WATCH Live CRICKET Select A Channel

26 June 2014

ගැබිණි මව්වරුන් සඳහා එච්.අයි.වී පරික්‍ෂාව සිදුකිරීම අනිවාර්ය..

ගැබිණි මව්වරුන් සඳහා එච්.අයි.වී පරික්‍ෂාවක් සිදුකිරීම අනිවාර්ය කිරීමට තීරණය කළ බව ජාතික ලිංගාශ‍්‍රීත රෝග සහ ඒඞ්ස් මර්දන ව්‍යාපෘතිය පවසනවා. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ 2016 වර්ෂය වන විට සියලූම ගැබිණි මව්වරුන්ගේ ඒඞ්ස් පරික්‍ෂාවක් සිදුකිරීම එහි ප‍්‍රධාන ඉලක්කය බවයි.


මවගෙන් දරුවාට ඒඞ්ස් රෝගය වැළඳීම අවම කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක බව ඒ මහතා කියා සිටියා.

" එච්.අයි.වී පරික්‍ෂාවක් කරලා මවක් පළවෙනි මුල් කාර්තුවේදී හදුනාගත්තොත් එච්.අයි.වී තියන බව ප‍්‍රතිකාර කරලා ලමයට යන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න පුලූවන්... නැත්මන් 50% බලපෑමක් තියනවා ලමයට හැදෙන්න.. දැනට ගිය අවුරුද්දේ එහෙම  ගැබිණි මව්වරු පරික්ෂා කරලා 6 දෙනෙකුට එහෙම ප‍්‍රතිකාර කරලා දරුවන්ට හැදෙන එක වලක්වළා තියනවා...  මේ අවුරුද්දේ 5 ක් ට එහෙම ප‍්‍රතිකාර කරලා වලක්වලා තියනවා.... "


මේ වන විට ද ගැබිණි මව්වරුන් සඳහා සිදුකෙරෙන වී.ඞී.ආර්.එල් පරික්‍ෂණයට සමගාමීව මෙම එච්.අයි.වී පරික්‍ෂාව සිදුකරන බවද වෛද්‍යවරයා කියා සිටියා.



" මෙහිදී ඒක ඉතා වැදගත් වෙනවා එච්.අයි.වී පරික්‍ෂාවක් කළාම සාමාන්‍යන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ පරීක්ෂනය කළාම ලංකාවෙම මව්වරු 50 ක් විතර හොයා ගන්න පුලූවන්... ඒ 50 ම අපිට වලක්ව ගන්න පුලූවන් වුණොත්  අවුරුද්දට දරුවන් 50 ට  එච්.අයි.වී වැළඳීම වලක්වා ගන්න පුලූවන්.... ඇත්තටම දැනට මේ වන විට ද ගැබිණි මව්වරුන් සඳහා සිදුකෙරනවා වී.ඞී.ආර්.එල් පරික්‍ෂණය කියලා ඒත ලිංගික ආශි‍්‍රත රෝගයක් වන ටිපිලිස් රෝගය දරුවන්ට වැළදෙන එක වලක්වන්න පරීක්ෂණයක් මුළු ලංකාවේම කරනවා....


ඒ ගන්න රුධිර සාම්පළයම මේ සඳහාත් කරන්න පුලූවන්... අපි දැනට කරන ඒවා එහෙමයි කරන්නේ... 2002 ඉදලා  කාසල් රෝහලේ හා කිහිපයක කරනවා.... ඒත අපි මුළු MOH මට්ටමෙන් පටන් ගත්තේ ගිය අවුරුද්දේ අන්තිම කාර්තුවේ..... 2015 වෙනකොට සියලූම මව් වරුන්ගේ මෙම පරීක්ෂණය කරන්න සූදානම් වෙනවා..... "



මෙම පරික්‍ෂාවෙන් එච්.අයි.වී ආසාදනය වී ඇති බවට හඳුනාගන්නා ගැබිණි මව්වරුන්ගෙන්, දරුවන්ට එම වෛරසය වැලඳිම වැලැක්විය හැකි ආකාරය පිළිබඳව ද වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැහැදිලි කළා.




" අම්මාට තියනවානම් ඒක හදුනගත්තොත් ප‍්‍රතිකාර තියනවා..... නිට්ටාවට සුව නොවුනට අපට අරක පාලනය කරන්න පුලූවන්..බෙහෙත් ගන්නකෙට අම්මාගේ වෛරස් ප‍්‍රමාණය බින්දුව දක්වා අඩුවෙනවා.... එතකොට දරුවෝ බේරෙනවා.... බෙහෙත ගන්නකොට ගන්න කාල සීමාව තුල එච්.අයි.වී වෛරසය හදුනගන්න බැරිවෙන තරම් අඩුවෙනවා....


සාමාන්‍යන් දරුවට යන්නවානම් යන්න පුලූවන් එකක් තමයි රුධිරය හරහා...ගර්භාෂයේ ඉද්දි යන්න පුලූවන් එක හරහා.... ඩිලවරි කරනකොට රුධිරය කලවන් වීමෙන් යන්න පුලූවන්.... එහෙම නැත්නම් මව් කිරි වලින් යන්න පුලූවන්.... ඒ 3 ම එච්.අයි.වී වෛරසය එක ලේ වල අඩුවන හින්දා අර ක‍්‍රම 3 ම වැළඳෙන එක වලකින්වා.... "

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK