WATCH Live CRICKET Select A Channel

23 May 2014

ඩෙනිම හෝදන කාලේ දැනගන්න



ලෝක ප්‍රකට නිමි ඇඳුම් සමාගමක් වන Levi Strauss (Levis) සමාගමේ හිමිකරු "චිප් බර්ග්" ඩෙනිමක් සේදිය යුතු කාල පරිච්චේදය පිලිබඳ අපුරු හෙළිදරව්වක් සිදුකොට තිබේ. 56 හැවිරිදි චිප් බර්ග් ෆෝචුන් සඟරාව විසින් මෙහෙයවූ සම්මුඛ සාකච්චාවකට සහභාගී වී හෙළිකොට තිබුනේ තම්මාගේ ප්‍රියතම ඩෙනිම අවුරුද්දකින්වත් සෝදා නොමැති බවය. 


"මම දන්නවා ඒක පිළිකුල් සහගතයි කියලා..නමුත් මම කියන්න ඕන මට තාම සමේ රෝග නම් මුකුත් හැදිලා නැහැ.."

එහිදී Levis ඩෙනිම් කලිම්සමේ නිර්මාතෘ වරයා ප්‍රකාශ කොට ඇත්තේ ඩෙනිම් නිතර සේදීමෙන් වැළකිය යුතු බවයි. එමෙන්ම සැබෑ දෙනිමක්නම් එය වතුරෙන් හා සබන් වලින් ඈත් කොට තබන තරමට ඩෙනිමට හොඳ බව ප්‍රකාශ කොට තිබේ.

Levis සමාගම සිය පාරිභෝගිකයන්ට උපදෙස් දී ඇත්තේ ඩෙනිම් පිරිසිදු කරගැනීමට අවශ්‍යය නම් එය ඉටි බෑගයක් තුලට දමා ශීතකරණයේ පැය 24 ක් තබන ලෙසය. තවද  Alberta සරසවිය මගින් සිදුකල සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඩෙනිම් කලිසමක් සේදීමකින් තොරව මාස 15 පැළඳීමට හැකි බවය. 

ඔහු මෙම අදහස් පලකල වීඩියෝව බලන්න පහතින් 

http://www.youtube.com/embed/KjXhe2qVKgE

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK