WATCH Live CRICKET Select A Channel

20 May 2014

ජනප්‍රිය නිලියක් දූෂණය වූ හැටි හෙළිකරයි





හොලිවුඩ් හි ප්‍රකට නිලියක් වන පැමෙලා ඇන්ඩර්සන් විසින් අතීතයේදී ඇයව ලිංගික අතවරයට ලක්වූ හැටි මාධ්‍යයට හෙලිකිරීමත් සමග හොලිවුඩ් පුරයම කැළඹීමට ලක්ව තිබේ. "The Baywatch" නම් ප්‍රකට ටෙලි නාට්‍යය මාලාවේ ප්‍රධාන නිළියගේ භූමිකාවට පන පෙවූ පැමෙලා ඇන්ඩර්සන් මෙම හෙළිදරව්ව සිදුකොට ඇත්තේ මේ දිනවල ප්‍රංශයේ පැවැත්වෙන කාන්ස් සම්මාන උලලේට සහභාගී වන අතරතුරේදීය.


එම වැඩසටහන අතතුරේදී මේවනවිට 46 වන වියේදී පසුවන පැමෙලා පවසා තිබුනේ වයස අවුරුදු හයේදී ඇය මුල්වරට තමා රැක බලාගැනීමට යොදවා සිටි කාන්තාව අතින් අතවරයට ලක්වූ බවය.

ඉන්පසුව වයස අවුරුදු 12 දී ඇයගේ මිතුරියක සමග මිතුරියගේ පෙම්වතාගේ නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ වැඩිමහල් සොහොයුරා අතින් තමා දුෂණයට ලක්වූ බවත් ඉන් අනතුරුව හිටපු පෙම්වතෙකු සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් තමන් සමූහ දූෂණයකට ලක්වූ බවත් හෙළිකොට තිබේ.

මිනිසුන්ව අනවශ්‍යය ලෙස විශ්වාස කිරීම ඒවාට හේතුවූ බවද ඇය විසින් හෙළිකොට තිබේ. 




Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK