WATCH Live CRICKET Select A Channel

16 June 2014

සිදුහත් චරිතය රඟපෑ ගාගන් මලික් ලංකාවේදී බුදුදහම වැළඳ ගනී

ලංකාවේ තිරගත වූ "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටයේ සිදුහත් කුමරුගේ චරිතය නිරූපණය කල ඉන්දියානු නළු ගාගන් මලික් පසුගිය පොසොන් පෝදා මිහින්තලා පූජා භූමියේදී බුදු දහම වැළඳගෙන ඇති වාර්තා වේ.


මිහින්තලා රජමහා විහාරයට පැමිණි ගාගන් මලික් පළමුව බුදුන් වැඳ පසුව පංච ශීලය සමාදන් වී ඇත. ඉන් අනතුරුව මහා සංඝරත්නය විසින් ගගන් මලික් හට පිරිත්  සජ්ජයනා කොට ආශිර්වාද කොට ඇත.

එහිදී මාධ්‍යය අමතා ගාගන් මලික් ප්‍රකාශකොට ඇත්තේ මෙවැන්නකි. 

විශ්වය දිනුවා වූ උතුම් සංකල්පය ඉදිරිපත් කරන්නේ මෙම උදාර ගුණ මුලු මහත් මිනිස් වර්ගයාටම ධෛරමත් කිරිම තුලින්
ආධ්‍යාත්මික ශාන්තිය ඇති කිරිම උදෙසා මගේ ජිවිතයම මගේ කාලයම එම උතුම් බුදුමග යමින් මෙතින් සිතා කැප කරන බව මෙම පින් බිමේ සිට නිහමානීව ප්‍රකාශ කරන්නට කැමතියි.


මෛත්‍රිය කරමු මිත්‍රත්වය මුල් කරගනිමු ශ්‍රි ලංකාව තුලින් මුලු ලොවටම මෙම දහම් රැගෙන යමු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK