WATCH Live CRICKET Select A Channel

13 June 2014

නන්දට වඩා උමාරිය‍‍ා හොඳයි කියලා මං කිව්වේ නෑ

l3
පසුගිය දිනක  ළහිරු පෙරේරා විසින් සමාජයේ  වඩාත් කතාබහට ලක්වුණු   ප්‍රකාශයක් පුවත්පතකට කරලා  තිබුණා කියලා මේ වෙන කොට කවුරුත් දන්න කාරණයක්නේ. මොකක්ද ඒ කතාවේ ඇත්ත නැත්ත කියලා   අපි  ඇහුවා ළහිරු පෙරේරාගෙන්ම .

 
ඒ වෙලාවේ ළහිරු පෙරේරා මෙන්න මේ වගේ කතාවත් තමයි අපිත් එක්ක නම් කිව්වේ.

 
”  ඒ පත්තරේ දාල තිබුණ දේවල් මගේ වචන නොවෙයි. ඒක ලියපු කෙ‍නාගේ වචන තියෙන්නේ‍. මම එහෙම දෙයක් කියලවත් නෑ. එකේ රෙකෝඩින් එක තියෙනවා. ඒ ‍රේකෝඩින් එක ඉස්සරහට දාන එකක් නම් නෑ.‍   ”  නන්දා මාලනීයට උමාරියත් එක්ක හැරෙන්නවත් බෑ”  කියලා මං  කියලා නෑ.  ඒ කතාව එගොල්ලන්ගේ පත්තරේ විකුණගන්න දාපු හෙඩින් එකක් විතරයි.  මම ඒ වෙලාවේ කියද්දි කිව්වා කාවවත් ජීවිතයට සමාන කරන්න බෑ. කවුද දක්ෂ කියන එක අපිට කවදාවවත් කොහෙදිවත් කියන්න බෑ කියලා . දැන්  බලන්න මට සමාන කරන්න පුළුවන් කවුරුවත් නෑ.  මං වගේ  සිංදු  කැතට කියන්න පුළුවන් කවුරුත් නෑ. පුළුවන්නම් කියන්න මං වගේ කැතට සිංදු කියන්න පුළුවන් කවුරුවත් ඉන්නවද කවුරුවත් නෑ.  මට හිතෙන විදයද, මට දැනෙන විදියද දක්ෂ ගායක ගායිකානකගේ නම් දෙකක් මං එතන කිව්වා.


 
ඊට පස්සේ තමයි මගෙන් ඇහුවේ එතකොට නන්දාමාලනියන්  කියන කෙනා සුපිරිතම ගායිකාවක් නොවෙයිද කියලා . එතකොට මං කිව්වා ” එයාලව කවදාවත් සමාන කරන්න බෑ” කියලා.  මොකද මං ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනය ලබපු, දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස සිටි  එක්කෙනෙක්. මම බෞද්ධයෙක්  කියලා. මම දන්නවා සිංහල සංගීතයේ වෙනස්වීම්, සිංහල සංගීතය කොයි හරහා ගිහින් වෙනස්වීම්වලට භාජනය වෙලා තියෙනවාද, කොතනදීද නැවතුණේ, කොතනදීද පිඹිදීමක් ඇති වුණේ,  කියන දේවල් ඔක්කෝම මම දන්නවා.   ඒ ගැන මට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ.  මම කවදාවත් සමාන කරන්න ගිහින නෑ, නමුත් එයාලා ඒක සමාන කරලා දාල තියෙනවා, මෙයාට වඩා මෙයා හොඳයි කියලා. ඇත්තටම කියනවානම් වලිගේ පාගගෙන තියෙන්නේ.




මොකද නන්දාමාලනියන් කියන්නේ මම ආදරය කරන කෙනෙක් ,  මම එතුමියගේ ගීත රසවිඳින එක්කෙනෙක්.  අමරදේවයන්ගේ ගොඩාක්ගීතමම ගායනා කරලා තියෙන එක්කෙනෙක්.  ඉතින්  ඒ ප්‍රකාශ ගැන දැකලා කාගේ හරි හිත රිදුනානම්  එයාලා  මට සමාවෙන්න ඕන. මම එහෙම දෙයක් කරලා නෑ. ඔයගොල්ලෝ පේපර් අර්ටිකල් එකක් බලලා තමයි ඒ ගැන තීරණය කරලා තියෙන්නේ.  මොකද සමහරක් වෙලාවට පේපර් අර්ටිකල්වලින්   අපි දෙන හැඟීම්    එළියට එන්නේ නෑ.  හැබැයි එයාලා ඒක විකුණා ගැනීම සඳහා වෙනස් දෙයක් මිනිස්සුන්ට දෙන්න හදනවා”.
l1
l4
l3
l5


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK