WATCH Live CRICKET Select A Channel

12 May 2014

12-05-2014 |නන්ස්ටොප් වැඩ නිසා කට්රිනා ‘අප්සට්’

සිද්ධාර්ත් ආනන්ද් අධ්‍යක්ෂණය කරන ‘බෑන් බෑන්’ චිත්‍රපටයේ වැඩ කටයුතු පටන් ගත්තේ 2013 වසරේ මැයි මාසයේදී.‍ එතැන් පටන් අද දක්වා මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරුණේ නොයෙකුත් බාධක මැද්දේ. චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ කළ දිනවලදී එහි රඟපාන ජනප්‍රිය නළු රිතික් රෝෂන් අනතුරකට පත්වුණා.

එක්තරා දර්ශනයක රඟපාද්දී බිම ඇද වැටුණු රිතික් තුවාල ලැබුවා. ‘බෑන් බෑන්’ චිත්‍රපටයේ රඟන කට්රිනා කායිෆ්ටත් පසුගියදා හදිසි අනතුරකට මුහුණ දෙන්න සිදුවුණා. චිත්‍රපටයේ එන ගීතමය දර්ශනයක රිතික් සමඟ පෙරහුරුවක යෙදී සිටිද්දී ඇගේ පාදයක මස්පිඬු ඇදීමකට ලක්වෙලා. මේ හේතුවෙන් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නටත්‍, චිත්‍රපටයේ රූගත කිරීම් මඳකට නතර කරන්නටත් සිදුවෙලා.
කට්රිනා අවිවේකයෙන් යුතුව රූගත කිරීම්වල එක දිගටම යෙදී සිටිය නිසා ඇයට මෙවැනි ආබාධයක් සිදුවූ බවයි චිත්‍රපටයේ ශිල්පියෙකු පැවසුවේ. මේ සුපිරි නිළියට මෙවැනි ආබාධ හෝ අනතුරු සිද්ධ වුණේ ‘බෑන් බෑන්’ චිත්‍රපටයේ රඟපාද්දී විතරක් නොවෙයි. මෑතකදී තිරගතවූ ‘ධූම් - 3’ චිත්‍රපටයේ රූගත කිරීම් වලදීත් ඇගේ වම් පාදය ආබාධයකට ලක්වුණා.
ඒ විතරක් නොවෙයි. ‘ජබ් ටක් හේ ජාන්’ චිත්‍රපටයේ එක්තරා දර්ශනයක ඇතුළත් වූ යතුරු පැදියක නැඟී ගමන් කරන අවස්ථාවක් නිරූපණය කරද්දී යතුරු පැදියෙන් ඇද වැටුණු කට්රිනා සුළු තුවාල ලැබුවා. මේ හැම අනතුරකටම මුල විවේකයක් නොගෙන ම රූගත කිරීම්වල යෙදී සිටීම බවයි කට්රිනාගේ යහළු යෙහෙළියන් පවසන්නේ.
ඒත්, දැන් බොලිවුඩ් සිනමාවේ කලාකරුවන් සහ කලාකාරියන්ගේ විශ්වාසය වී ඇත්තේ ‘බෑන් බෑන්’ චිත්‍රපටයේ දර්ශන තල එහි රඟන නළු නිළියන්ට අවාසනාව ළං කර දී ඇති බවයි‍. ඒ අවාසනාව ඉක්මනින් ම දුරුවේවායි ද ඔවුන් ප්‍රාර්ථනා කරනවා.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK