WATCH Live CRICKET Select A Channel

18 June 2014

කනට කුඩා කෘමියෙක් හෝ කුඩා ඇට වර්ගයක් ගියොත් දිය යුතු ප්‍රතිකාර

කන්, දත් ආදී තැන්වල ඇතිවන වේදනාවන් ඉවසා ගැනීමට නොහැකි වනවාසේම යම් ලෙසකින් ඔබගේ කනට සතෙක් ඇතුළු වුවහොත් හෝ කනට යම් දෙයක් අහම්බෙන් ඇතුල් වුවහොත් එහිදී ඇතිවන වේදනාව අපහසුතාව කෙතරම් ද යන්න අවබෝධ කර ගැනීමට අමුතුවෙන් පැහැදිලි කිරීම් අවශ්‍ය වන්නේ නැහැනේද?

 
එසේ වූවත් මෙ වැනි අවස්ථාවකදී මූලිකව අප කළයුත්තේ කුමක්ද යන්න විශේෂයෙන් දැනගත යුතුයි. මෙහිදී කුඩා දරුවන් සම්බන්ධයෙන් මෙය ඉතාම දැඩිව බලපාන තත්ත්වයක් මෙන්ම එවන් විටකදී ඔවුන්ට ප්‍රථමාධාර ලබාදීමද ඉතාම අසීරු කටයුත්තක්. 
කෙසේ වෙතත් ලොකු කුඩා කවර අයෙකුට හෝ හදිසියේ මෙවැනි අවදානමකට මුහුණදීමට සිදුවූවොත් කළ යුතු මූලික ප්‍රතිකර්ම මොනවාද යන්න කතා කරමු.


මෙවැනි අනතුරු බහුලව දකින්නට පුළුවන් වන අතර එවන් අවස්ථාවකදී අප කළ යුතු නිවැරදි දේ කුමක් ද යන්න තීරණය කිරීමට බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. මෙසේ හදිසියේ අනතුරට පත්වන තැනැත්තන් අතර කුඩා දරුවන් බහුලව මෙවැනි අවස්ථාවන්ට මුහුණ දෙනවා. මෙහිදී දරුවන් සම්බන්ධයෙන් කුමක් කරන්නට ද නොදන්නා මවුපියන් එවැනි අවස්ථාවල සිදුකරන විවිධ නිවැරදි නොවන ක්‍රියා නිසා දරුවාට මුහුණදීමට සිදුවන අනතුරේ බරපතළකම තවත් වැඩි වෙනවා. ඒ නිසා මෙවන් මොහොතක අපි කළ යුතු මෙන්ම නොකළ යුතු දේ මොනවාද කියා අපි සැළකිලිමත් වෙමු. මෙහිදී ප්‍රධාන වශයෙන් කනට අනතුරු සිදුවිය හැකි ආකාර දෙකක් පවතිනවා. 


ඉන් පළමු වැන්න කනට කුඩා සතෙක් ඇතුල්වීමයි. එසේ නැත්නම් කුඩා බෝල, විවිධ ඇට වර්ග කනට ඇතුළුවීම දැක්විය හැකිය. මෙහි දෙවැනි අවස්ථා බොහෝ දුරට කුඩා දරුවන් සම්බන්ධයෙන් අදාළවේ. කෙසේ වෙතත් මේ කුමන හෝ අවස්ථාවකදී කළ යුතු මූලික පියවර පහත ආකාරයෙන් දැක්විය හැකියි.


(01) අනතුරට මුහුණදුන් තැනැත්තාගේ කන උඩු අතට හරවා ජලය හෝ පොල්තෙල් කිසිදු බියකින් තොරව වක්කරන්න. එහිදී කනට අනතුරක් හානියක් වේ යැයි බියක් ඇතිකර නොගන්න. වැදගත් වන්නේ සතා ඉවතට ගැනීමයි.

(02) මෙසේ මිනිත්තු කිහිපයක් ජලය රැදෙන අතට බෙල්ල හරවාගෙන සිටින අතර කනට ඇතුළු වූ සතා ඉවතට පැමිණියේ දැයි පරීක්‍ෂා කර බලන්න.


(03) ඒ වගේ ම සතා ඉවතට පැමිණියේ නැත්නම් අඬු හෝ වෙනත් උපකරණ භාවිතා කොට සතාව ඉවත් කිරීමට නොයන්න.


(04) එහිදී යොදා ගන්නා උපකරණ නිසා හෝ සතාගේ අඬු නිසා කන අභ්‍යන්තරයේ පවතින සියුම් ස්නායුවලට හානි සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ වඩා සැළකිලිමත් වන්න.


(05) කිනිතුල්ලන් වැනි සතුන් සඳහා ඔවුන් ඉවතට ගැනීමට සිතා වතුර හෝ පොල්තෙල් කනට නොදමන්න. ඒ වගේ අඬු භාවිතා කොට එම සතා ඉවත් නොකරන්න.


(06) ඉහත අවස්ථාවේදී මෙන්ම කනට වෙනත් කුමන හෝ දෙයක් ඇතුල් වූ විට ද හැකි ඉක්මනින් කළ යුතු වන්නේ උගුර, කන, නාසය සම්බන්ධ වෛද්‍යවරයකු වෙත ගොස් එම සතාව හෝ කනට ඇතුල් වූ දේ ඉවත් කර ගැනීමයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK