WATCH Live CRICKET Select A Channel

22 May 2014

ගැබ් ගැනීමක් සිදුවීමේ සම්භාවිතාව වැඩි කාලයන්| ලිංගික හැසිරීම් වල යෙදිය යුතු/නොයුතු කාල තිබේද?

විවාහප්‍රාප්ත තරුණියක් ලෙස ඔබේ ඊළඟ පැතුම දරු සම්පතක් හිමි කර ගැනීමයි. නමුත් අප සමාජයේ බොහොමයක් තරුණ තරුණියන් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොලබන නිසා ඔවුන් තම ගැබ් ගැනීම ඇත්තේ අඩු අවබෝධයක්. ඒ අතර අපට නිතරම අසන්නට ලැබෙන ගැටළුවක් වන්නේ ගැබ් ගැනීමකට සුදුසුම කාලය කුමක්ද යන්නයි. අද අපි ඒ පිලිබඳ විමසා බලමු.


ලිංගික හැසිරීම් වල යෙදිය යුතු/නොයුතු කාල තිබේද?

මෙහිදී ඔබ මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ සාඑල්‍යතාව උපරිම වන දිනයන් ලෙස සැලකෙන පහත දිනයන්ට අමතරව අනෙකුත් දිනයන්ගේද ගැබ් ගැනීමක් ඇති වීමට ඉඩ තිබෙන බවයි. එනිසා ඔබ නුදුරු අනාගතයේ දරු උපතක් සැලසුම් නොකරයි නම් උපරිම සාඑල්‍යතාව ඇති දිනවල පමණක් නොව සියලුම අවස්ථාවල නිවැරදි උපත් පාලන ක්‍රම අනුගමනය කරන්න. නමුත් ඔබ නුදුරු අනාගතයේ ගැබ් ගැනීමක් පතනවානම්, සාමාන්‍ය පරිදි ලිංගික හැසිරීම්වල යෙදීම සුදුසුය.

ආර්තව චක්‍රය

මෙම චක්‍රය කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් විය හැකි අතර දළ වශයෙන් දින 21ත් 35ත් අතර පවතී. බොහෝ විට සාමාන්‍ය දින ගණන 28ක් ලෙස සැලකුවත් ඔබේ සිනා ගණන මඳක් වෙනස් නම් බිය විය යුතු නැත. (එනමුත් දින ගණන නිතර වෙනස්වේනම් හෝ අසාමාන්‍ය නම් වෛද්‍ය උපදෙස් පතන්න.) ඔබගේ ආර්තව චක්‍රය මුලින්ම රුධිර වහනය වන දිනය පළමු දිනය ලෙස සලකා ගණන් කල හැක. මෙහිදී සිදුවන්නේ ඔබගේ ගර්භාෂ බිත්තියේ ඇති සියුම් පටකය ගැලවී රුධිරය සමග ඉවතට ගලා ඒමයි. රුධිර වහනය දින 5ක් පමණ පැවතිය හැක. බොහෝ විට 7වන දිනය පමණ වන විට රුධිර වහනය සම්පූර්ණයෙන්ම නැවතී හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා ඩිම්බ කෝෂය තුලදී ඩිම්බ සෑදීම සිදුවේ. මෙය 7වන දිනයේ සිට 14වන දිනය දක්වා පමණ සිදුවිය හැක. මේ අතරතුර ගර්භාෂ බිත්තියේ ඇති පටකය ඝනකම් වීමද සිදුවේ. එය රුධිරය සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්තවලින් පොහොසත්වෙයි. 14වන දිනය පමණ වන විට ඩිම්බ කෝෂ තුල සෑදුනු ඩිම්බයන් මුදා හැරෙයි. මෙය ඩිම්බණීහරණය ((ඩිම්බයක් ඩිම්බ කෝෂවලින් මිදී ෆැලෝපීය නාලය දිගේ ගමන් කිරීම ආරම්භ වීම)ලෙසද හැඳින්විය හැක. එසේ මුදා හැරුණ ඩිම්බය "ෆලොපියන් නාලය" දිගේ ගමන් කරයි. ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් සංසේචනය වන්නේ මෙම කාලය තුලයි. එනිසා 12 වන දින සිට 14 වන දිනය දක්වා උපරිම සාඑල්‍යතාව ඇතිවේ යයි කිව හැක.

ඩිම්බණීහරණය සිදුවන බව ශරීරයට දැනෙන අයුරු

සමහර ශාරීරික වෙනස්කම් නිසාද ඔබට ඩිම්බ නිකුත්වී ඇති බව දැනෙනු ඇත. පියවුරු වල දැනෙන මෘදු බව, උදරයේ වේදනාව, ඉතා සුළු වශයෙන් යෝනියෙන් රුධිර වහනය, යෝනි ආශ්‍රිත ශ්‍රාවයන් ඝනකම අඩු ඇලෙන සුළු බවක් ඇතිවීම සහ ලිංගික හැසිරීම්වල යෙදීමට ඇති කැමැත්ත වැඩිවීම ආදිය උදාහරණ වේ.

වෙනත් ක්‍රම

තවත් නිතරම භාවිතා වන ක්‍රමයක් වන්නේ ඔබගේ ශරීර උෂ්ණත්වය අනුව අනුමාන කිරීමයි. මේ සඳහා "Basel Body Temperature Kit" නමැති උපකරණය සහ ඒ සමග එන සටහන භාවිතා කල හැක. මෙහිදී ඔබ නින්දෙන් අවදී වූ විගස ඇඳෙන් බැසීමට හෝ එහා මෙහා වීමට පෙර උෂ්ණත්වය මැන ගත යුතුය. මෙයට අමතරව තවත් පරීක්ෂණ කට්ටලයක් වන්නේ "Ovulation Prediction Kit" නමැති ඔබෙගේ ශරීරයේ ඇති හෝමෝන මට්ටම මැනීම මගින් වඩාත්ම සරු කාලය පෙන්වන උපකරණයයි.

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "FACEBOOK_SHARE" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. 

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK