WATCH Live CRICKET Select A Channel

26 May 2014

මරා දැමු සරසවි සිසුවියගේ ෆේස්බුක් සටහන් - ඝාතනය සිදුකලේ තමන් විසින් බව පෙම්වතා පාපොච්චාරණය කර තිබේ



24 උදෑසන ඇල්පිටිය බස්නැවතුම්පොල පිටුපස ගොඩනැගිල්ලක් තුළ ඝාතනය කර තිබුණ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ඩිමාෂා ගයනකීගේ ඝාතනය සිදුකලේ තමන් විසින් කළ බවට යුද හමුදාවේ සේවය කරන කමාන්ඩෝ සෙබළෙකු වන ඇගේ පෙම්වතා විසින් පාපොච්චාරණය කර තිබේ. 

 

ඇය සමග පෙම් සබඳතාවය පැවැත්වූ බව කියන කමාන්ඩෝ සෙබලාට, ඇය කොළඹදී වෙනත් සම්බන්ධයක් ආරම්භ කර ඇති බවට ලැබුණ ආරංචියක් නිසා ඇතිවූ සැකයට ඔවුන් අතර ආරවුලක් හටගෙන තිබුණ අතර ඒ ගැන කථා කරන්නට යයි කියමින් අද උදෑසන කොළඹ යන්නට පෙර ඔහුව ඇල්පිටියේදී මුණගැසෙන්නට යයි පෙම්වතා දුරකථන ඇමතුමක් ලබාදී මින් පෙරදින දන්වා ඇත.

ඒ අනුව අද උදෑසන ඇල්පිටිය බස් නැවතුම්පොළ අසළ පාළු ගොඩනැගිල්ල අසළ දෙදෙනා හමුවී පෙම්වතාට ඇතිවූ සැකය ගැන බහින්බස්වී ඇති අතර ඒ අවස්ථාවේ කමාන්ඩෝ සෙබළ පෙම්වතාට ඇතිවූ ක්ෂණික කෝපය මත ඔහු සිරුරේ සඟවා ගෙන පැමිණි උල් පිහියෙන් ඇන ඇත. දිමාෂා මරා දැමීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇතිඅතර ඔහුගේ සැකසහිත හැසිරීම් හේතුවෙන් ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.

මියගිය ඩිමාෂා අවසන් වරට ඇයගේ ෆේස්බුක් ගිණුම භාවිතාකොට තිබුනේ පසුගිය 8 වනදා වන අතර එදින පුරා ප්‍රේමයේ විරහව හා මරණය සම්බන්ධ දේවල් ඇයගේ ෆේස්බුක් ගිණුමේ හුවමාරු කර තිබෙනු දක්නට ලැබුණි.

ඇය පලකල ඇතැම් අදහස් අතර මරණය සම්බන්ධ දැක්වෙන මෙවන් අදහස්ද දක්නට ලැබුණි.

“මා මියයන දිනක එන්න , මා බලන්න ඇවිත්යන්න,
කිසි දිනයක නොහෙළු කදුළු එක බිදුවක් හෙළලා යන්න
දෑස තදින් පියවුනාට - දෙකොපුල්  සීතල වුණාට,
පෙර පැවතුන දේ සිහිකර - නලලේ හාදුවක් තබන්න"


"නෙත් දහසක්  බලා හිදියි - මගේ යහගුණ ගැනම දොඩයි
මුවගට කර කිසිත් නොකියා පස් අහුරක් දාලා යන්න
සොහොනින් නුඹ පිටවන විට මහා තනිකමත් මෙමට දැනෙයි
මිනී මලක් ළගින් තබා - ආපසු නොබලාම යන්න"


" කවදා හරි දවසක මේ හැම දෙයම දාල යන්නම වෙනවා.ඒ ගමන කිසිවෙක් සතුටින් යන්නේ නෑ.ඒත් ඒ  ගමන දුකක් නැතුව යන්න පුළුවන් වුනොත් කොයි තරම් දෙයක්ද ? එදාට ගොඩාක් අය මතකයට එන එකක් නෑ. මතක් වෙන කීප දෙනා අතර ඔබත් ඉදියි කියලා විශ්වාසයි මට."

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK