WATCH Live CRICKET Select A Channel

18 June 2014

දරුවන් සෙල්ලම් කරන විට අවධානයෙන් සිටින්න

ගත වූ මාස කිහිපය තුළ ඔංචිල්ලාවේ ගෙළ හිරවීමෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව හයකි. ඒ අතර දැරියක් ද වෙයි. මෙවැනි අනතුරු වළක්වා ගත හැක්කේ කෙසේ ද? අනතුරක් සිදුවූ විට මූලික වශයෙන් වැඩිහිටියන් ලෙස අප කළ යුත්තේ කුමක් ද?
ඔංචිල්ලාව වැනි අනාරක්ෂිත අන්තරාදායක ක්‍රීඩාවක දරුවන් යෙදෙන අවස්ථාවලදී දෙමව්පියන්ගේ අධීක්ෂණය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. විශේෂයෙන්ම ලණු ඔංචිල්ලාවේ සහ රෙදි ඔංචිල්ලාවේ සිදුවිය හැකි අනතුරු වැඩියි. පුටු ඔංචිල්ලාවේ සිදුවිය හැකි අනතුරු අඩු යැයි කිව හැකි වුවත් අනතුරු සිදු නොවේ යැයි කියන්න බැහැ. ලණු සහ රෙදි ඔංචිල්ලාවේ වඩා ඉහළට ඇදෙන විට දරුවා එක් තීරුවකට බර වුණොත් කරකැවෙන වේගයට ම අනෙත් පැත්තට ලණුව වේගයෙන් කරකැවි දරුවාගේ ගෙළ සිරවිය හැකි ප්‍රවණතාවය වැඩියි. එහිදී දරුවාගේ උගුරු දණ්ඩ සිරවීමට ඇති ඉඩකඩ වැඩියි. දරුවකුට පාලනය කරගැනීමට අපහසුයි. වේගයෙන් ඔංචිල්ලාව කරකැවී අනෙත් අතට කරකැවෙන විට. ඒ නිසා ආරක්ෂිත ඔංචිල්ලාවක වැඩිහිටියන්ගේ අධීක්ෂණය යටතේ පුටුවල හැඩයට සදා ඇති ඔංචිල්ලාවක විය හැකි අනතුර අඩුයි. මවුපියන්ගේ අධීක්ෂණය නොමැති ඕනෑම අවස්ථාවක ඔංචිල්ලාව ගැට ගසා ඉහළක රඳවා දරුවන්ට සෙල්ලම් කිරීමට නොහැකි ස්ථානයක රඳවා තැබිය යුතුයි.

මෙවැනි අනතුරක් සිදුවූ වහාම අපේ මවුපියන් කලබල වීම නිසා දරුවාගේ ජීවිතය රැකගැනීමට කළ හැකි ප්‍රථමාධාර කටයුතු පවා අමතක වෙනවා. මෙවැනි අනතුරුවලට ලක්වූ වහාම දරුවාගේ ගෙළ සිර වී ඇති ලණුව කපා ඉවත් කොට දරුවා ලණුවේ ග්‍රහණයෙන් බුරුල් කිරීම ප්‍රථමයෙන් කළ යුතුයි. ඉන් අනතුරුව දරුවා බිම සමතලාව තබා පපුව තෙරපුම ආරම්භ කළ යුතුයි. වයස අවුරුදු එකත් අටත් අතර දරුවකු නම් එක් අතකින් පපුව තෙරපුම තිස් වාරයක් ලබාදිය යුතු අතර ඉන් අනතුරුව නහය වසා එක් වරකට දෙක බැගින් කටට කට තබා කෘත්‍රිම ශ්වසනය ලබාදිය යුතුය. මෙය රෝහලට ගෙන යනතුරු දිගින් දිගටම කළ යුතුය.

නහය වසා දෙවරක් කෘත්‍රිම ශ්වසනය ලබා දී ඉන් අනතුරුව දරුවාගේ ශ්වසන ක්‍රියාවලිය සිදු වනවා දැයි බැලිය යුතුය. මෙය අඛණ්ඩව කළ යුතු අතර ත්‍රීරෝද රථවල නොගොස් වෑන් රථයක දිගාකර තබාගෙන යා යුතුය. දරුවා ලණුවේ ග්‍රහණයෙන් මුදා ගත් පසු ඒ මොහොතේ සිටම අඛණ්ඩව ප්‍රතිජීවනය ක්‍රියාත්මක කළ යුතුය. මෙහිදී වඩා මතකයේ තබා ගත යුතු කරුණක් වන්නේ දරුවා වඩාගෙන ත්‍රීරෝද රථවල ගෙන යාමෙන් වැළකිය යුතුයි.

එමඟින් මොළයට ඔක්සිජන් සැපැයීම අඩපණ වීම නිසා මොළය මිය යා හැකිය. විශේෂයෙන් ඔංචිල්ලාවට ගෙල සිර වීමෙන් මොළයට ඔක්සිජන් සැපැයීම නතර වීම සිදු වුවහොත් විනාඩි දෙකක් තුළ මොළය මිය යෑම ආරම්භ විය හැකියි. හුස්ම නතර වුවහොත් මුල්ම බලපෑම ඇති වන්නේ මොළයට. මොළයේ සෛල මිය යෑමට පටන් ගන්නවා විනාඩි 12 ගතවුවහොත් සම්පූර්ණයෙන්ම මොළය මියයෑම සිදු වෙනවා. දරුවාගේ බෙල්ලේ කශේරුකාවලට බලපෑමක් විය හැකි නිසාත් ප්‍රවේශමෙන් පුළුවන් තරම් ඉක්මනින් දරුවා බිමට සමතලා කොට පපුව තෙරපුමත් කෘත්‍රිම ශ්වසනය දීමත් ඇරැඹිය යුතුයි.

ජාතික රෝහලේ
හදිසි අනතුරු ඒකකයේ
පුහුණු කිරිමේ
හෙද නිලධාරිනි
පුෂ්පා රම්‍යානි සොයිසා

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK