WATCH Live CRICKET Select A Channel

27 June 2014

පාසල් පොතට SEX පාඩමක්


පාසල් විෂය නිර්දේශය සදහා ලිංගිකත්වය පිළිබද විශේෂ පාඩම් මාලාවක් ඇතුළත් කිරීම කෙරෙහි අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා. ඒ ජාතික ලිංගාශි‍්‍රත රෝග සහ ඒඞ්ස් මර්දන ඒකකය විසින් සිදුකරනු ලැබු ඉල්ලීමකට අනුවයි.



ඉකුත් සමයේ වයස අවුරුදු 15 ට වැඩි වයස් කාණ්ඩාවල පසුවන පාසල් සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඒඞ්ස් රෝගයට ගොදුරුවීම සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

ඒ අනුව මෙතෙක් සෞඛ්‍ය විෂය සදහා පමණක් ඇතුළත් කර තිබූ ප‍්‍රජනන සහ ලිංගිකත්වයට අදාළ පාඩම් විද්‍යා විෂයටද ඇතුළත් කිරීමටයි අවධානය යොමුවී ඇත්තේ. මෙම පාඩම් මාලාව හදුන්වාදීමට නියමිතව ඇත්තේ 10 ශ්‍රේණියට ඉහළ සිසුන් සදහායි.

එහි ඇති වැදගත්කම පිළිබද ජාතික ලිංගාශි‍්‍රත රෝග සහ ඒඞ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා අදහස් දැක්වුවා.

" දැනට සෞඛ්‍ය විෂයක් යටතේ කරන ප‍්‍රජනන සෞඛ්‍ය පාඩමට සහා මේ HIV එඞ්ස් වගේ දැනුවත් කිරීම් පාඩම 40 වගේ කරන්නේ.... ඒක නිසා විද්‍යා විෂයට ඇතුල් කර ගත්තොත් මම හිතන්නේ 100 කටම දැනුවත් කරලා ඔවුන්ගේ ඔවුන්ගෙන් තරුණවියේ සිදුවන සංකූලතා වලක්වා ගන්න පුළුවන්....

අධ්‍යාපන දෙපාර්තුමේන්තුව සහභාගීවන රැුස්වීම් කිහිපයකම මේ ගැන අවධාරණය කරලා ඔවුන්ගේ අවධානයට යොමුවෙලා තියනවා ඔවුන්ගේ විශයේ මාලා සංශෝදනයේ විද්‍යා විෂය තුලට ඇතුලත් කරන්න බොහෝ දුට ඇතුල් කරන්න ඉඩ තියනවා.... "


පාසල් සිසුන් ඒඞ්ස් රෝගයට ගොදුරුවීම වළක්වා ගැනීමේදී මෙම දැනුවත් කිරීම වැදගත් පියවරක් බවයි ඒ මහතා සදහන් කළේ.


" පසුගිය කාලයේ වාර්තා වුණු HIV වලට  ගොදුරු වූ අය අපිට පෙනී ගියා අවුරුදු 15 - 25 අතර වයස් කාණ්ඩයේ 25 ක් පමන HIV පොසිටිව් වෙලා තියනවා.... එසේ වෙන්නේ ලිංගික සම්බන්ධකම් තමයි HIV වැලඳිලා තියෙන්නේ....


ප‍්‍රදාන වශයෙන් පාසල් වල අවසන් වරසවල් වල ඉන්න අය ලිංගිකව පරිනත වෙලා තියෙන්නේ.... එයාලට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙනවානම් මේ වගේ රෝගවලට ගොදුරු වීම සහ අනවශ්‍ය ගැබ් ගැනීම් ඇතිවීම වලක්වා ගන්න පුළුවන් වෙනවා.. "

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK