WATCH Live CRICKET Select A Channel

20 May 2014

ලොව මිල අධිකම දික්කසාදය මෙන්න



මෝනකෝ පාපන්දු කණ්ඩායමේ හිමිකරු වන රුසියානු ජාතික දිමිත්‍රි රිබොලොව්ලෙව් හට සිය බිරිඳගෙන් දික්කාසද වීමේ නඩු තීන්දුව ලැබීමත් සමග එය මෙතෙක් ලබාදුන් මිල අධිකම දික්කසාද වන්දිය බවට පත්ව තිබේ. 


එම හිමිකරුගේ හා ඔහුගේ බිරිඳ වන එලේනා රිබොලොව්ලෙව්ගේ විවාහ දිවියට වසර 24ක් වූ අතර දික්කසාදය ලබා ගැනීම සඳහා වූ නඩු විභාගය වසර 6ක් මුළුල්ලේ පැවත ඇත. නඩු තීන්දුවෙන් ඔහුගේ බිරිඳට වන්දි ලෙස ඔහුගේ මුළු ධනයෙන් අඩක් වන ස්විස් ෆ්‍රෑන්ක් 4,020,555,987 ක මුදලක් (පවුම් බිලියන 2.6ක්) ගෙවන ලෙස නියම කර තිබේ.

මෙයට පෙර දික්කාසදයකදී ගෙවන ලද විශාලම වන්දිය පවුම් බිලියන 1.5කි. එය ප්‍රංශ ව්‍යාපාරිකයෙකු වන ඇලෙක් විල්ඩන්ස්ටයින් විසින් ඔහුගේ බිරිඳට ගෙවන ලද්දකි. 

දිමිත්‍රිගේ බිරිඳ විසින් දික්කසාද නඩුවේදී වන්දි ලෙස ඉල්ලා තිබුනේ ඔහුට හිමිවූ තිබු පහතින් දැක්වෙන ග්‍රීක දුපතය. 
12

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK