WATCH Live CRICKET Select A Channel

11 June 2014

අපේ හපනෙකු හැදූ ලෝකයේ පළමු රළ නොනගින..


අපේ හපනෙකු හැදූ ලෝකයේ පළමු රළ නොනගින යාත්‍රාව බේරේ වැවේදී එළිදකී

මෙරට නව නිපැයුම්කරුවෙකු වන ඉන්ද්‍රසිරි කරුණාතිලක මහතාගේ සිහින සැබෑ කරමින් ඔහු විසින් නිපදවූ රළ නොනගින පරිසර හිතකාමී යාත‍්‍රාව කොමර්ෂල් බැංකුවේ සහයෝගය තුළින් පසුගියදා බේරේ වැවේදී දියත් කරන ලදී.

අඩි 12 ක දිගකින් යුක්ත පරිසර හිතකාමී ‘නදී යාත‍්‍රා’ නමින් නම්කළ මෙම යාත‍්‍රාවේ ගමන් කළ මුල්ම මගීන් අතර මෙරට අද්විතීය නව නිපැයුම්කරුවෙකු වූ දේශමාන්‍ය රේ විජේවර්ධන මහතාගේ පවුලේ සාමාජිකයින් විය. රේ විජේවර්ධන පදනම, ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සහ කොමර්ෂල් බැංකුව සමග එක්ව 2012 වසරේදී පැවැත්වූ ‘ද රේ’ නමින් නව නිපැයුම්කරුවන් වෙනුවෙන් පැවැත්වූ සම්මාන ප‍්‍රදානයේදී ජයග‍්‍රාහකයා බවට පත්වූයේ මෙම පරිසර හිතකාමී යාත‍්‍රාව නිපදවූ කරුණාතිලක මහතායි.
මෙම සම්මාන ප‍්‍රදානයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා වූ කොමර්ෂල් බැංකුව විසින් කරුණාතිලක මහතා විසින් නිපදවූ විශිෂ්ටතම නව නිපැයුම වන මෙම පරිසර හිතකාමී යාත‍්‍රාව වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කරන ලදී.
මේ අනුව, මෙම සහයෝගය තුළින් සිව් දෙනෙකුට අසුන්ගත හැකි අශ්වබල 15 ක ධාරිතාවයක මෝටරයකින් සමන්විත නිල් හා සුදු පැහැයෙන් යුතු මෙම යාත‍්‍රාව  නිළ වශයෙන් එළිදැක්වූ අතර එම අවස්ථාවට මෙම නව නිපැයුම සම්මානයට පාත‍්‍රවූ අවස්ථාවේ සිට එය වාණිජ නිර්මාණයක් කිරීම දක්වා සහයෝගය දැක්වූ රේ විජේවර්ධන පදනම, ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සහ කොමර්ෂල් බැංකුවේ නියෝජිතයින් සහභාගී විය. මෙම යාත‍්‍රාවේ සුවිශේෂීත්වය වන්නේ එය ගමන් කිරීමේදී රළ නොනගින නිසා ඒ මගින් ජලාශවල මෙන්ම ගංගාවල ඉවුරු ඛාදනය නොවීමයි.
වෘත්තියෙන් ගණකාධිකාරවරයෙකු වූ කරුණාතිලක මහතා කළු ගඟ ආශ‍්‍රිතව මගීන් සහ බඩු බාහිරාදිය ප‍්‍රවාහනය කිරීමේ තම මුත්තනුවන් සතු ව්‍යාපාරයෙහි උරුමකරු වූ අතර පරපුරෙන් තමන්ට ප‍්‍රවේණි ගත වූ මෙම ව්‍යාපාරය වර්තමානයේදී කරගෙන යෑමට හැකියාවක් නැත්තේ මෝටර් බෝට්ටු ධාවනය කිරීමේදී ඇතිවන ජල තරංග හේතුවෙන් ගං පතුලට සිදු වන හානි වැළැක්වීමට නීතියෙන් එවැනි බෝට්ටු ධාවනය තහනම් කර ඇති බැවිනි. මේ තහනමෙන් දිරිගැන්වුනු කරුණාතිලක මහතා ජල තරංග නොනංවා ධාවනය කළ හැකි සෘජුකෝණාස‍්‍රාකාර බඳක් සහිත බෝට්ටුවක් නිර්මාණය කළ අතර වේගවත් ධාවනයේදී නැගෙන කුඩා ජල රැලි පවා මෙහිදී අවම කෙරේ.
ඡායාරූපයේ දැක්වෙන්නේ ඉන්ද්රසිරි කරුණාතිලක මහතා සිය සම්මානලාභී පරිසරහිතකාමී බෝට්ටුව එළිදැක්වූ අවස්ථාවේදී එම බෝට්ටුවේ සිටින අයුරුයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK