WATCH Live CRICKET Select A Channel

05 June 2014

ජර්මානු චාන්සලර්වරියට අපූරු ඇමතුමක්

02
ජර්මනියේ පැවති ප‍්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනකදී එරට චාන්සලවරිය වන ඇන්ජෙලා මර්කල්හට අපූරු දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.


ඒ, එම තරගයට සහභාගී වූ තරගකරුවෙකුගෙන්.

මෙම තරගයද ලොවපුරා රටවල් රැසක ක‍්‍රියාත්මක ‘‘ හූ වෝන්ට්ස් ටු බී අ මිලියනයර් ’’ නම් වු ජනප‍්‍රිය වැඩසටහනේ ආකෘතියට අනුව සැකසු එකක්.

ඊට සහභාගි වූ තරගකරුවෙකුට නැගෙනහිර ජර්මනිය සම්බන්ධයෙන් මතුවු ගැටළුවකට පිළිතුරු සෙවීමට ඔහු මිතුරෙකුට ඇමතීමේ උපකාරක අවස්ථාව ලබා ගත්තා.

එහිදී ඔහු විසින් අමතනු ලැබුවේ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාකෙල්ට වීම සියලුදෙනාගේ විමතියට හේතු වුණා.

එහෙත් එම ඇමතුමට ඇය ප‍්‍රතිචාර දක්වා නොමැති අතර පණිවුඩයක් තබන ලෙසට එහිදී පටිගත කළ හඩපටයක් ප‍්‍රචාරය වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් තරගකරුට යුරෝ එක් ලක්‍ෂ 25,000ක් දිනා ගැනිමෙන් අනතුරුව තරගයෙන් ඉවත්වීමට සිදුවුණා.


_75276616_752737930203Wolfgang Bosbach calling Angela Merkel

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK