WATCH Live CRICKET Select A Channel

26 May 2014

ඉරානය කැළඹූ කාන්ස් තුර්කියට - Video & Photos

02.
ලෝකවාසී සිනමා රසිකයින්ගේ දැඩි අවධානයක් දිනාගත් මෙවර ප‍්‍රංශයේ පැවති කාන්ස් සිනමා උළෙලේ විශිෂ්ඨම සම්මානය වන පැල්මාදෝ සම්මානය තුර්කියට හිමිවුණා.

වින්ටර් ස්ලීප් නම් වූ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීම වෙනුවෙන් එම සම්මානය හිමිවුණේ තුර්කියේ නූරි බිල්ජේ සේලන් හටයි.


හොඳම නළුවාට හිමි සම්මානය බි‍්‍රතාන්‍යයේ ටිමෝති ස්පෑල් දිනාගත්තේ මිස්ටර් ටර්නර් චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන්.

හොඳම නිළියට හිමි සම්මානය ජුලියානා මෝර් දිනාගත්තා.

ඒ, මැප්ස් ටු ද ස්ටාර්ස් චිත‍්‍රපටය වෙනුවෙන්.

මෙවර කාන්ස් සිනමා උළෙල ලොවපුරා දැඩි අවධානයක් දිනාගත්තේ ඊට එක්වු ඉරාන නිළියක් පිළිගැනිමට සම්මාන උළලේ සභාපතිවරයා ලබාදුන් හාදුවක් හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් හටගැනීමත් සමගයි.

එය ඉරානයේ මාධ්‍යය මෙන්ම රජයේ බලධාරින්ද දැඩි ලෙස හෙලාදැක තිබුණේ රටේ ආගමික විශ්වාසයන්ට හා ඉරාන කාන්තාවන්ගේ පාරිශූද්ධත්වයට කළ නින්දාවක් බවට චෝදනා කරමින්. 

වීඩියෝව පහතින්....

http://www.youtube.com/embed/qgapnn2TXn4

මීට අමතරව ප‍්‍රංශයේ දී පැවැත්වෙන ලෝකප්‍රකට ,කාන්ස්, සිනමා සම්මාන උළෙල වෙත රතු පලස මතින් පැමිණි බොලිවුඩ් නිලි අයිශ්වර්යා රායි මාධ්‍යයවල විශේෂ අවධානය දිනාගැනීමට සමත්වී ඇත.
 
මේ සඳහා ඇය පැමිණ තිබුනේ මේ වසරේ පැවැති ඔස්කාර් සම්මාන උළෙලට හොලිවුඩ් රංගන ශිල්පි කි‍්‍රස්ටින් කෙනොවෙත් ඇඳ සිටි ඇඳුමට සමාන ඇඳුමකින්.


එම අවස්ථාවේ ජායාරූප එකතුව පහතින්......

02.
03
"Two Days, One Night" Premiere - The 67th Annual Cannes Film Festival
05
06
07 09
10

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK