WATCH Live CRICKET Select A Channel

23 May 2014

ශ්‍රියන්තයි කුසුමුයි දැන් සීයලා ආච්චිලා වෙලා

“දරුවන්ගේ දරුවන් කියන්නේ ඔටුණු ඒක මට වැටහුණේ පුංචි මිණිපිරීව හා හා පුරා දුටු දවසේ.
ශ්‍රියන්ත කතා කරන්නේ උතුරායන සතුටින්. “මිණිපිරීට දැන් මාස 4යි. දැන් එයා ටික ටික ලෝකය හඳුනාගන්න උත්සාහ කරනවා. දැන් එයා අපි දෙන්නවයි එයාගෙ අම්මයි තාත්තයි දෙන්නයි හඳුනනවා.
ශ්‍රියන්ත- කුසුම් යුවලගේ දියණිය සහ බෑණා රැකියාව කරන්නේ එංගලන්තයේ. යුරෝපීය රටවල රැකියා කරන බොහෝ ශ්‍රී ලාංකිකයන් ඒ රටවලදී තමන්ගේ දරු උපත සිදුකරන්නට කැමතියි. ඊට හේතුව උපදින දරුවාට එම රටේ පුරවැසි භාවය හිමිවීම.
නමුත් ශ්‍රියන්තලාගේ දියණිය දරුවා ලැබෙන්නට ලංකාවට ආවාම තමයි ගැබ්‍රියෙලා දූ ඉපදුනේ.
“අපි ශ්‍රී ලාංකිකයෝ. එහෙනම් අපේ දරුවෝ ඉපදෙන්න ඕනෑ මේ බිමේ. පස්සේ කාලෙක ඒ අය ලෝකෙ කොතැනට ගියත් කමක් නැහැ. ඒත් මේ බිමේ ඉපදිලා හැදිලා වැඩිලා තමයි ඒ විදියට යන්න ඕනෑ.”
දුවයි එයාගේ මහත්තයයි අපේ මිණිබිරීවත් අරගෙන ආයෙම එංගලන්තයට යයි. පුතා රැකියාව කරන්නේ එහෙ. ඒ අය දැන්මම යනවට නම් මම කැමති නැහැ. මේ රටේ ඉපදුනු මගෙ පුංචි මිණිපිරි මේ සුළං ‍පොද ආශ්වාදය කරලා තව ටිකක් ලොකු වුණාට පස්සේ ඒ අය යනව නම් තමයි මම කැමති.”
කුසුම් රේණුත් දැන් ආච්චි අම්මා කෙනෙක් ඉතින් ඇගෙනුත් අපි මිණිබිරිය ගැන අදහස් විමසුවා.
“මම මගෙ ජීවිතේදී නිසි වයසට හැමදේම ලැබුවා. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. දුවට දරුවා ඉපදුනාට පසුව ඒ කටයුතු වෙනුවෙන් මගෙන් අවශ්‍ය උදව් මම කරනවා. නමුත් දරුවගෙ කටයුතු සියල්ලම සිදුකරන්නේ දුව. දරුවා ඉපදුන මොහොතේ හෙදියන් දරුවාව නෑවුවා. පහුවදා ඉඳන් දරුවා නාවන්නේ දුව. දරුවාගේ කටයුතු කරන්නෙත් දුව. මගෙ දුවලා දෙන්නගෙ කටයුතු මගෙ දෙමාපියන්ට පැවරුවේ නැහැ. මමම කළා. ඒ හින්දයි මගෙ දරු දෙදෙනා සමග මගෙ ගැටුමක් නැත්තේ. ඒ හින්දම මමත් දුවගෙ වැඩට අනවශ්‍ය විදියට ඇඟිලි ගහන්නෙ නැතුව මගෙන් බලා‍පොරොත්තු වන උදව් විතරක් කරනවා. ඒකෙන් දුවයි මිණිබිරි අතර කවදාවත් ඝට්ටනයක් ඇතිවෙන එකක් නෑ.
ශ්‍රියන්ත,කුසුම් යුවලගේ දෙවැනි දියණිය තාරුනි අමායා දැන් අවුරුදු 20ක යුවතියක්. ඇගේ තොරතුරු ටිකකුත් මේ කතා බහට එකතු කරගන්න අපි හිතුවා.
“දුව ව්ඕර් එකේ මානව සම්පත් කළමනාකරණය හැදෑරුවා. දැනට සිරස ක.ජ්ර් එකේ හඬ කැවීමේ ශිල්පිනියක්. සුබ සහ යස නාට්‍යයේ සේවිකාවගේ චරිතය රඟපානවා. අපිට දුවලා දෙන්නෙක් හිටියට දැන් පුත්තු දෙන්නෙකුත් ඉන්නවා. ලොකු පුතා අමන්ද මට මගේම පුතෙක්. ‍පොඩි පුතා ශෙහාන් පෙරේරා, ව්‍යාපාරිකයෙක්. එයත් මට මගේම පුතෙක් වගේ.”
කුසුම් පැවසුවේ තාරුණීගේ අනාගත සහකරු ගැන පුංචි ඉඟියක් හෙළිකරමින්. තාරුණිගේ විවාහය ගැනත් මේ වෙලාවේ අපි ඇහුවා. “එයාට තවම වයස අවුරුදු 20යි නේ. දැන්මම විවාහය සිදුවන එකක් නැහැ.’’
කුසුම් පිළිතුරු දුන්නා.
ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂතම රංගන ශිල්පියෙක් හා ශිල්පිනියක්. ග්‍රැබ්‍රියෙලා මතුදාක සීයගෙයි ආච්චිගෙයි අඩි පාරේ යයිද කියල අපි ඇහුවම ශ්‍රියන්ත ඊට පිළිතුරු දුන්නේ මේ විදියට.
“එයාට දිගු ඇඟිලි තියෙනවා. එයා සංගීතයට යොමු වේවි කියලා මට විශ්වාසයක් ඇතිවෙනවා. ඇත්තටම අපේ චූටි මිණිපිරී මතුදාක කලාවේ කවර හෝ ඉසව්වකට යොමුවෙනවා නම් මම කැමතියි.’’
ශ්‍රියන්ත පැවසුවේ බලා‍පොරොත්තු පිරුණු හඩින්.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK