WATCH Live CRICKET Select A Channel

10 June 2014

සෙව්මිණි සියදිවි නසා ගත්තේ ගුරුවරියන් දෙදෙනෙකුගේ ඇසුරක්..



රාගම, හපුගොඩ සාන්ත මරියා විදුහ‍ලේ දහ වන වසරේ ඉගෙනුම ලැබූ සෙව්මිණි අපේක්ෂා නමැති 15 හැවිරිදි දැරිය පසුගිය 06 වනදා දුම්රියට පැන දිවිනසා ගත්තේ විදුහ‍ලේ ගුරුවරියකගෙන් එල්ල වූ මානසික පීඩනය දරාගැනීමට නොහැකි වූ නිසාවෙන් බව ප්‍රදේශවාසීන් විසින් චෝදනාකොට තිබේ.



දහවන වසරේ ඉගෙනුම ලබමින් සිටි මෙම ශිෂ්‍යාව පාසලේ විනය කමිටුව භාර ගුරුතුමියට ඉතා සමීපව සිට ඇත. ඇයට යම් යම් ගැටළු ඇතිවූ අවස්ථාවේදී උදව්කොට ඇත්තේද එම ගුරුතුමිය විසිනි. 

පසුව එම සිසුවිය එම පාසලේ තවත් ගුරුවරියක සමග පවසා ඇත්තේ විනය බාර ගුරුතුමියගේ අසැබි ජායාරූප තමා සතු "මෙමරි චිප්" එකක ඇති බවයි. එම ගුරුවරිය මේ සම්බන්ධව අදාළ විනය භාර ගුරුවරියට දැන්වීමෙන් අනතුරුව කලබලවූ ඇය එම සිසුවියගෙන් දිගින් දිගටම අසැබි ජායාරූප ඇතුලත් "මෙමරි චිප්" එක ඉල්ලා කරදරකොට ඇත. විදුහල්පතිතුමාද දැරියගෙන් සිද්ධිය පිළිබඳව විමසූ විට දැරිය පවසා ඇත්තේ එවැනි ආකාරයේ ඡායාරූප ඇතුළත් චිප් පතක් පිළිබඳව තමා දන්නේ නැති බවය.

ඉන්පසු කලබලයට පත් ගුරුවරිය තවත් ගුරුවරියක් සමග දැරිය සමග ඇගේ නිවසට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ දැරියගේ දෙමව්පියෝ නිවසේ සිට නැත. දැරියගේ මාමා වූ ගාමිණී අල්විස් මහතා පැමිණ සිද්ධිය එම ගුරුතුමියගෙන් විමසූ විට ගුරුතුමිය විස්තරය මාමාට පවසා ඇත. 

එහිදී මාමා දියණියට පවසා ඇත්තේ එවැනි චිප් එකක් ඇත්නම් ටීචර්ට දෙන්න යනුවෙනි. සෙව්මිණි අපේක්ෂාට නිවසේදීත් එය සොයා ගැනීමට නොහැකි වී ඇති අතර හවසට එය ලබා දෙන බවට මාමා ඉදිරියේ ගුරුතුමියන් දෙපළට පවසා ඇත.


ඉන් නොනැවතුන මෙම  ගුරුතුමිය මෙම දැරිය රැගෙන පාසලට ගොස් පාස‍ලේ විදුහල්පති කාමරයේ හා වෙනත් ගුරු කාමරවලට ගෙන ගොස් දැඩිසේ දෝෂාරෝපණය කළ බවද වාර්තා වේ. 


එම සිද්ධියෙන් කලකිරුණු සෙව්මිණි අපේක්ෂා ඉකුත් 06 දා පාසල හැරී ගෙදර නොගොස් රාගම වල්‍පොළ ප්‍රදේශයට ගොස් දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබේ. 


සෙව්මිණි අපේක්ෂා දැරිය ක්‍රීඩාවෙන්ද පාසලට කීර්තියක් අත් කර දුන් ශිෂ්‍යාවක් වන අතර ඇගේ සියදිවි හානි කර ගැනීම සම්බන්ධව වගකිව යුතු ගුරුතුමිය වැඩ තහනම් කර අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව පවසමින් ඇගේ ඥාතීන්, ප්‍රදේශවාසීන් හා දරුවන්ගේ දෙමව්පියෝ පාසල ඉදිරිපිට දැරියගේ බැනරයක් ප්‍රදර්ශනය කරමින් ඊයේ (09) උද්ඝෝෂණයක් දියත් කළහ. පාසල අවට නොසන්සුන් තත්වයක් ඇතිවී තිබීම හේතුවෙන් අද (10) දිනයේ පාසල වසා තැබීමට තීරණයකොට ඇත. 

01 02 03 04

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK