WATCH Live CRICKET Select A Channel

12 May 2014

12-05-2014 |රිතික් රෝෂන් සහ සුස‍ෑන් වෙන්වුණේ මත්කුඩු නිසා ද?

පසුගිය සතියේ මුම්බායි නුවර බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි පවුල් අධිකරණයට පැමිණි සුපිරි නළු රිතික් රෝෂන් සහ ඔහුගේ බිරිය වූ සුසෑන් වෙත කාගේත් දෑස් දැල්වී තිබුණා. ඉක්මන් ගමනින් අධිකරණය තුළට ගිය මේ දෙදෙනා මඳ වේලාවකට පසුව නැවතත් පිටතට පැමිණියේ හැඟුම්බර මුහුණුවලින්.
ඔවුන් දෙදෙනා අධිකරණය ඉදිරියට ගියේ තමන්ගේ දික්කසාදය නීතියෙන් ලබා ගන්නටයි. එහි තීන්දුව ළඟදීම ලැබේවි.
රිතික් සහ සුසෑන්ගේ වෙන්වීම අද මුළු ලොවම දන්නා කාරණයක්. සිව් වසරක ඇසුරෙන් පසුව 2000 වසරේදී විවාහ වූ රිතික් සහ සුසෑන් 2013 දී වෙන්වී ජීවත්වීමට තීරණය කළා. රිතික් සහ ඔහු සමඟ චිත්‍රපටවල රඟපෑ නිළියන් අතර ඇතිවූ පෙම් සබඳකම් මේ වෙන්වීමට හේතුවූ බව පැවසෙනවා.
විශේෂයෙන් ම ‘කයිට්ස්’ චිත්‍රපටයේ රඟපෑ බාබරා මෝරි සහ රිතික් අතර ඇතිවූ තහනම් පෙම මෙයට වඩාත් ම බලපා තිබෙනවා. සමහරු පවසන්නේ රිතික්ගේ කාර්ය බහුල ජීවිතය නිසා හුදෙකලා වූ සුසෑන්, ජනප්‍රිය නළු අර්ජුන් රම්පාල් සමඟ ඇසුරක් පැවැත්වීම ද මේ වෙන් වීමට හේතුවක් වූ බවයි. ඒත්, ඒ කතාවට ප්‍රතිචාර දැක්වූ අර්ජුන් සහ ඔහුගේ බිරිය පැවසුවේ එය මුළුමනින් ම අසත්‍යයක් බවයි.‍
මෙවැනි ආරංචි පැතිරෙද්දී පසුගියදා තවත් කතාවක් අහන්න ලැබුණා. එයින් කියවුණේ නළු ජීවිතයට ම රිතික් කොටු වී සිටීමෙන් හුදෙකලාවූ සුසෑන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බවයි. දෙදෙනාගේ දීගය දෙදරවන්නට හේතු වූයේ මේ කාරණය යැයි පැවසෙනවා. ඉන්දීය මාධ්‍ය මේ ගැන නොයෙකුත් පුවත් පළ කළත් තවමත් එහි ඇත්ත නැත්ත හරිහැටි හෙළිවී නැහැ.
කෙසේ වෙතත්, සුසෑන් මීට කලින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම දරු දෙදෙනා ගේ භාරකාරත්වය තමන්ට පවරන ලෙසයි. එහි තීන්දුව ලබන ඔක්තෝබරයේ දී ලැබෙනු ඇතැයි පැවසෙනවා.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK