WATCH Live CRICKET Select A Channel

26 June 2014

ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් ගිනස් පොතට


ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් ගිනස් වාර්තා පොතට ඇතුලත් වී ඇතැයි වාර්තාවනවා. ඉතා ඉක්මනින් තිර නාටකය ලියා රූ ගැන්වා වෘතාන්ත චිත්‍රපටයක් තනා මෙම වාර්තාවක් පිහිටුවා තිබෙනවා. මෙම චිත්‍රපටයේ නම මංගල ගමන වන අතර අධ්‍යක්ෂකවරයා නන්දන හේවාපන්නයි. 

තිර රචනයේ සිට තිරගත කිරීම දක්වා ගත වූ කාලය පැය 72 මිනිත්තු 19 සහ තත්පර 21 බවයි වාර්තාවන්නේ. ඒ අනුව ලොව වැඩිම වේගයෙන් සෑදූ චිත්‍රපටය වශයෙන් මෙය ගිනස් වාර්තාවට හිමිකම් කියනු ලබනවා.

මෙහි තිර රචනයට ගත වී ඇති කාලය පැය 1 විනාඩි 35 ක් වන අතර කොළඹ, වත්තල ඇතුළු දර්ශන තල අටක රූ ගැන්වුණ මංගල ගමන හි කැමරවට නඟාගත් දර්ශන එම මොහොතෙන්ම සංස්කරණය කොට තිබෙනවා.

චාමි සේනානායක, ශෙනාලි පෙරේරා, රෝහිත සමරවීර, ගාමිණී කොස්තා, නිශ්ශංක උදය කුමාර්, ගයාන් මාපලගම, ආශ්චර්යා සමරවීර, තුෂාරි වරාවැව, ශාන්ති පෙරේරා, ජේ. ඒ. අයි. එච්. පෙරේරා, එන්. පී. දයානන්ද, කුමාර නිරෝෂන් අපොන්සු, එම්. එස්. එම්. සෆ්රාස් මෙහි චරිත නිරූපණය කරයි. එස්. උදයසූරියන්ගේ සංස්කරණයකි.

මේෂාන් හේවාපන්න අංග රචනා ශිල්පියාය. කලා අධ්‍යක්ෂණයෙන් ලක්ෂාන් හේවාපන්න දායක වී ඇත. කතාව, දෙබස්, තිර රචනය, කැමරාකරණය, නිෂ්පාදනය නන්දන හේවාපන්නගෙනි. අවසාන නොවේ, 71 කැරැල්ල, මතුගම සමන් කුමාර ඔහුගේ වේදිකා නිර්මාණ අතර වනවා. මංගල ගමන නන්දනගේ මංගල චිත්‍රපටයයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK