WATCH Live CRICKET Select A Channel

27 June 2014

ෂාරුක්ගේ රියදුරා දැරියක් දූෂණය කරයි



බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ගේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ බොලිවුඞ් නිළියකගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටි 17 හැවිරිදි දැරියක් සැකකරු විසින් දූෂණය කර ඇති බවයි.



ඉන්දියාවේ දුෂ්කර ප‍්‍රදේශයක් වන ලාටූර් ප‍්‍රදේශයේ සිට මුම්බායි නුවර බලා අදාළ දැරිය සිය රැකියාව සදහා පැමිණ ඇත්තේ මීට මාස 5 කට පමණ පෙරයි. ෂාරුක් ඛාන්ගේ නිවසේ ඉහළ වැටුපක් සහිත රැකියාවක් ලබාදෙන බව පවසා ඉකුත් 20 වනදා සැකකරු විසින් ඇය රැගෙන ගොස් ඇතැයි සදහන්.


පසුව ඔහු අදාළ දැරිය හෝටලයකට රැගෙන ගොස් දූෂණය සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මේ පිළිබදව කිසිවෙකුට දැනුම් නොදෙන ලෙසට සැකකරු අදාළ දැරියට තර්ජනය කර තිබෙනවා.


කෙසේවෙතත් පසුව ඇය තනිවම මුම්බායි වෙත පැමිණ පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි ඉන්දීය මාධ්‍යයන්හි සදහන්.34 හැවිරිදි රාජේන්ද්‍ර කුමාර් ගෞතම් නමැති සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් අනතුරුවයි.


මේ පිළිබද අදහස් දක්වා ඇති ෂාරුක් ඛාන්ගේ හිතවතෙකු පවසා ඇත්තේ සැකකාර රියදුරා සහ ෂාරුක්ගේ පවුලේ සාමාජිකයින් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK