WATCH Live CRICKET Select A Channel

05 June 2014

කලිසම අස්සේ කුරුළු කූඩුවක්

birdman
ගුවන් මගියකුගේ කලිසමක් ඇතුලේ සඟවාගෙන සිටි පැනි කුරුල්ලන් හා ෆින්ච් වර්ගයේ කුරුල්ලන් 66ක් කියබානු රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබේ. කියුබාවේ සිට ඇමෙරිකාව බලා යාමට සූදානම් වූ අවස්ථාවේදී මෙසේ ඔහු අත්අඩංගුවට පත්වී ඇත.  


කියුබාවේ අග්‍රොමොන්ටේ ගුවන් තොටුපලේ රේගු නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එයට පෙර ඔහු පවසා ඇත්තේ තම මුණුපුරාට පරෙවියෙකු සිය කලිසම තුල රැගෙන යන බවය. පසුව කලිසම ගලවා පරික්ෂා කිරීමේදී මෙම කුරුල්ලන් 66 දෙනා සොයා ගැනීමට හැකිවී ඇත.

එම කුරුල්ලන්ට චලනය වීමට නොහැකි අයුරින් ඔහුගේ කලිසමට කුරුල්ලන් අලවා තිබී ඇත. රේගු නිලධාරීන් විසින් කුරුල්ලන් සොයාගන්නා විට කුරුල්ලන් දෙදෙනෙකු මියගොස් සිට ඇත. 
birdman

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK