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාව යොදා ගැනීම අහම්බෙන් සිදු වූ බවයි. ගීත පටිගත කිරීමට සියලු කටයුතු සුදානම් කොට තියෙද්දිත් පෙර මෙම ගීතය ගායනය කිරීමට දායක වීමට සිටි ගායකයා පැමිණියේ නැත. එවිට කේමදාසයන්ට සිහි වුවේ සිය වාදය වෘන්දයේ එවකට වයලීනය වාදනය කරන අමරසිරි පීරිස් මහතාවයි.. එසේ මෙම ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාට වරම් ලැබුණු අතරම ඔහුගේ හඬ ගීතයට ගැලපෙන අයුරු ඉවෙන් මෙන් කේමදාසයන් දැන ගැනීමෙන් ඇති විශිෂ්ට නිර්මාණයක් සමග ඇති විශිෂ්ට ගායන ශිල්පියෙක් රටට දායාද විය ...

ගායනය : අමරසිරි පීරිස්
පද : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ප්‍රේමසිරි කේමදාස 

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK