WATCH Live CRICKET Select A Channel

23 May 2014

වික්ටෝරියාට සිහිය නැති වූ අවස්ථාවේ ඇගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබුණා

Khuram-Shaikh

-කරාපිටිය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනි
(නිශානි හේරත් බන්නැහැක)

රුසියන් ජාතික වික්ටෝරියාගේ ලිංගාශ්‍රිත තුවාල පරීක්ෂා කිරීමේ දී  ඇය තදබල වේදනාවෙන් කෑ ගැසූ බවත් ඇගේ රහස් ප්‍රදේශය ආශ්‍රිතව අපවිත්‍ර දෑ හා තණකොළ කැබලි තිබුණු බවත් කරාපිටිය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනි දම්මි ලුවිස් හේවා (42) මහත්මිය බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ දී සාක්ෂි දෙමින් පැවැසුවාය.
කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ දී විත්තියේ නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය එසේ කීවාය.
රෝගියා විසින් ලබාදුන් රෝග ඉතිහාසය, රෝගියාගේ තුවාල තමන්ගේ නිරීක්ෂණ පරීක්ෂණ තුළින් එළඹුණු නිගමනයන් තම ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී මැක්සි ප්‍රනාන්දු මහතාගේ  උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව වගකීම් සහිතව අධිකරණ වෛද්‍ය වාර්තාව සැකසූ බවත් කියා සිටියාය.
කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනි දම්මි ලුවිස් හේවා (42) මහත්මිය විත්තියේ හරස් ප්‍රශ්නවලට තවදුරටත් සාක්ෂි ලබාදුන්නාය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස  මහතාගේ හරස් ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු දුන්නාය.
නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස:- 2012 දෙසැ 25  වුණැයි කියන සිද්ධියකට අදාළව ඔබ විසින් කළ පරීක්ෂණයකට අදාළව සාක්ෂි දෙන්නයි ඔබ ආවේ
සාක්ෂි - එසේය ස්වාමීනි.
නීතිඥ - අධිකරණ වෛද්‍ය වාර්තාව ලබා දෙන්නේ රෝගියාගේ කෙටි ඉතිහාසය අනුව නේද නැත.
සාක්ෂි - රෝගියාගේ කෙටි ඉතිහාසය වෛද්‍යවරයා නිරීක්ෂණ කළ දේවල් සහ වෛද්‍ය සටහන්වල සංකලනයක් ලෙස තමයි අධිකරණ වෛද්‍ය වාර්තාව ලබා දෙන්නේ
නීතිඥ - වික්ටෝරියා කෙළින්ම ඇතුල් කළේ තංගල්ල රෝහලටනේ. ඔබ ඇගේ ඇඳ හිසපත පරීක්ෂා කළාද?
සාක්ෂි - මාතර රෝහලටයි මුලින් ඇතුළත් කළේ. එයින් තමයි කරාපිටිය එව්වේ. ඇගේ ඇඳ හිස්පත (ඕ.ඩ්.ඊ.) රෝගියා ඇතුළත් කළ දින පටන් දිගටම පවත්වාගෙන යනවා. ඇඳ හිස පත ටික වෙලාවයි පරීක්ෂා කරන්න ලැබුණේ. වික්ටෝරියාව ඇතුල් කළේ රෝහල් ‍පොලීසිය මගින්.
කරාපිටිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් කළ ඇය ‍පොලිස් නිලධාරීන් වටකරගෙන හිටියා. නමුත් මට අදාළ රාජකාරියක් නොවන නිසා මම ඇහුවේ නෑ.
නීතිඥ - අහන දේට උත්තර දෙන්න.
සාක්ෂි - ගරු නීතිඥතුමා මාව පාලනය කරනවා. මට කියන්නෙ අවශ්‍ය කරුණුයි.
නීතිඥ - නෑ මම පාලනය කරන්නෙ නෑ.
සාක්ෂි - නීතිඥතුමා මීට වඩා විනීතව කථා කළ යුතුයි.
නීතිඥ - මම විනීතව තමයි කථා කරන්නේ.
නීතිඥ - වික්ටෝරියා පරීක්ෂා කරන්න යද්දී ‍පොලිස් නිලධාරීන් හිටියාද?
සාක්ෂි - ඔවුන් ඉවත් වුණේ නෑ. මා ඉල්ලීමක් කළ පසු ඉවත් වුණා. ඇය ඇඳක හොවලා තිබුණේ. ඇයට ඔක්සිජන් දෙමින් සිටියේ. ඇය ටී ෂර්ට් එකක් ඇඳලා හිටියා. මා ඒ වෙලාවේ ඉතා ඉක්මනින් ඇඳ හිස්පත මුල සිට අග දක්වා කියෙව්වා. මාතර රෝහලින් ඇය පරීක්ෂා කරලා තිබුණා.
නීතිඥ - ඇඳ හිස් පත දැන් තියෙන්නේ කොහෙද?
සාක්ෂි - රෝහල් අධ්‍යක්ෂවරයා ළඟ තියනවා
නීතිඥ - ඇඳ ඉහපතේ දේවල් (ඕ.ඩ්.ඊ.) මතකද?
සාක්ෂි - තිබූ දේ ටිකක් මතකයි. හැම දෙයක්ම මට මතක නැහැ.
නීතිඥ - එහෙනම් ඒක අධිකරණයට ගෙන්විය යුතුයි නේද?
සාක්ෂි - එසේය ස්වාමීනි.
නීතිඥ - ඔබගේ සාක්ෂි අනුව කිව හැකිද? ශුක්‍රාණු නැතෙයි කියන සංයුතිය කෙසේද වන්නේ කියා?
සාක්ෂි - ලිංගික අතවරයකින් පසු යෝනි ශ්‍රාවයේ ශුක්‍රාණු තියෙන්නේ (34, සියයට තිස් හතරක් පමණයි කියා තියනවා. ලිංගික අතවරයකින් පසු කාන්තාවගේ යෝනියේ ශුක්‍රාණු ඇති ප්‍රමාණය සියයට  එකක් බව ඉන්දියාවේ වෛද්‍ය විශේෂඥයෙක් සොයාගෙන තියනවා. එය එසුස්තෝමියා ලෙස හඳුන්වනවා.
නීතිඥ - මහත්මිය පරීක්ෂණ කරනවද මේ ගැන?
සාක්ෂි - අනිවාර්යයෙන්ම කරනවා. ග්‍රන්ථ කියවනවා ඊට අදාළව තියන.
නීතිඥ - ඔබගෙන් අධිකරණය බලා‍පොරොත්තු වන්නේ ස්වාධීන මතයක්.
සාක්ෂි - එසේය ස්වාමීනි.
නීතිඥ - ඔබ අවු. 14 ක් මේ කටයුත්ත කළා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ලිංගික අතවරවලට දරුණු ලෙස පහරදීම්වලට ලක් වූ අය පරීක්ෂා කළාද?
සාක්ෂි - එසේයි ස්වාමීනි.
නීතිඥ - රෝගියකු විසින් දෙනු ලැබූ නිවැරදි නොවන ඉතිහාසයක් මත මතයක් ප්‍රකාශ කිරීමේ දී මතය වෙනස් වෙනවා.
සාක්ෂි - මා මතය ප්‍රකාශ කරන විට රෝගියාගේ තුවාල හැමදෙයක්ම බලලා ‍‍‍ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු සමග සාකච්ඡා කරලා මතයන් ප්‍රකාශ කරනවා. ඒ නිසා වැරදි මතයක් ප්‍රකාශ වෙන්නේ නෑ. ඉතාමත් පරිස්සමට සිදුකරන්නක්
නීතිඥ - තමන් වික්ටෝරියා පරීක්ෂා කළානේ. ඇය ඉංග්‍රීසියෙන් උත්තර දුන්නානේ?
සාක්ෂි - එසේයි ස්වාමීනි.
නීතිඥ - වෛද්‍යවරයෙක් රෝගියා පරීක්ෂා කරන්න කලින් තීරණයක් අරගෙනයි කරන්නේ.?
සාක්ෂි - ඔව් රෝගියාගේ ප්‍රතිචාර ගැන  බලනවා. අත්පය සෙලවීම ඇස් මත චලනය. සමට දැනීම.
නීතිඥ - ඇය සාමාන්‍ය සිහියෙන් හිටියා. ඇය කීවද එදා රාත්‍රියේ සාදයට ඇය සහභාගි වුණා කියලා?
සාක්ෂි - එසේයි ස්වාමීනි. හෝටලයේ රාත්‍රී සාදයට සහභාගි වුණා කීවා. සාදය යන වෙලාවේ රණ්ඩුවක් ඇතිවුණා කීවා. රණ්ඩුව ගැන කිසිදෙයක් දැන සිටියේ නෑ. එම රණ්ඩුව වෙන වෙලාවෙ ඇය එතන ඉඳලා නෑ.
නීතිඥ - ඔබ මත්පැන් ගඳ වහනය  වන රෝගීන් පරීක්ෂා කර තියනවාද?
සාක්ෂි - එසේයි ස්වාමීනි.
මත්පැන් පානය කරලා නම් ගඳ දැනෙනවා. මම ඇය මත්පැන් පානය කරලා තියනවද බැලුවේ නෑ.
ශ්‍රී ලංකාවේ මත්පැන් ලෙඩෙක්ගේ මත්පැන් පරීක්ෂා  කරන්න අධිකරණ නියෝගයක් අවශ්‍යයයි. මිය ගිය කෙනෙකුගෙ නම් අධිකරණ නියෝගයක් නැතිව බැලිය හැකියි.
නීතිඥ - තුවාල නමයක් සම්බන්ධයෙන් පරීක්ෂා කළා?
සාක්ෂි - නෑ තුවාල දහයක් . පරීක්ෂා කළා. රූපසටහනින් තුවාල අටක් පෙන්වා  තියනවා.
නීතිඥ - තුවාල ගැන නඩධබධටධතත  එකේ ඇතුළත් කිරීම නැහැ නේද?
සාක්ෂි - මෙය ර්ඹ්අ එකේ තියනවා. මගේ පෞද්ගලික සටහනේ තියනවා. අදාළ කොළේ නැති නිසයි රූප සටහන ඇතුළත් නොකළේ. නමුත් විස්තරය ඇතුළත් කළා.
නීතිඥ - රූපසටහනයි විස්තරයයි දෙකක්?
සාක්ෂි - දෙකක් වුණාට. රූපසටහනේ තියන දේයි විස්තර කර ඇත්තේ.
නීතිඥ - මම අහන්නේ ඒ දෙක  දෙකක් නේද?
සාක්ෂි - ස්වාමීනි නීතිඥ මහතා විනීත නැහැ. ඔහුට බැහැ මට බල කිරීම් කරන්න.
නීතිඥ - එහෙම නම් මම මේක නවත්වනවා. වෙන දවසකට ගමු. මට අවශ්‍ය නෑ ඔබේ පිළිතුරු
විනිසුරු - ඉදිරියට පවත්වාගෙන යන්න.
නීතිඥ - හිසේ තුවාලය සාමාන්‍ය තත්ත්වය අනුව මරණය සිදුවන තුවාලයක්.
වික්ටෝරියා මොන වගේ ඉරියව්වෙන් ඉද්දිද හිසට පහර වදින්න ඇත්තේ
සාක්ෂි - ඉරියව්ව ගැන මතයක් ප්‍රකාශ කළ නොහැකියි. මුහුණේ වම්පස කම්මු‍ලේ තුවාලය, කැපෙන ආයුධයක මොට පැත්තෙන් ගැසීමෙන් වෙන්න පුළුවන් එය ඔතලා තිබුණේ. බිඳුණු වීදුරු බෝතලයක කැපුණු උල් පැත්තෙන් ඇතිවිය හැකියි. කැඩුණු බෝතලයකින් මෙවැනි දෙයක් ඇතිවිය හැකියි.
ලැසි‍ලේෂන් ඉරීයාමක් වෙන්නේ මොට බලයක් යෙදීමෙන් සුමට පෘෂ්ටයක් කැපෙන්නේ නෑ.
නීතිඥ - කොපමණ දුරකින් සිට කරන ලද තුවලයක්ද?
සාක්ෂි - එය පවසන්න අපහසුයි. නළ‍ලේ වම්පස තුවාලය ඇතිල්ලී යන සීරීයාමක් රළු පෘෂ්ටයක් මත සම ගැටීම හා ඇදීයාම නිසා සිදුවේ.
දකුණු පස ඇස ආශ්‍රිතව ඇති පටක ඉරීමක් සිදුවෙලා. මෙය මොට බලයක් නිසා ඇතිවූවක්. අතමිට මොලවා ගැසුවත් තුවාලයක් විය හැකියි.
නීතිඥ - ඇගේ ටී ෂර්ට් එක ගලවලත් පරීක්ෂා කළාද?
සාක්ෂි - ඔව්. ඇඳුම ඉවත් කරල පරීක්ෂා කළා.
නීතිඥ - ඇය මට වඩා සුදුද?
සැමට සිනා.
සාක්ෂි - ඔව්.
නීතිඥ - වික්ටෝරියා මේ සිද්ධියේදී ‍පොරබැදුවා කීවා.
සාක්ෂි - ඔව්.
නීතිඥ - එම ‍පොරබැදීම්වලට අත් යොදාගන්නවනේ අත්වල තුවාල තැලීම්, ඉරීම් තිබුණද?
සාක්ෂි - නැත.
නීතිඥ - ඇගේ මැණික් කටුව ආශ්‍රිත අවයව තුවාල වී තිබුණද?
සාක්ෂි - සීරීම් නිය‍පොතු පාරවල් තිබුණේ නෑ. බොහෝදෙනකුගේ බලපෑම්වලට ලක්වූ ගැහැනියකට අධික බලයක් යෙදිය නොහැකියි. ‍පොරබැදීමක් කියන්නේ බේරීමට කළ උත්සාහයක් පමණයි.
නීතිඥ - ඇගේ දණහිසෙන් පහළ එක් තුවාලයක් පමණයි තිබුණේ.
සාක්ෂි - එසේය ස්වාමීනි.
නීතිඥ - ඇය ලිංගික අතවරයකට පත්වී නැහැ.
සාක්ෂි - ඇය ලිංගික අතවරයකට පත්වූ බව කිව හැකියි. ලිංගික අතවරයකට ලක්වූ අයගෙන් 10-30 අතර තුවාල විය හැකියි.
නීතිඥ - ඔබතුමිය තුවාල පැරා සෙක්සුවල් ඉන්ජරීස් කියලා වර්ග කරලා තියෙනවා.
(6,7,8,9 තුවාල ගැන) මම අහන්නේ නවවන තුවාලය ගැන. දකුණු කකු‍ලේ කලවයේ තැලුම් තුවාලයක්.
සාක්ෂි - එය කලවයේ ඇතිවී තිබූ දෙයක්. දකුණු කලවයේ පිටතට තැලීමක්. කිසියම් පුද්ගලයෙක් ඇද්දොත් විය හැකියි.
නීතිඥ - ටී ෂර්ට් එක ඉවත් කළාම නේද පියයුරුවල සැපීම් තුවාල දැක්කේ. තමන් ඇහුවද ඇගෙන්?
සාක්ෂි - මෙය ඉතා වැදගත් නිසා මම ඇහුවා. එම පියයුරු මත සැපීම ද්වේෂ සහගත සැපීමක්.
මෙම තුවාල ඉතා පැහැදිලිවම ද්වේශයෙන් සිදුකළ දෙයක්. ඇය කීවා ඔහු විසින් මෙවැන්නක් සිදුනොකළ බව. ඒ කියන්නේ කුරාම් ෂේක්
කියන පෙම්වතා එය සිදු නොකළ බව.
නීතිඥ - ලිංගික හැසිරීම්වලදී එය එක් එක් රටවල් හා සංස්කෘතීන් අනුව වෙනස් වෙනවා.
සාක්ෂි - ඔව් ස්වාමීනි.
නීතිඥ - ගෘහස්ථ හිංසනයට ලක්වූ කතුන් පරීක්ෂා කළා කීවනේ. තමන්ගේ සැමියගෙන් අධික ලෙස ලිංගික අතවරයකට සපාකෑම්වලට ලක්වූ අය දැක තිබෙනවාද?
සාක්ෂි - එසේය ස්වාමිනී
නීතිඥ - මහත්මිය කීවා. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සමග සාකච්ඡා කර නිගමන ලබාදෙනවා කියා. ඒ මහතාගේ නම කියන්න
සාක්ෂි - අධිකරණ වෛද්‍ය නිලධාරී මැක්සි ප්‍රනාන්දු මහතා. ඔහු සමග සාකච්ඡා කර තමයි මෙම නිගමන ලබාදුන්නේ. සර්ගෙන් උපදෙස් ගත්තා.
නීතිඥ - ඒ 1 කියන ‍ලේඛනයේ ඔබගේ නිරීක්ෂණ ඇතුළත් කළා
සාක්ෂි - එසේය. ස්වාමීනි. කරාපිටිය රෝහ‍ලේ දැඩිසත්කාර ඒකකයේදී හා අධිකරණ වෛද්‍ය ඒකකයේදී සටහන් කළා.
නීතිඥ - ඔබ පාට කීපයක පෑන් ලිවීමට යොදාගත්තා.
සාක්ෂි - ස්වාමීනි, මෙය මගේ පෞද්ගලික ලිපිගොනුව. මගේ බැලීමට පහසුවට මම කුමන පාට පෑනකින් ඒවා සටහන් කළත් කමක් නැහැ.
නීතිඥ - ඔබ පිළිගන්නවද? මෙම ‍ලේඛනයේ ලා නිල් පාට පෑනකින් ලියා තිබෙනවා නේද? ඒ 1 ‍ලේඛනය ලා නිල් පාටින් ලියලා තියෙනවා. තද නිල් පාට කොටුවේ දක්වා තියෙන්නේ තද නිල්පාට පෑනින්.
සාක්ෂි - වාක්‍ය සම්බන්ධීකරණය සැලකූවිට පෑන් කීපයක් භාවිතා කළා. ඒ මගේ පහසුවට
නීතිඥ - පරිගණක දත්ත අධිකරණයට ඉදිරිපත් කරලා නෑ.
සාක්ෂි - ඒවා මගේ පෞද්ගලික දත්තයන්. අධිකරණ වෛද්‍ය වාර්තාව සැකසීමට මා විසින් පවත්වාගෙන ගිය දෙයක්.
නීතිඥ - සර් තාම ඉන්නවද? මැක්සි ප්‍රනාන්දු.
සාක්ෂි - අ‍පොයි ඔව්.
නීතිඥ - මම අහන්නේ ජීවතුන් අතර ගැන නමෛයි. රෝහ‍ලේ ඉන්නවාද?
සාක්ෂි - ඔව්. මාතර රෝහ‍ලේ ඉන්නවා.
නීතිඥ - යම්කිසි රෝගියකු විසින් වෛද්‍යවරයාට බොරු කියන දෙයද ටෙන්ඩර්නස් කියන්නේ.
සාක්ෂි - රෝගියා බොරු කීවත් අපි පරීක්ෂා කිරීමේදී සොයාගත හැකියි බොරු කියනවාද නැද්ද කියලා.
නීතිඥ - තට්ටම්වල පහළ සීරිම් තැලුම් තුවාල තිබුණාද?
සාක්ෂි - ඇගේ ශරීරයේ පිටුපස බැලීමට මට නොහැකි වුණා.
නීතිඥ - තිරස් අතට කෙනෙක් ඉද්දී ‍පොළවට කෙළින්ම වදින්නේ තට්ටම්
සාක්ෂි - ඒ සිටින ආකාරය අනුව වෙනස් වෙනවා. මෙම අපවිත්‍ර දෑ ඇගේ රහස් පෙදෙස ආශ්‍රිතව තිබුණේ. කිසියම් ක්‍රියාවක් නිසා ඇති වූ දෙයක් නිසා කිව හැකියි.
නීතිඥ - සිහි නැතිවීම ගැන තොරතුරු ඇගෙන් විමසුවාද?
සාක්ෂි - සිහි නැතිවීම ගැන ඉතා පැහැදිලිව ගත්තා. හෝටලයේ සිටි බව කීවා. නැවත සිහි එද්දී කවුද ළඟ හිටියේ කීමත් වැදගත්. තරුණයින් පිරිස බදාගත් වෙලාවේ තමයි සිහිය නැතිවුණා කීවේ. තමන්ගේ පෙම්වතා බිම වැටිලා ඉද්දී තමන් ඔහුට කෘත්‍රිම ස්වසනය දුන්නා කීවා.
සිහිය ආපු තැන ඇහුවා පැහැදිලිවම. හෝටලය තුළදීම සිහිය ආවා කීවා. එවිට කාගේදෝ ටී ෂර්ට් එකක් ඇඳලා හිටියා කීවා. යට ඇඳුම් නැති බව කීවා. ඇය පාටියට ගවුමක් හා යට ඇඳුමක් ඇඳලා හිටියා කීවා.
නීතිඥ - මීට කලින් රුසියන් කතුන් පරීක්ෂා කරලා තියෙනවාද?
සාක්ෂි - නැත. ස්වාමීනි. දේශීය කතුන් පමණයි.
නීතිඥ - මේ සිද්ධියට පසුත් පරීක්ෂා කළාද විදේශීය කාන්තාවන්.
සාක්ෂි - නැහැ. මේ මගේ රාජකාරි ජීවිතයේ එකම අත්දැකීමයි. යට ඇඳුම් ඇඟේ නැති බව කියද්දී මම නිගමනය කළා ඇයට සිහිය එද්දී ඇය නිරුවත්ව සිටි බව
නීතිඥ -  එක්ස් 12 වෛද්‍ය වාර්තාවේ ඔබ ලියා තියෙනවානේ මාව පූල් එකට උස්සලා විසිකළා. පූල් එකට තල්ලු කළා කියලා. වස දීපු රෝගියකු ගැන ලියද්දී කොහොමද ලියන්නේ.
සාක්ෂි - ඒ වෙලාවේ රෝගියා ප්‍රකාශ කරන දේවල් ඒ විදිහටම ලියනවා. නම දන්නවනම් සම්පූර්ණ නම ගන්නවා.
ඇගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ අවසර ඇතිව මා ඡායාරූප ගත කළා. මගේ විශේෂඥ වෛද්‍යවරයාට පෙන්නුවා. ඒවත් මගේ අධිකරණ වෛද්‍ය වාර්තාවට උපයෝගි කරගත්තා.
ඇගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තිබුණා සිහිය නැතිවූ වෙලාවේ.
නීතිඥ - ද්වේශ සහගත සපාකෑමේ තත්ත්වය ඩී.එන්.ඒ. පරීක්ෂාවලට ලක්කළ යුතුව තිබුණා.
සාක්ෂි - වික්ටෝරියාව ඒ වෙලාවේ ශල්‍යකර්මයකට ලක්කළා. ඒ නිසයි එම පරීක්ෂණය කිරීමට නොහැකි වුණේ. එම උපකරණ කොළඹින් ගෙවන්වාගත යුතුවයි තිබුණේ.
නීතිඥ - මිනිසුන්ට වැරදීම් වෙනවා කියා පිළිගන්නවාද?
සාක්ෂි - ඔව් එහෙම තමයි.
විත්තියේ හරස් ප්‍රශ්න නිම කරයි.
රජයේ නීතිඥවරයාගේ පැමිණිල්‍ලේ ප්‍රශ්න මෙසේය.
රජයේ නීතිඥ තුසිත් මුදලිගේ - රෝගියාව පරීක්ෂා කරද්දී ඔබට වැටහුණා කීවා ඇය අතවරයකට ලක්වූ බව.
සාක්ෂි - ඔව් සියයට අනූනවයක්ම (99) විශ්වාසයි.
ඒ වෙලාවේ මේ තරුණියගේ පෙම්වතා කෲර ලෙස මරා දාලා තිබුණා. රාත්‍රී 12ත් පහුවෙලා. උත්සවයක් තිබිලා තිබුණා. මත්පැන් භාවිතා වෙලා තිබුණා. ඇයගේ යට ඇඳුම් තිබුණේ නෑ. ඇයගේ ලිංගාශ්‍රිත තුවාල තිබුණා.
නීතිඥ - ටෙන්ඩර්නස් ගැන සඳහන් කළා.
සාක්ෂි - එය වෛද්‍යවරයා නිරීක්ෂණය කරන දෙයක්. ඇගේ යෝනි මාර්ගය ආශ්‍රිතව ටෙන්ඩර්නස් තත්ත්වය තිබුණා. ඇයව විශේෂිත ඉරියව්වකට සකස් කරද්දී ඇය වේදනාවට පත්වෙලා කෑගැසුවා. මගේ ඇඟිලි අත්වල ස්පර්ශය නිසා ඇය වේදනාවෙන් කෑගැසුවා. ඇයව පරීක්ෂා කරද්දී ඇය විසින් සාක්ෂි දීමට උපයෝගි කරගත් ‍ලේඛනය එක්ස් 13 ලෙස අධිකරණයට ඉදිරිපත් කරනවා. 

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK