WATCH Live CRICKET Select A Channel

11 June 2014

ශාරුක් බුදු දහම වැළඳගත්තාද



ශාරුක් ඛාන් තම ආගම අතහැර බුදු දහම අදහන්නට යන බවට පසුගිය දිනවල විවිධ ආකාරයේ ප‍්‍රචාරයන් විවිධ මාධ්‍යවල මෙන්ම වෙබ් අඩවිවලද පළ වුණා.
කෙසේ වෙතත් දැන් පළවන වාර්තාවලින් කියැවෙන්නේ එම ප‍්‍රවෘත්තිය තරමක් දුරට අතිශෝක්තියෙන් යුක්ත පුවතක් කියලයි.
සිද්ධ වුණේ මොකක්ද කියලා ශාරුක් තම ට්විටර් ගිණුමේ සටහනක් යොදා තිබුණා. ඒ තමන්ගේ කලබලකාරී මනස සංයමයකට පත් කර ගන්න බුදුන් වහන්සේ ගැන පොත්පත් කියවනවා කියලා.

ශාරුක් උපතින් ඉස්ලාම් භක්තිකයෙක් වුණත් ඔහුගේ බිරිය නම් හින්දු භක්තිකයෙක්. ඒ වගේම ශාරුක් අනෙකුත් ආගම්වලට බෙහෙවින් ගරු කරන කෙනෙක් විදිහට තමයි ප‍්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ. මයි නේම් ඉස් ඛාන් චිත‍්‍රපටයටත් බෞද්ධ දර්ශනය උපයෝගී කර ගත් බවයි ශාරුක් එරට මාධ්‍ය වෙත කියා තිබුණේ. බුදු දහම සම්බන්ධයෙන් ශාරුක් තම ට්විටර් ගිණුමේ තබා ඇති සටහන පහත දැක්වේ. 

sharu

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK