WATCH Live CRICKET Select A Channel

20 May 2014

ඉන්දීය මහ මැතිවරණයේදී සුපිරි තරු රැසකට අන්ත පරාජයක්

Indiya1පසුගියදා නිමාවට පත් වූ ඉන්දීය මහ මැතිවරණයට කලා ක්‍ෂේත්‍රයේ සහ ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රකට චරිත රැසක් ඉදිරිපත් වී සිටියහ. ඔවුන් කෙබදු ප්‍රතිඵල ලබාගනීද යන්න ගැන එරට ඡන්ද දායකයන්ගේ ඉහළ අවධානයක් යොමුව තිබිණ. එම මැතිවරණ ප්‍රතිඵලවලට අනුව, කොංග්‍රස් පක්ෂයේ අගමැතිඅපේක්ෂක රාහුල් ගාන්ධිගේ ප්‍රතිවාදිනිය ලෙස උත්තර් ප්‍රදේශ්හි  Amethi ආසනයෙන් තරග වැදුණු ස්මි්‍රති ඉරානිට හිමිව ඇත්තේ පරාජයයි.
ප්‍රකට රංගන ශිල්පිනියක වන ඇය ටෙලි නාට්‍ය චරිත හරහා මෙරට ප්‍රේක්ෂකයන්ටද සමීප වූ නිළියකි. භාරතීය ජනතා පක්ෂය යටතේ Mathura ප්‍රදේශයෙන් තරග වැදුණු ප්‍රවීණ රංගන ශිල්පිනී හේමා මාලිනීට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවී ඇත. 
Indiya2

එමෙන්ම භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයකු වූ ප්‍රකට බොලිවුඩ්  නළුවෙකු වන පරේශ් රාවල් ද ඉන්දීය පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා තිබේ. 
 ප්‍රකට බොලිවුඩ් නිළියක වන රාකි සාවන්ත් මැතිවරණ සමයේ බෙහෙවින් කතාබහට ලක්වූ චරිතයකි. ස්වාධීන අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ රාකි මෙවර මැතිවරණයේදී ලැබූ අන්ත පරාජය හේතුවෙන් ඇය මැතිවරණයෙන් පසුවද බෙහෙවින් කතාබහට ලක්වන තරුවක් බවට පත්ව සිටින්නීය. එමෙන්ම කොංග්‍රස් පක්ෂයෙන් ඉදිරිපත් වූ ප්‍රකට නිළි නග්මාටද හිමිව ඇත්තේ පරාජයයි. භාරතීය ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වූ සුප්‍රකට සංගීතඥ බප්පි ලහිරිද මෙවර මැතිවරණයෙන් පරාජයට පත්ව තිබේ. කෙසේ වෙතත් Indiya3භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු කිරන් කේර් පාර්ලිමේන්තුවට ඇතුළත්වීමට සුදුසුකම් ලබා ඇත. සිනමා සහ රූපවාහිනී නිළියක වන ඇය ප්‍රකට නළු අනුපම් කේර්ගේ බිරිඳයි. ජනප්‍රිය නිළියක සහ මෝස්තර නිරූපිකාවක වන ගුල් පනග්ද Aam Aadmi පක්ෂයෙන් තරග වැදුණු නමුත් ඇයද පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සුදුසුකම් ලබා නැත. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මොහොමඩ් අසාරුඩීන් කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් Tonk - Sawai Madhopur මැතිවරණ කොට්ඨාසයෙන් තරග වැදුණද ඔහුට අත්වූයේ පරාජයයි. එමෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් කයිෆ්ද කොංග්‍රස් පක්ෂය යටතේ ඉදිරිපත් වී පරාජයට පත්විය.


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK