WATCH Live CRICKET Select A Channel

10 June 2014

ඩුබායි මහ පාරේ ඉර අව්වෙන් බිත්තර ඔම්ලට්



සාමාන්‍ය ජනජීවිතයට බාධා එල්ල කරමින් ඩුබායිහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා පසුගියදා ඉහළ ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස උෂ්ණත්වය ඉහළ ගිය නගර අතර හමීම්, අල් ක්වා, මුකාරිස් රුවොල්ඩා ස්වයිහිම් සහ අම් අල් සුමෝල් ද වනවා. එම ප‍්‍රදේශවල උෂ්ත්වය සෙල්සියස් අංශක 47ත් 50ත් අතර වන බව වාර්තා වනවා.


එසේම අද දිනයේ ඩුබායිහි උෂ්ණත්ව මේ වන විට සෙල්සියස් අංශක 39ක අගයක් ගෙන ඇති බව බී.බී.සී. ලෝක සේවය පවසනවා. රියාද්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ක් වනවා. 

මේ අතර ඉන්දියාවේ නවදිල්ලියේද උෂ්ණත්වය වෙනදාට වැඩියෙන් ඉහළගොස් ඇති බව ඉන්දීය වාර්තා පවසනවා. එය වසර 62ක ඉහතිහාසයේ නවදිල්ලියෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය බවද සඳහන්. එය දැක්වුණේ සෙල්සියස් අංශක 47.4ක් ලෙසයි. මීට පෙර එවන් උෂ්ණත්වයක් නවදිල්ලියෙන් වාර්තා වූයේ 1995 ජුනි මස 16 වන දින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ. 


ඩුබායිස් උෂ්ණත්වය ඉහළ යාම කෙතෙක්දැයි දැන්වීම සඳහා ඡායාරූප පලව තිබුණේ මෙලෙසයි.
 Dubai temperature www.nethfm.com 02 Dubai temperature www.nethfm.com 01Dubai temperature www.nethfm.com 03 Dubai temperature www.nethfm.com 04

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK