WATCH Live CRICKET Select A Channel

16 May 2014

උමාර් අක්මාල්ගේ විවාහය ගැන ගැටලු කිහිපයක්

පන්ජාබ් ප්‍රාන්තයේදී විචිත්‍රවත්ව සැරසුණු මේ විවාහ මංගල්‍ය එම ප්‍රාන්ත නීති උල්ලංඝනය වන අයුරින් පැවැත්වූ බවට පන්ජාබ් ප්‍රාන්ත රජය උමාර්ට චෝදනා කරන බැවින් අවසානයේ ප්‍රාන්ත රජය විසින් උමාර්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇත.
පන්ජාබ් ප්‍රාන්ත නීතියට අනුව රාත්‍රී 10.00 පසුවන තුරු විවාහ උත්සව සාද පැවැත්වීම තහනම් වන අතර එම “අනිවාර්ය වේලාවට වඩා වැඩි කාලයක් ඒ සඳහා ගතකිරීම මත අක්මාල්ට එලෙස චෝදනා එල්ල වී තිබේ. මීට අමතරව විවාහ පනතට අනුව පැමිණි අමුත්තන්ට කෑම බන්දේසියක් පමණක් පිරිනැමිය” යුතු වුවත් කෑම වර්ග කිහිපයක්ම පිරිනැමීම ඔහුට එල්ල වී ඇති දෙවන චෝදනාවයි.
මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස පන්ජාබ් ප්‍රාන්ත බලධාරීන් හා මාධ්‍ය සමග උමාර් වාග් සංග්‍රාමයකටද පැටලී තිබිණ. එහෙත් එරට ‍පොලීසිය විසින් කරන ලද වැටලීමේදී මේ සිදුවීම්  සියල්ල සිදු වී හමාරය. එහෙත් අක්මාර්ගේ පවු‍ලේ සමීප ඥාතීහු සිව්දෙනකු මේ වන විට පාකිස්තානු ‍පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
වර්ෂ 1990 මැයි මස 26 දා ලාහෝර්හිදී උපන් උමාර්ගේ දෙසොහොයුරන් වන කම්රන් හා අද්නන් ද මේ වන විට ජාතික පිල නියෝජනය කිරීම දක්නට ලැබිම සුවිශේෂී කරුණකි. ටෙස්ට් තරග 16කට සහභාගි වී ඉනිම් 30ක් තුළ ලකුණු 1003 ක් රැස්කර ඇති උමාර්ගේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලකුණු129ය. මීට අමතරව එක්දින තරග 94කදී ඉනිම් 83කදී ලකුණු 2623ක් ලබා ඇති අතර එයට ශතක දෙකක් හා අර්ධශතක 19ක් අන්තර්ගතය. අද ලෝකයේ වඩාත් ජනප්‍රිය වී ඇති 20-20 තරග ද 56කට සහභාගි වී ලකුණු 1221ක් ලබා ඇති උමාර්ගේ මෙම දස්කම් විශ්‍ලේෂණය කිරීමේදී ටෙස්ට්, එක්දින හා 20-20 ෙශෙලීන් ත්‍රිත්වයටම එකලෙස දස්කම් පාන උමාර් පාකිස්තානු ජාතික පි‍ලේ අනාගත නායකත්වය සඳහා හොඳම පූර්වාදර්ශයක් වන බව මේ වන විටත් ඔප්පු කර හමාරය.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK