WATCH Live CRICKET Select A Channel

18 June 2014

උගුරේ යමක් හිරවූ විට දිය යුතු ප්‍රතිකාර

Photo: ~~~~උගුරේ යමක් හිරවූ විට දිය යුතු ප්‍රතිකාර~~~~

උගුරේ යම් යම් දේ සිරවීම බහුලව සිදුවන්නේ කුඩා දරුවන්ට හා වයස්ගත වූවන්ට යි. කුඩා දරුවන් තමන්ගේ අතට හසුවන සියලු දේ කටේ දමාගැනීම ස්වභාවිකයි. 
ආය කටු, බැටරි කෑලි, කාසි, ගල්කැට, අල්පෙනිති, ඉඳි කටු ආදිය බහුල වශයෙන් කුඩා දරුවන් උගුරේ සිර කර ගන්නා අවස්ථා ඕන තරම් තිබෙනවා. දරුවාට මේ දේවල් වලින් විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා ඔබ දැනුවත්ව සිටිය යුතුයි.
දරුවා විවිධ චර්යා ඉගෙන ගන්නේ වැඩිහිටියන්ගෙන්. ඒ නිසා දරුවන් ඉදිරිපිට හැසිරීමේදී වඩාත් සළකිලිමත් විය යුතුයි. ඔබ කරන ඇතැම් කටයුතු දරුවන් අනුකරණය කීරීමට යාම නිසා ඔවුන් විවිධ අනතුරුවලට ලක්වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. 
ඒ නිසා ඔබ චර්යාත්මක වෙනසක් ඇති කර ගන්නවා නම් දරුවා අනතුරු වලින් වළක්වා ගැනීමට වෙනම ආයාසයක් දැරීම අවශ්‍ය නැහැ.
ඔබ කාර්ය බහුල වුණත්, දරුවාට ආහාර දෙන විට, උගුරේ සිර නොවන ආකාරයට ආහාර දිය යුතුයි. කොස් ඇට වැනි ඇට වර්ග දරුවාට එකවර ගිලී යාමට හැකියාව තිබෙනවා. ඒ නිසා ඒවා හොඳින් පොඩි වන ලෙස තම්බා, ඇටයක් ලෙස නැවත ගුලි කර දීමෙන් දරුවාගේ රුචියේ වෙනසක් ඇති වෙන්නේත් නැහැ. ඒ වගේම අනතුරු සිදු වන්නේත් නැහැ.

දරුවාගේ උගුරේ යමක් සිරවී තිබෙන විට දරුවාට එය හොඳින් තේරෙනවා නම් එය ක්‍ර‍්‍රියාවෙන් පෙන්නුම් කරනවා. එසේ පෙන්නුම් කරන්නේ කොටසක් පමණක් සිරවී ඇත්නම් පමණි. සම්පූර්ණයෙන්ම සිරවී ඇත්නම් දරුවාට හුස්ම ගැනීමට නොහැකි වී තත්ත්වය බරපතළ වෙනවා. ශරීරය නිල් පාට වී ඇතැම් විට මරණය පවා උදාවිය හැකියි.
දරුවාගේ උගුරේ යම් කිසි දෙයක් අර්ධ වශයෙන් හිරවී ඇත්නම් දරුවා මුනින් අතට සිටින සේ අතට අරගෙන උරහිස් අතරට ඔබේ අත්ලේ අඩියෙන් පහර පහක් ගසන්න. එවිට දරුවාගේ හිස බිමට හැරවී තිබිය යුතුයි. මෙසේ කීප අවස්ථාවක පහර ගැසීම මගින් කැස්ස ඇතිවී උගුරේ සිර වූ දෙය පිටවී යනවා.
මෙසේ දිගටම කරගෙන යාමෙන් ප්‍රතිඵල අත් නොවෙයි නම් රෝගියා අපහසුතාවට පත් නොකර වහාම ආරක්ෂිතව රෝහල් ගත කරන්න.
මෙවන් අවස්ථාවල දී බොහෝ මාපියන් දරුවාට කෙසෙල් ගෙඩි, බත් ගුලි ආදිය දිගින් දිගටම කෑමට දෙනවා. එය එතරම් සුදුසු දෙයක් ;නාවෙයි. රෝගියාගේ තත්ත්වය බැරෑරුම් නම් රෝගියාගේ හුස්ම ගැනීම සම්පූර්ණයෙන්ම නතර වීමට ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයකදී වහා ක්‍රියාත්මක වී රෝගියාගේ නාසය හා කට තමන්ගේ කටට ගෙන හුස්ම වාර පහක් ලබා දෙන්න. 
එමෙන්ම පපුව මැදට ඔබේ ඇඟිලි දෙක තබා පසු තෙරපුම් වාරතිහක් දෙන්න. නැවත හුස්ම වාර දෙකක් ලබා දෙන්න. නැවත පසු තෙරපුම් ද ලබා දෙන්න. මෙසේ අඛණ්ඩව කරමින් වහාම වෛද්‍යවරයකු වෙත ගෙන යන්න. 
උගුරේ යමක් සිරවීම මගින් මරණය පවා ළඟා විය හැකි නිසා කුඩා දරුවන් හා වැඩිහිටියන් ආහාර ගැනීමේ දී සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. අනතුරක් වීමට කලින් එය වළක්වා ගැනීම වඩාත් නුවණට හුරුයි.

උගුරේ යමක් සිරවීම මගින් මරණය පවා ළඟා විය හැකි නිසා කුඩා දරුවන් හා වැඩිහිටියන් ආහාර ගැනීමේ දී සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. අනතුරක් වීමට කලින් එය වළක්වා ගැනීම වඩාත් නුවණට හුරුයි

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK