WATCH Live CRICKET Select A Channel

11 June 2014

ඇමති මර්වින්ගේ ජංගි කතාව



අමාත්‍ය මර්වින් සිල්ව මහතා කලින් කලට සිදුකරන විවිධ ප‍්‍රකාශ නිසා නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්.

ඔහු ගම්පහ ප‍්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකදී සිය කුඩා කාලය ගත කළ ආකාරය පිළිබඳ අපූරු කතාවක් කිව්වා.
තමන් කුඩා කාලයේදී ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ මහතා සමග සෙල්ලම් කළ ආකාරය පිළිබදවද මතක් කළා. 

" අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිලිවෙල මං ක‍්‍රියාතමක කරන්නේ. අපේ දිස්ත‍්‍රික් නායක බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මං මේවා කරන්නේ. එතුමා අමතක කරන්න බෑ. මම නැවෙන්නේ නෑ පිදිය යුත්තන් පුදන්න. පිදිය යුත්තන් පුදන්න ඕන තැන මං පුදනවා මිසක් පිදේනි දෙන්න වගේ මගේ සෙල්ලමක් නෑ. අපි තුන්දෙනාම ඇවිත් තියෙන්නේ ගිරාගම්දොළොස්දාහෙන්.

අපේ ගෙවල්වල දුර ප‍්‍රමාණය හැතැප්ම පහයි. රාජපක්ෂවරු එක පැත්තකින් එනවා නම් මගේ ගෙවල් පසුකරගෙනතමයි බෙලිඅත්තට යන්න  ඕනි. තවත් පැත්තෙන් තංගල්ලට. බෙලිඅත්තට කිට්ටුම තැන තමයි අපේ ගෙවල්, කඩවල් පිහිටලා තියෙන්නේ. ඉතිං, අපිට ඒ සුවද, ආශ‍්‍රය, ඒ ගමන්මග මං තරම් පුරුදු කෙනෙක් මේ දේශපාලනයේ නෑ. ඒක ජංගි අදින කාලේ ඉදන් පුරුදු වුණේ. ජංගි ඇන්ද කාලෙකුත් තිබුණා. ඒ කාලේ මගේ දෙමාපියෝ ෆොටෝ අරන් තියෙනවා. දැන් හුගදෙනෙක් පොඩි කාලේ කියපු ඒවා, එයාලා දැන් රෙදි නැතුව කියනවා. එක එක දේවල්. "

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK