WATCH Live CRICKET Select A Channel

16 May 2014

බෞද්ධාලෝක වෙසක් කලාපය

President-Thorana-Open3

අගනුවර වෙසක් සිරියෙන් ඔදතෙද ගන්වමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සෑම වසරකම අති උත්කර්ෂවත් අයුරින් සංවිධානය කරන බෞද්ධාලෝක වෙසක් කලාපය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (13) පස්වරුවේ ආරම්භ කෙරුණි. කොළඹ බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කෙරෙන බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවර පැවැත්වෙන්නේ 13 වන වරටය.

මහනුවර ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරයේ සිට බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රය කරා වැඩමවනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාවෙන් බෞද්ධාලෝක වෙසක් කලාපය ආරම්භ වුණි. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා ද වන්දනා කළේය. 
සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී.බි. ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල  යන මහත්වරුන් සමග සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා ප්‍රධාන බොදු මහ සමුළුවේ හිටපු සභාපතිනි ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය ශ්‍රී සර්වඥ ධාතූන් වන්දනාවට සහභාගි වූහ.
බොදුමහ සමුළුවේ ඉදිකර ඇති අලංකාර කුටියක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඇත. බෞද්ධාලෝක වෙසක් කලාපය නැරඹීමට බෞද්ධාලෝක මාවතට එක්රොක් වුණු දහස් සංඛ්‍යාත බොදු බැතිමත්හු ඉමහත් බැතියෙන් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කරන අයුරු අපට දැකගත හැකිවිය.
President-Thorana-Open2
බුදු දහම හා බෞද්ධයින් වෙනුවෙන් අමිල මෙහෙයක් කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ චරිතාපදානය කැටිකොට බෞද්ධ මහා සම්මේලන භූමියේ ඉදිකර ඇති දර්ශනීය වෙසක් තොරණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණි.
බෞද්ධාලෝක වෙසක් කලාපයේ සුවිශේෂීතම අංගය වන බෞද්ධාලෝක මාවත දෙපස පහන් කූඩු ප්‍රදර්ශනය එහිදී විවෘත කෙරුණි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK